එබැවින් මම ජුදාහි උත්තමයන්ට තරවටු කරමින්, “සබත් දවස කෙලෙසා, ඔබ කරන මේ නපුරු ක්‍රියාවේ තේරුම කුමක් ද?
මීකා 3:1 - Sinhala New Revised Version 2018 එවිට මම මෙසේ කීවෙමි: “ජාකොබ්ගේ නායකයෙනි, ඉශ්රායෙල්හි අධිපතියෙනි, සවන් දෙන්න. යුක්තියට ගරු කිරීම නුඹලා දැනගත යුතු නොවේ ද? Sinhala New Revised Version එවිට මම මෙසේ කීවෙමි: “ජාකොබ්ගේ නායකයෙනි, ඉශ්රායෙල්හි අධිපතියෙනි, සවන් දෙන්න. යුක්තියට ගරු කිරීම නුඹලා දැනගත යුතු නොවේ ද? Sinhala Revised Old Version තවද මම මෙසේ කීවෙමි: යාකොබ්ගේ ප්‍රධානියෙනි, ඉශ්‍රායෙල් වංශයේ ආණ්ඩුකාරයෙනි, අසන්න. විනිශ්චය දැනගැනීම නුඹලාගේ යුතුකමක් නොවේද? |
එබැවින් මම ජුදාහි උත්තමයන්ට තරවටු කරමින්, “සබත් දවස කෙලෙසා, ඔබ කරන මේ නපුරු ක්‍රියාවේ තේරුම කුමක් ද?
කෑම කන්නාක් මෙන් මාගේ සෙනඟ කා දමන, මා හට අයැදුම් නොකරන, අදමිටු මේ අයට සිහි නුවණ නැද් ද?
එම්බා ජෙරුසලම! ඔබේ ප්‍රධානීහු ද සෙනඟ ද සොදොමේ හා ගොමොරාවේ සිටි අය වැනි ය. සමිඳුන් වදාරන දේට සවන් දෙන්න. දෙවිඳුන් උගන්වන දේ සිතට ගන්න.
එසේ කිරීමෙන් නුඹලා දුප්පතුන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් ද යුක්තිය ද ලබාගැනීමට ඉඩ නොදෙන්නහු ය. වැන්දඹුවන්ගේත්, අනාථයන්ගේත් දේපළ පැහැරගන්නහු ය.
නුඹ සමඟ විසූ ඉශ්රායෙල් අධිපතීහු සියලු දෙන එක් කෙනෙකු වත් නෑර සිය බලය ලේ වගුරුවන පිණිස පාවිච්චි කළහ.
“මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල්වරුන්ගේ එඬේරුන්ට විරුද්ධ ව දිවැස් වැකි කියන්න. දිවැස් වැකි කියමින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි ඔවුන්ට එනම්, එඬේරුන්ට කියන්න. තමන් ම පෝෂණය කරගන්න ඉශ්රායෙල් එඬේරුනි, නුඹලාට වන විපතක මහත! නුඹලා බැටළුවන් පෝෂණය කළ යුතු නොවන්නහු ද?
නුඹලා කිරි බොන්නහු ය; ලෝම ඇඳුම් ඇඳගන්නහු ය; තර සතුන් මරා කන්නහු ය. එහෙත්, නුඹලා බැටළුවන් පෝෂණය නොකරන්නහු ය;
එවිට උන් වහන්සේ උත්තර දෙමින්, “ඉශ්රායෙල් සහ ජුදා සෙනඟගේ අපරාධ ඉමහත් ය; දේශය ලෙයින් පිරී තිබේ. නුවර ද අයුක්තියෙන් පිරී තිබේ. මන්ද, සමිඳාණන් වහන්සේ දේශය අත්හැරිය සේක’ කියා ද ‘උන් වහන්සේ නොදක්නා සේක’ කියා ද ඔව්හු කියති.
“පූජකයෙනි, මෙයට සවන් දෙන්න. ඉශ්රායෙල් වැසියෙනි, කන් දෙන්න. රජ පවුලට අයිති ඔබ හැම දෙනා ද සවන් දෙන්න. ඔබ පිට විනිශ්චය පැමිණෙනු ඇත; මන්ද, ඔබ මිශ්පාහි මලපතක් ද තාබොර් මත අතුරන ලද දැලක් ද වී ඇත;
සමාරිය කඳුකරේ සිටින තරබාරු එළදෙනුනි; දිළිඳුන් තළා පෙළා, අසරණයින්ට පීඩා කරන, ‘බොන්නට දෙයක් දෙන්න’ කියා සැමියන්ට අණ කරන ඔබ හැම මෙයට සවන් දෙන්න.
සියොන්හි සැප පහසුවෙන් කල් යවන, සමාරිය කඳුකරේ තමන් සුරක්ෂිත යයි සිතන, ඉශ්රායෙල් සෙනඟ උදව් පිණිස සොයා යන ප්‍රසිද්ධ ජාතීන්ගේ උත්තමයන් ලෙස සැලකෙන ඔබට වන විපතක මහත!
“දොරටුව බිඳින්නා ඔවුන්ට පෙරටුව යයි. ඔව්හු නගර දොරටු බිඳගෙන එයින් පිට වී යන්නෝ ය. ඔවුන්ගේ රජතුමාණන් වන සමිඳාණන් වහන්සේ ඔවුන්ට පෙරටුවෙන් යනු ඇත.”
මෙය මොන නින්දාවක් ද? ඇත්තට ම සහෝදරයන් අතර ආරාවුලක් විසඳීමට සමත් එක නැණවතෙක් වත් ඔබ අතර නැද් ද?
“දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන සෑම නගරයක් තුළ ම, ගෝත්‍රයක් ගෝත්‍රයක් පාසා විනිශ්චයකාරයන් සහ නිලධාරීන් පත් කළ යුතු ය. ඔවුන් ද සාධාරණ ලෙස සෙනඟ විනිශ්චය කළ යුතු ය.