ඔවුන්ගේ දේශය රන් රිදීවලින් පිරී ඇත. වස්තුවට නිමක් නැත. ඔවුන්ගේ දේශය අශ්වයන්ගෙන් පිරී ඇත. ඒ රථවාහනවල නිමක් නැත.
මීකා 5:10 - Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒ කාලයේ දී මම නුඹලාගේ අශ්වයන් පහකොට නුඹලාගේ රථ විනාශ කරන්නෙමි. Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒ කාලයේ දී මම නුඹලාගේ අශ්වයන් පහකොට නුඹලාගේ රථ විනාශ කරන්නෙමි. Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඒ කාලයෙහි මම නුඹ වෙතින් නුඹේ අශ්වයන් සිඳදමා, නුඹේ රථ විනාශකරන්නෙමි. |
ඔවුන්ගේ දේශය රන් රිදීවලින් පිරී ඇත. වස්තුවට නිමක් නැත. ඔවුන්ගේ දේශය අශ්වයන්ගෙන් පිරී ඇත. ඒ රථවාහනවල නිමක් නැත.
සැබැවින් ම හෙල් මුදුන්හි මායාව ද කඳු මුදුන්හි මධුපානෝත්සවය ද කරන සෙනඟගෙන් වත් අපට පිහිටක් නැත. ඉශ්රායෙල්ට සැබැවින් ම ගැළවීම ලැබෙන්නේ ස්වාමීන් වන දෙවියන් වහන්සේගෙන් ය.
එහෙත්, මම ජුදා වංශයට අනුකම්පා කරමි. ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වන මම ඔවුන් ගළවන්නෙමි. එසේ කරන්නේ දුන්නෙන් වත්, කඩුවෙන් වත්, යුද්ධයෙන් වත්, අශ්වයන්ගෙන් හෝ අසරුවන්ගෙන් වත් නොවේ ය”යි වදාළ සේක.
අප ගළවන්න අසිරියාවට නොහැකි ය: යුද්ධ රථ වාහනවලට අප ආරක්ෂා කළ නොහැකි ය. මින්පසු කිසි කලෙක අතින් තැනූ දේව රූප අමතා, ‘ඔබ අපේ දෙවියෝ ය’යි නොකියමු. ස්වාමීනි, අනාථ අයට ඔබ වහන්සේ දයානුකම්පාව දක්වන සේක.”
රාජ්‍යයන්ගේ සිහසුන් පෙරළාදමා, ජාතීන්ගේ ආණ්ඩු බලය නැති කරන්නෙමි. මම රථ සහ ඒවායේ නැඟී යන්නන් පෙරළා දමන්නෙමි, අශ්වයන් මරන්නෙමි. උන් පිට යන්නෝ එකිනෙකා තම තමා කඩුවෙන් මරාගනිති.’
මම එප්‍රායිම් කෙරෙන් රථය ද ජෙරුසලමෙන් අශ්වයන් ද සිඳදමන්නෙමි. යුද්ධ දුන්න ද කපා හරිනු ලැබේ. උන් වහන්සේ ජාතීන්ට සාමදානය ප්‍රකාශ කරන සේක. උන් වහන්සේගේ ආණ්ඩුව මුහුදෙන් මුහුදටත් යුප්‍රටීස් ගංගාවේ පටන් පොළොවේ සීමා දක්වාත් වන්නේ ය.
රජු සිය ප්‍රයෝජනයට බොහෝ අශ්වයන් සපයා නොගත යුතු ය. බොහෝ අශ්වයන් සපයාගැනීම සඳහා සෙනඟ ද මිසරයට නොයැවිය යුතු ය. මන්ද, ‘ඔබ හැම ඒ මාර්ගයෙන් ආපසු නොයා යුතු ය’යි සමිඳාණන් වහන්සේ වදාළ සේක.