“එම්බා මාගේ සෙනඟෙනි, සවන් දෙන්න. මම මෙය වදාරන්නෙමි. එම්බා ඉශ්රායෙල් ජනයෙනි, නුඹලාට විරුද්ධ ව මම සාක්ෂි දෙමි. මම දෙවිඳාණෝ ය; නුඹලාගේ දෙවිඳාණෝ ය.”
මීකා 6:3 - Sinhala New Revised Version 2018 “මාගේ සෙනඟෙනි, මම නුඹලාට කුමක් කෙළෙම් ද? මම කුමකින් නුඹලා වෙහෙසට පත් කෙළෙම් ද? මට පිළිතුරු දෙන්න. Sinhala New Revised Version “මාගේ සෙනඟෙනි, මම නුඹලාට කුමක් කෙළෙම් ද? මම කුමකින් නුඹලා වෙහෙසට පත් කෙළෙම් ද? මට පිළිතුරු දෙන්න. Sinhala Revised Old Version මාගේ සෙනඟෙනි, මම නුඹලාට කුමක් කෙළෙම්ද? කුමකින් නුඹ වෙහෙසුවෙම්ද? මට විරුද්ධව සාක්ෂි දෙන්න. |
“එම්බා මාගේ සෙනඟෙනි, සවන් දෙන්න. මම මෙය වදාරන්නෙමි. එම්බා ඉශ්රායෙල් ජනයෙනි, නුඹලාට විරුද්ධ ව මම සාක්ෂි දෙමි. මම දෙවිඳාණෝ ය; නුඹලාගේ දෙවිඳාණෝ ය.”
ඔබට විරුද්ධව, ඔබට පමණක් විරුද්ධ ව මම පව් කෙළෙමි; ඔබ හමුවෙහි මම නපුර කෙළෙමි. එබැවින් ඔබේ තීන්දුව සාධාරණ ය; ඔබේ විනිශ්චය යුක්ති සහගත ය.
අහෝ මාගේ සෙනඟෙනි! මා ඔබට විරුද්ධ ව අනතුරු අඟවන විට මට සවන් දෙන්න; අහෝ ඉශ්රායෙල්වරුනි! ඔබ මට සවන් දෙන්නහු නම්, කොපමණ යහපත් ද?
මාගේ මිදි වත්ත උදෙසා මා කළ දේට අමතර ව තවත් කිසිවක් කරන්නට තිබුණේ ද? එසේ නම්, හොඳ මිදි පල මා බලාපොරොත්තු වන නමුත්, එහි වල් මිදි පල හට ගන්නේ මන් ද?
මුළු ඉශ්රායෙල් ජනයෙනි, මා නුඹලාට කියන මේ දේට සවන් දෙන්න. මම ඉශ්රායෙල්වරුන්ට කාන්තාරයක් නොහොත් අන්ධකාර දේශයක් මෙන් වූයෙම් ද? එසේ නොවේ නම්, ‘අප නිදහස් ව ඇත; අපි ඔබ වෙත නොපැමිණෙන්නෙමු’යි මාගේ සෙනඟ කියන්නේ මන් ද?
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: නුඹලාගේ පියවරුන් මා වෙතින් ඈත් වී, නිවට දේව රූපවලට ඇදී ගොස්, නිවට බවට පත් වූයේ, මා කළ කුමන වරදක් නිසා ද?
මාගේ සෙනඟෙනි, මෝවබ්හි රජ වූ බාලාක් නුඹලාට විරුද්ධ ව කළ මන්ත්‍රණය කුමක් ද කියාත්, බෙයෝර්ගේ පුත් බාලාම් ඔහුට දුන් පිළිතුර කුමක් ද කියාත්, ෂිට්ටිම්හි සිට ගිල්ගාල් දක්වා සිදු වූයේ කුමක් ද කියාත් සමිඳුන්ගේ ධර්මිෂ්ඨකම දැනගන්න පිණිස සිහි කරන්න.”
ඉදින් ව්‍යවස්ථාවෙහි කියන ලද සියල්ල ම ව්‍යවස්ථාව යටතෙහි සිටින්නන්ට කියන ලද බව අපි දනිමුව. එසේ වන්නේ සියල්ලන්ගේ කටවල් පියවනු ලබන පිණිසත්, මුළු ලෝකයා දෙවියන් වහන්සේගේ විනිශ්චයට යටත් කරනු ලබන පිණිසත් ය.