Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එසකියෙල් 34:2 - Sinhala New Revised Version 2018

2 “මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල්වරුන්ගේ එඬේරුන්ට විරුද්ධ ව දිවැස් වැකි කියන්න. දිවැස් වැකි කියමින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි ඔවුන්ට එනම්, එඬේරුන්ට කියන්න. තමන් ම පෝෂණය කරගන්න ඉශ්රායෙල් එඬේරුනි, නුඹලාට වන විපතක මහත! නුඹලා බැටළුවන් පෝෂණය කළ යුතු නොවන්නහු ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 “මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල්වරුන්ගේ එඬේරුන්ට විරුද්ධ ව දිවැස් වැකි කියන්න. දිවැස් වැකි කියමින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි ඔවුන්ට එනම්, එඬේරුන්ට කියන්න. තමන් ම පෝෂණය කරගන්න ඉශ්රායෙල් එඬේරුනි, නුඹලාට වන විපතක මහත! නුඹලා බැටළුවන් පෝෂණය කළ යුතු නොවන්නහු ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල්ගේ එඬේරුන්ට විරුද්ධව අනාගතවාක්‍ය කියන්න. අනාගතවාක්‍ය කියමින්: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට, එනම් එඬේරුන්ට කියන්න. තමුන්ම පෝෂ්‍යකරගන්න ඉශ්‍රායෙල් එඬේරුන්ට දුක්වේ! එඬේරුන් විසින් බැටළුවන් පෝෂ්‍ය කළ යුතු නොවේද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 34:2
35 හුවමාරු යොමු  

පසු ගිය කාලයේ දී, සාවුල් අපේ රජ ව සිටි කාලයෙහි ඉශ්රායෙල්වරුන් සටනට ගෙන ගියේත්, ඔවුන් ආපසු ගෙනාවේත් ඔබ ම ය. සමිඳාණන් වහන්සේ ඔබට කතා කොට, ‘නුඹ මාගේ ඉශ්රායෙල් සෙනඟ පාලනය කරමින්, ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා වන්නෙහි ය’යි වදාළ සේකැ”යි කීවෝ ය.


එඬේරෙකු සේ එතුමාණෝ, තම රැළ පෝෂණය කරන සේක; දෑතින් බැටළු පැටවුන් වඩාගෙන, ළයෙහි උන් හොවාගෙන යන සේක; කිරි දෙන බැටළුදෙනුන්ට මඟපෙන්වන සේක.


ඔව්හු කිසිසේත් තෘප්තියට නොපැමිණෙන කෑදර බල්ලන් වැනි ය. ඔව්හු තේරුම්පැහැදුම් කිසිත් නැති එඬේරු වෙති. ඔව්හු එකිනෙකා තම තමාගේ වාසිය තකා හිතුමනාපයට ක්‍රියා කරති.


ජෙරමියා පිළිතුරු දෙමින් මෙසේ කී ය: “ඔබේ නායකයෝ මෝඩයෝ ය. ඔව්හු සමිඳාණන් වහන්සේගෙන් කරුණු නොවිමසති. ඔවුන් දියුණු නොවුණේ එබැවිනි. ඔවුන්ගේ බාරයේ සිටි සෙනඟ ද විසිර ගොස් ඇත.


එඬේරු බොහෝ දෙනෙක් මාගේ මිදි වත්ත නාස්ති කළෝ ය; මාගේ කෙත් පාගාදැමුවෝ ය; මාගේ ප්‍රියංකර දේශය පාළුකරයක් කළෝ ය.


පූජකයෝ, ‘සමිඳාණන් වහන්සේ කොහි දැ’යි කිසි විටක නොඇසූ හ. ව්‍යවස්ථාව සම්බන්ධ කටයුතුවල යෙදී සිටින්නෝ මා නොහැඳින සිටියෝ ය. පාලකයෝ ද මට විරුද්ධ ව කැරලි ගැසුවෝ ය. දිවැසිවරු බාල්ගේ නමින් කතා කරමින් වැඩක් නැති දේව රූපවලට නමස්කාර කළහ.”


“මාගේ තණ බිමේ පෝෂණය වන බැටළුවන් වනසා විසුරුවා හරින එඬේරුන් පිට සමිඳාණන් වහන්සේගෙන් පැමිණෙන විපතක මහත!


මට හිතවත් පාලකයන් නුඹලාට දෙන්නෙමි. ඔවුන් ප්‍රඥාවෙන් ද සිහි නුවණින් ද නුඹලා පෝෂණය කරනු ඇත.


බොරු බස් අසන මාගේ සෙනඟට නුඹලා බොරු කීමෙන් ද මරණය විඳින්න සුදුසු නැති අය මරමින් ද ජීවත් වීමට සුදුසු නැති අයට ජීවත් වීමට ඉඩ දෙමින් ද නුඹලා යව අහුරු හා රොටි කෑලි ලබාගැනීමට මාගේ සෙනඟ අතරේ මා කෙලෙසුවහු ය.


එහි වෙසෙන ප්‍රධානීහු වූකලී, ගොදුරු කොටගත් සතුන් ඉරමින් ගොරවන සිංහයන් වැනි ය. ඔව්හු මිනිසුන් කාදමා ඔවුන්ගේ වස්තු ද මැණික් ද පැහැරගෙන ඒ තුළ වැන්දඹුවන්ගේ ගණන වැඩි කර ඇත.


“මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් දේශයෙහි තිබෙන ඒ පාළු ඉඩම්වල වසන්නෝ කතා කොට, ‘ආබ්‍රහම් එක් කෙනෙකු ව සිටි නමුත්, ඔහුට දේශය උරුම විය. අපි වනාහි බොහෝ දෙනෙක් ය; දේශය ද උරුමයක් කොට අපට දී තිබේ ය’යි කියති.


තවද, සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:


හොඳ තෘණවලින් උන් පෝෂණය කරන්නෙමි. ඉශ්රායෙල් කඳුවල උස් තැන්හි උන්ගේ තණ බිම් වන්නේ ය. එහි හොඳ තණ බිම්වල උන් ලගිනු ඇත. ඉශ්රායෙල් කඳුවල උන් සාරවත් තණ කනු ඇත.


මම ම මාගේ බැටළුවන්ට එඬේරා වන්නෙමි; මම ම උන්ට ලගින්න තැනක් සොයා දෙන්නෙමි. මෙසේ වදාරන්නේ දෙවි ස්වාමීන් වහන්සේ ය.


සුඛෝපභෝගී කදිම යහන්වල හාන්සිවන, කවිච්චිවල දිගා වී සිටින්න ප්‍රිය කරන, වහු මස් හා එළු මස් කාදමන ඔබට වන විපතක මහත!


රැළ අත්හැර ගිය ඒ පලක් නැති එඬේරාට වන විපතක මහත! යුද්ධය කරණකොටගෙන ඔහුගේ අතට සහ දකුණු ඇසට පහර වැදෙන්නේ ය. ඔහුගේ අත් වියළී යන්නේ ය; ඇස් ද අන්ධ වන්නේ ය.”


මට පළමුව ආ සියල්ලෝ ම සොරු ද කොල්ලකන්නෝ ද වෙති. බැටළුවෝ ඔවුන්ට ඇහුම්කන් නුදුන්හ.


එහෙයින් ඔබ අතරෙන් කිසිවෙකු විනාශයට පත් වුවහොත්, ඒ ගැන මා වගකිවයුත්තකු නොවන බව තරයේ ප්‍රකාශ කරමි.


මා ගියායින් පසු, රැළට අනුකම්පා නොකරන, රෞද්‍ර වෘකයන් ඔබ අතරට පැමිණෙන බව දනිමි.


එබඳු අය අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුන් වහන්සේට නොව, උදරයට සේවය කරති; මිහිරි ඉව්චා බසින් අහිංසක අය මුළා කරති.


මම දැන් තුන් වන වරටත් ඔබ වෙත එන්නට සූදානම් ව සිටිමි. එහෙත් මම ඔබට බරක් නොවෙමි. මට වුවමනා ව තිබෙන්නේ ඔබේ දේපළ නොව, ඔබ ම ය. එසේ කියන්නේ දරුවන් දෙමවුපියන් උදෙසා නොව, දෙමවුපියන් දරුවන් උදෙසා මුදල් ඉතිරි කළ යුතු බැවිනි.


ඔවුන්ගේ තණ්හාව නිසා ඔව්හු වංචනික ඉගැන්වීම්වලින්, ඔබ වෙළඳ බඩු බවට පත් කරගන්නෝ ය. ඔවුන්ගේ විනිශ්චය පුරාණයේ සිට ම පැවත එයි. එය අවලංගු වී නැත. ඔවුන්ගේ විනාශකයා නොනිඳා සිටියි.


ඔව්හු ඔබගේ ප්‍රේම මංගල්‍ය වලට අශෝභන කැළලකි; විළිබිය නැති ව කෑම්බීම්වල යෙදී තමන් ම පෝෂණය කරගන්න එඬේරුන් වැනි ය; සුළඟින් ගසාගෙන යන වතුර නැති වලාකුළු වැනි ය; මුලින් උදුරා දැමූ, වියළී මැරී ගිය, පල නැති, සරත් කාලයේ ගස් වැනි ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්