ඔහු මෝවබ්වරුන්ටත් පහර දී, ඔවුන්ට බිම දිගා වන්නට සලස්වා ලණුවකින් මැන්නේ ය. මරණයට පත් කිරීමට පේළි දෙකක් ද ඉතුරු කරන පිණිස එක සම්පූර්ණ පේළියක් ද මැන වෙන් කෙළේ ය. මෙසේ මෝවබ්වරු දාවිත්ට මෙහෙකරුවන් වී කප්පම් ගෙවූ හ.
මීකා 1:14 - Sinhala New Revised Version 2018 එබැවින් දැන් නුඹලා මෝරෙෂෙත්-ගාත් නගරයට වෙන් වී යෑමේ ත්‍යාග දිය යුතු ය. අක්සීබ් වංශය ඉශ්රායෙල් රජවරුන්ට මලපතක් වන්නේ ය. Sinhala New Revised Version එබැවින් දැන් නුඹලා මෝරෙෂෙත්-ගාත් නගරයට වෙන් වී යෑමේ ත්‍යාග දිය යුතු ය. අක්සීබ් වංශය ඉශ්රායෙල් රජවරුන්ට මලපතක් වන්නේ ය. Sinhala Revised Old Version එබැවින් නුඹ මෝරෙෂත්-ගාත්ට අත්ඇරීම් පත්‍රයක් දෙනවා ඇත. අක්සීබ් වංශ ඉශ්‍රායෙල් රජුන්ට රැවටිල්ලක් වන්නේය. |
ඔහු මෝවබ්වරුන්ටත් පහර දී, ඔවුන්ට බිම දිගා වන්නට සලස්වා ලණුවකින් මැන්නේ ය. මරණයට පත් කිරීමට පේළි දෙකක් ද ඉතුරු කරන පිණිස එක සම්පූර්ණ පේළියක් ද මැන වෙන් කෙළේ ය. මෙසේ මෝවබ්වරු දාවිත්ට මෙහෙකරුවන් වී කප්පම් ගෙවූ හ.
තවද, ආහාස් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහිත්, රජ ගෙදර ගබඩාවලත් තිබුණු රන් රිදී රැගෙන අසිරියාවේ රජුට තෑග්ගක් වශයෙන් යැවී ය.
පහළ පෙළේ අය සුළං රොදකි; ඉහළ පෙළේ අය මායාවකි; කිරා බලන විට දෙපක්ෂය ම සැහැල්ලු ය. සුළං රොදකටත් වඩා සැහැල්ලු ය.
දකුණු දිග පාළුකරයේ මෘගයන් ගැන දෙවිඳුන්ගේ පණිවුඩය මෙසේ ය: “සිංහයන් ද විසකුරු සර්පයන් ද ඉගිලෙන ගිනි සර්පයන් ද සිටින භයානක දේශයක් මැදින් තානාපතීහු ගමන් කරති. ඔව්හු කොටළුවන් ද ඔටුවන් ද පිට අනර්ඝ වටිනා තෑගි බෝග පටවාගෙන ඔවුන්ට පිහිට උපකාර දිය නොහැකි ජාතියක් වෙත යති.
මාගේ වේදනාවට කෙළවරක් නැත්තේ මන් ද? මාගේ තුවාළ අසාධ්‍ය ව තිබෙන්නේ මන් ද? ඒවා සුව නොවන්නේ මන් ද? ඔබ දිය සිඳී යන රැවටලිකාර දිය පාරක් මෙන් වන සේක් ද?”