ප්‍රේම ගී 3:10 - Sinhala New Revised Version 2018 එහි කණු රිදීයෙන් ද එහි වහල රනින් ද සාදන ලදී. එහි ආසන ජෙරුසලම් කාන්තාවන් විසින් ආදරයෙන් වියන ලද රත්නිල් රෙදිවලින් වසා ඇත. Sinhala New Revised Version එහි කණු රිදීයෙන් ද එහි වහල රනින් ද සාදන ලදී. එහි ආසන ජෙරුසලම් කාන්තාවන් විසින් ආදරයෙන් වියන ලද රත්නිල් රෙදිවලින් වසා ඇත. Sinhala Revised Old Version එහි කණු රිදීයෙන්ද එහි පතුළ රනින්ද, එහි ආසනය රත්නිල් රෙදිවලින්ද සෑදීය, එහි ඇතුළත යෙරුසලමේ දූවරුන්ගේ ප්‍රේම ලකුණෙන් සරසනලද්දේය. |
ජෙරුසලම් වනිතාවෙනි, මා කේදාර් කූඩාරම් මෙන් කළු නමුත් රූප සම්පන්න ය; සලමොන්ගේ මාලිගාවේ තිර මෙන් ශෝභන ය.
අප උදෙසා ඇති දෙවියන් වහන්සේගේ ප්‍රේමය ප්‍රත්‍යක්ෂ වන්නේ අප පව්කාරයන් ව සිටිය දී ම ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා දිවි පිදූ බැවිනි.
මළවුන්ගෙන් උත්ථාන වූ කුලුඳුලාත්, මිහි පිට රජුන්ගේ අධිපතියාත් වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් ද, ඔබට කරුණාව හා ශාන්තිය වේ වා! උන් වහන්සේ අපට ප්‍රේම කරන සේක; සිය යාගික රුධිරයෙන් අප පවින් මිදූ සේක.
ජයග්‍රාහකයා මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි කණුවක් කරන්නෙමි. ඔහු එතැනින් කිසි කලෙක පිටත නොයන්නේ ය. මාගේ දෙවියන් වහන්සේගේ නාමය ද, මාගේ දෙවියන් වහන්සේ කෙරෙන් ස්වර්ගයෙන් බසින නව ජෙරුසලම වන මාගේ දෙවියන් වහන්සේගේ නගරයේ නාමය ද, මාගේ ම අලුත් නාමය ද ඔහු පිට කැටයම් කරන්නෙමි.