ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




පිලිප්පි 2:16 - Sinhala New Revised Version 2018

ඔවුන් අතර ජීවන පණිවුඩය ප්‍රදානය කරමින්, අඳුරු ලෝකයක දීප්තිමත් තාරකා මෙන් බබළන්නහු ය. ඔබ එසේ කළොත්, ‘මම නිෂ්ඵල ලෙස නොදිව්වෙමි, නිෂ්ඵල ලෙස වීර්ය නොකෙළෙමි’යි ක්‍රිස්තුන් වහන්සේගේ දවසේ දී ඔබ ගැන මට පාරට්ටු කරගත හැකි වේ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔවුන් අතර ජීවන පණිවුඩය ප්‍රදානය කරමින්, අඳුරු ලෝකයක දීප්තිමත් තාරකා මෙන් බබළන්නහු ය. ඔබ එසේ කළොත්, ‘මම නිෂ්ඵල ලෙස නොදිව්වෙමි, නිෂ්ඵල ලෙස වීර්ය නොකෙළෙමි’යි ක්‍රිස්තුන් වහන්සේගේ දවසේ දී ඔබ ගැන මට පාරට්ටු කරගත හැකි වේ.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

මෙසේ, මාගේ දිවීම හෝ මා දැරූ වෙහෙස නිෂ්ඵල නො වීය කියා ක්‍රිස්තුස්වහන්සේගේ දවසේදී මට උදම් ඇනිය හැකි වනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මෙසේ, මම නිෂ්ඵලලෙස නොදිවීමි, නිෂ්ඵලලෙස වීර්ය නොකෙළෙමියි කියා ක්‍රිස්තුස්වහන්සේගේ දවසේදී මට පාරට්ටුවක් ඇතිවන්නේය.

පරිච්ඡේදය බලන්න



පිලිප්පි 2:16
24 හුවමාරු යොමු  

සමිඳුනි, ඔබට වඳින පිරිස් මැද, ඔබේ ගැළවීමේ ක්‍රියා වර්ණනා කෙළෙමි. නොනවත්වා එය තවත් වර්ණනා කරන බව ඔබ දන්න සේක.


අනේ දෙවිඳුනි! මාගේ තරුණ වියේ සිට ඔබ මට උගන්වා වදාළ සේක. මම අද දක්වා ඔබේ පුදුමාකාර ක්‍රියා වර්ණනා කෙළෙමි.


මම කතා කරමින්, “මම නිකරුණේ වෙහෙසුණෙමි; මාගේ මුළු ශක්තිය යෙදූ නමුත්, කිසිවක් අත්පත් කර නොගතිමි”යි කීවෙමි. එසේ වුව ද, මාගේ විනිශ්චයය සමිඳුන් අතේ ඇති බවත්, මාගේ විපාකය දෙවිඳුන් අතේ ඇති බවත් මට සහතික ය.


මා විසින් ඔබට අඳුරේ දී පවසන ලද දෙය ඔබ දවාලේ දී කියන්න. ඔබේ කනට රහසින් ඇසෙන දෙය, ගෙමුදුන්වලින් ප්‍රකාශ කරන්න.


“තවද යමෙක් මනුෂ්‍යයන් අබිමුවෙහි මා පිළිගත් බවට සාක්ෂි දරන්නේ ද, මනුෂ්‍ය-පුත්‍රයාණෝත් දෙවියන් වහන්සේගේ දූතයන් අබිමුවෙහි ඔහු පිළිගත් බවට සාක්ෂි දරන සේක.


ජීවනය දෙන්නේ ආත්මය වේ. මාංසයෙන් කිසි ප්‍රයෝජනයක් නැත. මා ඔබට වදාළ වචන ආත්මය ද ජීවනය ද වෙයි.


සීමොන් පේදුරු පිළිතුරු දෙමින්, “ස්වාමීනි, අප කවරෙකු වෙතට යන්න ද? සදාතන ජීවනයේ වචන ඇත්තේ ඔබ වහන්සේ වෙත ය.


“සහෝදරයෙනි, ආබ්‍රහම් වංශයේ පුත්‍රයෙනි, දේවභය ඇති සියල්ලෙනි, මේ ගැළවීමේ පණිවුඩය ඔබ සඳහා ය.


අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ විනිශ්චය දිනයේ දී ඔබ නිදොස් ව සිටින පිණිස උන් වහන්සේ අන්තිමය දක්වා ඔබ ස්ථීර කරන සේක.


එහෙයින් මා දුවන්නේ දිනුම් කණුව දෙස නොබලා දුවන්නෙකු මෙන් නොවේ. පහර දෙන්නේ සුළඟට පහර දෙන මල්ලව ක්‍රීඩකයෙකු මෙන් නොවේ.


එහෙත් අප ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ විනිශ්චය දවසේ දී, අප ඔබ ගැන ආඩම්බර වන සේ ඔබටත් අප ගැන ආඩම්බර වීමට හැකි වන බව ඔබ මුළුමනින් ම තේරුම්ගනු ඇතැ යි මම බලාපොරොත්තු වෙමි.


මා එසේ ගියේ, මට දේව මඟ පෙන්වීමක් ලැබුණු බැවිනි. මා විජාතීන්ට දේශනා කළ සුබ අස්න එහි සිටි ප්‍රධානීන් ඉදිරියෙහි රහසිගත ව තැබීමි. එසේ කළේ මා පෙර කළ, දැන් කරන, සේවය නිෂ්ප්‍රභ නොවන පිණිස ය.


සමහර විට ඔබ උදෙසා මා දැරූ වෙහෙස නිෂ්ඵල වී දැ යි ඔබ ගැන මට බියක් ඇත.


ක්‍රිස්තුන් වහන්සේගේ දවස දක්වා අවංක ව හා නිදොස් ව සිටීමට ඔබට හැකි වේ වා.


ඔබ තුළ යහපත් කාර්යයක් ඇරඹු උන් වහන්සේ, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ පැමිණීමේ දවස දක්වා එය සම්පූර්ණ කරනු ඇතැ යි මම ඒකාන්තයෙන් ම විශ්වාස කරමි.


අපගේ ජේසුස් ස්වාමීන් වහන්සේගේ ආගමනයේ දී, උන් වහන්සේ ඉදිරියෙහි අපගේ බලාපොරොත්තුවත්, ප්‍රීතියත් ප්‍රෞඪ කිරීටයත් කවරෙක් ද? ඔබ ම නොවන්නහු ද?


මේ කරුණ තවදුරටත් ඉවසාගත නොහැකි ව, පරීක්ෂාකාරයා සමහර විට ඔබ පරීක්ෂා කර, අපගේ සේවය නිෂ්ප්‍රභා කර ඇද්දැ යි බිය වී ඔබගේ ඇදහිල්ල ගැන සොයා බැලීමට ඔහු ඔබ වෙත එවීමි.


දෙවියන් වහන්සේගේ වචනය ජීවමාන ය; ක්‍රියාශීලී ය; දෙමුවහත් කඩුවකටත් වඩා තියුණු ය; ආත්මය ප්‍රාණයෙන් ද, සන්ධි ඇටමිදුලුවලින් ද වෙන් කරන තරම් විනිවිද යන්නේ ය; සිතේ සිතුවිලි ද අරමුණු ද විමසන්නේ ය.


ඔබ නැවත උත්පාද කරනු ලැබුවේ දිරා යන බීජයකින් නොව, දෙවියන් වහන්සේගේ ජීවමාන, සදාතන වචනය නමැති දිරා නොයන බීජයෙන් ය.


මූලාරම්භයේ පටන් වූ ජීවනයේ ධර්මයාණන් ගැන අපි ඔබට ලියමු. අපි උන් වහන්සේ කනින් ඇසීමු, අපේ ඇස්වලින් දුටිමු; දැක බලා, අපේ අත්වලින් ස්පර්ශ කෙළෙමු.


ආත්මයාණන් වහන්සේ ද මනාලිය ද “එන්නැ”යි කියති. අසන්නෝ ද, “එන්නැ”යි කියත් වා! පිපාසය ඇත්තෝ ද එත් වා! කැමැති කෙනෙක් ජීවන පැන් නොමිලයේ ගනිත් වා!