මල්කම් හා ලියකම් කළ සළුවෙන් සැරසී, ඈ රජු වෙත එන්නී ය. ඇගේ යෙහෙළියෝ ද රජු වෙත ගෙනෙනු ලබන්නෝ ය.
ප්‍රේම ගී 8:13 - Sinhala New Revised Version 2018 උයන්වල සිටින තැනැත්තිය, මාගේ මිතුරෝ ඔබේ හඬට සවන් දෙති. එය මට අසන්න ලැබේ වා! Sinhala New Revised Version උයන්වල සිටින තැනැත්තිය, මාගේ මිතුරෝ ඔබේ හඬට සවන් දෙති. එය මට අසන්න ලැබේ වා! Sinhala Revised Old Version උයන්වල වසන තැනැත්තිය, යහළුවෝ නුඹේ හඬට ඇහුම්කන්දෙති. ඒක මට අසන්ට ලැබේවා. |
මල්කම් හා ලියකම් කළ සළුවෙන් සැරසී, ඈ රජු වෙත එන්නී ය. ඇගේ යෙහෙළියෝ ද රජු වෙත ගෙනෙනු ලබන්නෝ ය.
මාගේ ප්‍රියාදර සොඳුර, මට මේ දේ කියන්න: ඔබේ බැටළු රැළ කවන්න ගෙනයන්නේ කොතැනට ද? ඉර මුදුන් වේලේ උන් ලග්ගන්නේ කොහේ ද? අන් එඬේරුන්ගේ පට්ටි අතරේ ඔබ සොයන්න මට ඇති උවමනාව කුමක් ද?
එම්බා උතුරු සුළඟ, පිබිදෙන්න; දකුණු සුළඟ, එන්න. මාගේ උයනේ සුවඳ විහිද යන පිණිස ඊට උඩින් හමා යන්න. මාගේ පෙම්වතා තමාගේ උයනට අවුත් තමාගේ අනර්ඝ ඵල අනුභව කරා වා!
මම මිටියාවතේ ගස් කොළන් බලන පිණිසත්, මිදි වැල් දලු ලෑවේ ද කියාත්, දෙළුම් ගස්වල මල් පිපුණේ ද කියාත් බලන පිණිසත් කොට්ටම්බා උයනට බැස ගියෙමි.
මා පෙම්වතා උයන්වල බැටළු රැළ කවන පිණිසත්, මානෙල් මල් නෙළා ගන්න පිණිසත් තම උයනෙහි සුවඳ පැළ ඇති පාත්තිවලට ගියේ ය.
මට ම අයිති මිදි වත්තක් තිබේ. සලමොන්, ඔබට දහසක් ද එහි ඵල බලාගන්නන්ට දෙසියයක් ද දෙනු ලැබේ වා!
මන්ද, යම් තැනක දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් හෝ මාගේ නාමයෙන් රැස් ව සිටිත් ද එතැන ඔවුන් මැද මමත් වැඩ සිටිමි.”
මා ඔබට අණ කළ සියල්ල රක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න. මම ද යුගාන්තය දක්වා සදහට ම ඔබ හා සමඟ සිටිමි”යි වදාළ සේක.
ඔබ මා තුළ සිටින්නහු නම්, මාගේ වචන ඔබ තුළ පවතී නම්, ඔබ කැමැති දෙයක් අයැදින්න; එය ඔබට දෙනු ලැබේ;
මේ වනතෙක් ඔබ මාගේ නාමයෙන් කිසිවක් ඉල්ලා නැත. ඉල්ලන්න, ඔබට ලැබේ; මෙසේ ඔබගේ ප්‍රීතිය පූර්ණ වන්නේ ය.”
ඔහු ද ඈට, “යන්නැ”යි කියා ඈ දෙමසකට පිටත් කර යැව්වේ ය. ඈ ඇගේ යෙහෙළියන් සමඟ කඳුකරයට ගොස් ඇගේ කන්‍යාභාවය ගැන වැලපුණා ය.