පිලිප්පි 3:18 - Sinhala New Revised Version 2018 මන්ද, මා බොහෝ වර ඔබට කියා ඇති ලෙසත්, දැන් කඳුළු හලමින් කියන ලෙසත්, බොහෝ දෙනෙක් ක්‍රිස්තුන් වහන්සේගේ කුරුසියේ සතුරන් මෙන් හැසිරෙති. Sinhala New Revised Version මන්ද, මා බොහෝ වර ඔබට කියා ඇති ලෙසත්, දැන් කඳුළු හලමින් කියන ලෙසත්, බොහෝ දෙනෙක් ක්‍රිස්තුන් වහන්සේගේ කුරුසියේ සතුරන් මෙන් හැසිරෙති. සිංහල කාලීන පරිවර්තනය මන්ද නිතර ඔබට කියා ඇති සේ, දැන් යළි කඳුළින් ද යුතුව මා ඔබට කියන්නේ, බොහෝ දෙනකු ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසියේ සතුරන්ව ජීවත් වන බවයි. Sinhala Revised Old Version මක්නිසාද, මා නුඹලාට බොහෝ වර කී ලෙසත්, දැනුත් අඬමින් කියන ලෙසත්, බොහෝදෙනෙක් ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසියට සතුරෝව හැසිරෙති. |
සෙනඟ යන මාර්ගයෙහි නොයන ලෙස සමිඳාණන් වහන්සේ තමන් මහත් බලයෙන් මට දැනුමැතිකම් දෙමින් මෙසේ වදාළ සේක:
ඔබ සවන් නොදෙන්නහු නම්, ඔබේ අහංකාරය නිසා මම රහසිගත ව හඬමි. සමිඳුන්ගේ සෙනඟ වහල්කමට ගෙනයනු ලැබූ නිසා මම හඬා වැලපෙමි. බොහෝ සෙයින් කඳුළු වගුරන්නෙමි.
අහෝ! මැරුම් කෑ මාගේ සෙනඟ ගැන දිවා රෑ දෙක්හි හැඬීමට මාගේ හිස පොකුණක් ද මාගේ ඇස් කඳුළු උල්පතක් ද වූවොත් මම කැමැති ය.
පූජකවරයා ඔහු මෙසේ සෝදිසි කොට තඩිස්සිය හමේ පැතිර ගොස් ඇත්නම්, ඔහු ඒ තැනැත්තා අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. එය බෝවෙන චර්ම රෝගයක් වේ.
මම සියලු ආකාර යටහත්පහත්කමින් ද ශෝකයෙන් ද ජුදෙව්වරුන්ගේ උපායයන් නිසා පැමිණි දුෂ්කරතාවලින් ද යුක්ත ව සමිඳාණන් වහන්සේට සේවය කෙළෙමි.
කුරුසියේ පණිවුඩය, විනාශ වන අයට විකාර දෙඩුමකි. එහෙත් විමුක්තිය ලබන අපට එය දෙවියන් වහන්සේගේ බලය වේ.
අධර්මිෂ්ඨයන් දෙවියන් වහන්සේගේ රාජ්‍යය උරුම කරගන්නේ නැති බව ඔබ දන්නේ නැද් ද? නොරැවටෙන්න. අනාචාරකම් කරන්නෝ වත්, රූප වඳින්නෝ වත්, කාමමිථ්‍යාචාරිකයෝ වත්, සම ලිංගික සේවනයේ යෙදෙන්නෝ වත්,
එබඳු අය ව්‍යාජ අපෝස්තුළුවරු ය, ක්‍රිස්තුන් වහන්සේගේ අපෝස්තුළුවරු මෙන් වෙස් වළාගත් වංචනික සේවකයෝ ය.
යමෙක් දුර්වල නම් ඒ දුර්වලකම මටත් නොදැනේ ද? යමෙක් පාපයට වැටුණොත් මම සංවේගයෙන් නොදැවෙම් ද?
මහා දුකින් ද සිත් තැවුලින් ද කඳුළු සලමින් ද මා ඔබට ලිව්වේ, ඔබට සිත් වේදනා දීමට නොව ඔබට ඇති මාගේ ප්‍රේමය කෙතරම් අධික දැ යි ඔබ වටහාගන්නා පිණිස ය.
වෙන සුබ අස්නක් නම් නැත. එහෙත් මා එසේ කියන්නේ ඔබ කළඹා ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්න අවුල් කරන ඇතැමුන් සිටින නිසා ය.
එහෙත් ඔවුන්ගේ හැසිරීම සුබ අස්නේ සත්‍යයට පටහැනි බව දුටු මම මුළු සමූහයා ඉදිරියේ පේදුරුට මෙසේ කීවෙමි. “ඔබ ජුදෙව්වරයෙකු වන නමුත්, ජුදෙව්වරයෙකු සේ නොව, විජාතිකයෙකු සේ ජීවත් වූවෙහි ය. එසේ නම් විජාතීන් ජුදෙව්වරුන් සේ ජීවත් විය යුතු යයි ඔබ ඔවුන්ට බල කරන්නේ කෙසේ ද?”
දෙවියන් වහන්සේගේ කරුණාව නිෂ්ප්‍රභ නොකරමි. මන්ද, ව්‍යවස්ථාව මඟින් දමිටු බව ඇතිකර ගත හැකි නම් ක්‍රිස්තුන් වහන්සේගේ මරණයේ තේරුමක් නැත.
වෛරය, බීමත්කම, මධු සාද උත්සව හා එවැනි තවත් දේ ය. මෙබඳු දේ කරන්නන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි උරුම නොලැබෙන බව මම පෙර කී ලෙස ම, දැනුත් කියමි.
මාංසික ලකුණක් අනුව තම උතුම්කම පෙන්වීමට කැමැති අය චර්මඡේදනය ලබන්න ඔබට බල කරති. එසේ කරන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ කුරුසිය නිසා ඇති වන පීඩාවලින් වළකින පිණිස පමණක් ය.
එහෙත් මම නම් අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ කුරුසිය ගැන මිස අන් කිසිවක් ගැන පාරට්ටු කර නොගනිමි. මන්ද, කුරුසිය කරණකොටගෙන ලෝකය ගැන මාගේ ආශාව ද, මා ගැන ලෝකයාගේ ආශාව ද මැරුණා හා සමාන ය.
එබැවින්, සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මම තදින් ම ඔබට මෙසේ කියමි: පුහු අදහස් ඇති මිසදිටුවන් මෙන් තවත් නොහැසිරෙන්න.
මේ කාරණයේ දී කිසිවෙකු තම සහෝදරයා රවටා, වාසියක් නොගත යුතු ය. මන්ද, අප ඔබට කලින් කියා තදින් අවවාද කළ ලෙස, මෙබඳු අයට සමිඳාණන් වහන්සේ විපාක දෙන සේක.
ඔබෙන් සමහරෙකු කිසි වැඩක් නොකර, අනුන්ගේ කාරණාවලට ඇඟිලි ගසමින් අලසකමින් හැසිරෙන බව අපට සැළ වී ඇත.
විශේෂයෙන් ශාරීරික ලෙස අපිරිසිදුකමේ තෘෂ්ණාව අනුව හැසිරෙන්නන්ට ද ආධිපත්‍යයට අපහාස කරන්නන්ට ද උන් වහන්සේ එසේ කරන සේක. සාහසික අහංකාරී මොවුහු, ස්වර්ගයේ උත්තමයන්ට නින්දා කිරීමට බිය නොවෙති.
ඔව්හු, ස්වකීය නින්දාව නමැති පෙණ දමන මුහුදේ, රෞද්‍ර තරංග වැනි ය; ඒ මේ අත දුවන තාරකා වැනි ය. තික්ත කළුවර තැනක් ඔවුන්ට සදහට ම නියම කොට ඇත.