ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ප්‍රේම ගී 3:8 - Sinhala New Revised Version 2018

ඔව්හු සියල්ලෝ කඩු හරඹයෙහි දක්ෂයෝ ය. සටනෙහි පළ පුරුද්ද ඇත්තෝ ය. රැයේ ඇති විය හැකි ප්‍රහාර නිසා එකිනෙකා තම තමාගේ කඩුව කලවයේ බැඳගෙන සිටිති.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔව්හු සියල්ලෝ කඩු හරඹයෙහි දක්ෂයෝ ය. සටනෙහි පළ පුරුද්ද ඇත්තෝ ය. රැයේ ඇති විය හැකි ප්‍රහාර නිසා එකිනෙකා තම තමාගේ කඩුව කලවයේ බැඳගෙන සිටිති.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔවුන් සියල්ලෝ කඩුගත් යුද්ධ දක්ෂයෝය. රාත්‍රියෙහි භය නිසා එකිනෙකා තම තමාගේ කඩුව කළවයේ බැඳගෙන සිටියි.

පරිච්ඡේදය බලන්න



ප්‍රේම ගී 3:8
13 හුවමාරු යොමු  

එතැන් පටන් මාගේ සේවකයන්ගෙන් දෙකෙන් කොටසක් වැඩවල යෙදී සිටියෝ ය. කොටසක් හෙල්ල ද පලිස් ද දුනු ද යුද්ධ සැට්ට ද රැගෙන සිටියෝ ය. අධිපතියෝ ද පවුර ගොඩනැඟීම කළ මුළු ජුදා සෙනඟගේ වැඩ පරිපාලනය කළෝ ය.


බර උසුලාගෙන යන අය එක අතකින් වැඩ කරමින්, අනික් අතින් ආයුධයක් රැගෙන සිටියෝ ය.


ප්‍රතාපවත් නිරිඳුනි, ඔබේ මඟුල් කඩුව ඉඟටියෙහි බැඳගන්න; ඔබ වික්‍රමාන්විත ය; තේජාන්විත ය.


රෑ කාලයේ ඇති වන බියට වත්, දවාලේ ඊ පහරින් වන උවදුරට වත් ඔබ බිය නොවන්නෙහි ය.


බලන්න; ඒ දෝලාවක නැඟී එන සලමොන් රජු ය. ඉශ්රායෙල් බලවතුන්ගේ බලවත්තු සැටදෙනෙක් එය පිරිවරා සිටිති.


සලමොන් රජු තමන්ට සාදාගත් දෝලාව ලෙබනොන්හි ලීවලින් සාදන ලදී.


“එහි රැකවරණයාණෝ සමිඳාණන් වන මම ය. මම එය ජලයෙන් නිතර සාරවත් කරන්නෙමි. කිසිවෙකු එයට හානි නොකරන පිණිස මම එය මුර කරන්නෙමි.


මන්ද, මම උතුරු දේශයෙන් බලවත් ජාතීන් රැසක් බබිලෝනියට විරුද්ධ ව පොළඹවා ගෙනෙන්නෙමි. ඔවුන් බබිලෝනියට විරුද්ධ ව සැරසී සිට එය අල්ලාගනු ඇත. ඔවුන් විදින ඊගස කවදාවත් හිස් අතින් ආපසු නොඑන දක්ෂ වීරයන් මෙන් ඒවායේ ඉලක්කය නොවරදවන්නේ ය.


ඔහු රියනක් දිග දෙමුවහත් කඩුවක් සාදාගෙන එය තමාගේ දකුණු කලවයෙහි ඇඳුම් යට බැඳගෙන ගොස්