Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මීකා 1:14 - Sinhala Revised Old Version

14 එබැවින් නුඹ මෝරෙෂත්-ගාත්ට අත්ඇරීම් පත්‍රයක් දෙනවා ඇත. අක්සීබ් වංශ ඉශ්‍රායෙල් රජුන්ට රැවටිල්ලක් වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 එබැවින් දැන් නුඹලා මෝරෙෂෙත්-ගාත් නගරයට වෙන් වී යෑමේ ත්‍යාග දිය යුතු ය. අක්සීබ් වංශය ඉශ්රායෙල් රජවරුන්ට මලපතක් වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 එබැවින් දැන් නුඹලා මෝරෙෂෙත්-ගාත් නගරයට වෙන් වී යෑමේ ත්‍යාග දිය යුතු ය. අක්සීබ් වංශය ඉශ්රායෙල් රජවරුන්ට මලපතක් වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මීකා 1:14
10 හුවමාරු යොමු  

කෙයිලාද අක්ශිබ්ද මරේෂාද යන නුවරවල් නවය සහ ඒවායේ ගම්ද යන මේවාය.


තවද ආහාස් ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහිත් රජගෙදර ගබඩාවලත් තිබුණු රන් රිදී රැගෙන අෂූර්හි රජුට තෑග්ගක් කොට ඇරියේය.


මාගේ වේදනාව නිතරම තිබෙන්නෙත් මාගේ තුවාලය අසාධ්‍යව තිබෙන්නෙත් මක්නිසාද? ඒක සුවවෙන්නේම නැත. සැබවින්ම ඔබ මට වතුර සිදීයන අවිශ්වාස ඔයක් මෙන් සිටිනසේක්ද?


දකුණු දිසාවේ මෘගයන් ගැන දිව්‍ය ප්‍රකාශනයය. සිංහධේනුවද සිංහයාද පොළඟාද ඉගිලෙන ගිනි සර්පයාද සිටින්නාවූ, විපතද තද දුෂ්කරයද ඇත්තාවූ දේශය මැදින් ඔව්හු තමුන්ගේ සම්පත් තරුණ කොටළුවන්ගේ කර පිටද තමුන්ගේ වස්තු ඔටුවන්ගේ මොල්ලී පිටද තබා තමුන්ට ප්‍රයෝජන නොවන සෙනඟක් ළඟට ගෙනයති.


සැබවින් අධමයෝ නිෂ්ඵලකමය, උත්තමයෝද බොරුවක්ය. තරාදියෙහි දැමුවොත් ඔවුන් ඉහළට යනවා ඇත; ඔව්හු එක්වූවත් නිෂ්ඵලකමට වඩා සැහැල්ලුය.


ඔහු මෝවබ්වරුන්ටත් පහරදී, ඔවුන් බිම දිගාවෙන්ට සලස්වා, ලනුවකින් මැන්නේය; මරණ පිණිස පේළි දෙකක්ද ඉතුරුකරන පිණිස එක සම්පූර්ණ පේළියක්ද මැන්නේය. මෙසේ මෝවබ්වරු දාවිත්ට මෙහෙකරුවෝ ව කප්පන් ගෙනාවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්