මා පෙම්වතා මා පියයුරු අතරේ හෙවී සිටින විට සුවඳලාටුවල සුවඳ ඇත්තේ ය.
මාගේ ප්‍රේමවන්තයා මට මාගේ පියයුරු අතරේ තිබෙන සුවඳලාටු පොදියක් හා සමානය.
එවිට ඔවුන්ගේ පියා වන ඉශ්රායෙල්, එනම් ජාකොබ්, ඔවුන් අමතමින්, “දැන් ඉතින් එලෙස විය යුතු ම නම්, මෙය ද කරන්න; අපේ රටේ ඇති ඉස්තරම් දේවල් වන ගුගුල් ටිකක් හා මී පැණි ටිකක් ද කුළු බඩු හා ගන්ධරස ද ඇට වර්ග හා කොට්ටම්බා ද ඔබේ පොදිවල දමාගෙන ඒ මිනිසාට තෑග්ගක් වශයෙන් ගෙන යන්න.
ඔබේ රාජකීය වස්ත්‍රවලින් සඳුන්, කපුරු, කස්තුරි සුවඳ විහිදෙයි. ඇත්දත් මාලිගාවල සංගීතකරුවෝ ඔබ මන පිනවති.
ජෙරුසලම් වනිතාවෙනි, ඔබ අප දෙදෙනා අතර ඇති ප්‍රේමයට බාධා නොකරන බවට කුඹුරේ දෙවි දේවතාවන්ගේ නාමයෙන් දිවුරන්න.
“ජෙරුසලම් වනිතාවෙනි, ඔබ අප දෙදෙන අතර ඇති ප්‍රේමයට බාධා නොකරන බවට කෙතේ දෙවි දේවතාවන්ගේ නාමයෙන් දිවුරා මට පොරොන්දු වන්න.”
ගන්ධ රස හා තුවරලාත්, වෙළෙන්දාගේ සියලු සුවඳ විලවුනුත් රැගෙන, දුම් කණු මෙන් කාන්තාරයෙන් නැඟී එන මේ තැනැත්තිය කවරෙක් ද?
ජටාමාංශ හා කුංකුමත්, වදකහ සහ කුරුඳුත්, සෑම තුවරලා ගසුත්, ගන්ධරස හා අගිල් ද සෑම ප්‍රධාන සුවඳ ද්‍රව්‍ය ද දරන ගසුත් එහි වැඩෙන්නේ ය.
එම්බා උතුරු සුළඟ, පිබිදෙන්න; දකුණු සුළඟ, එන්න. මාගේ උයනේ සුවඳ විහිද යන පිණිස ඊට උඩින් හමා යන්න. මාගේ පෙම්වතා තමාගේ උයනට අවුත් තමාගේ අනර්ඝ ඵල අනුභව කරා වා!
දවාල සිසිල් වී සෙවණැලි පහ ව යන තුරු, මම ගන්ධ රස කන්දටත්, තුවරලා හෙලටත් යන්නෙමි.
මා සොහොයුරිය, මා මනාලිය, මම මාගේ උයනට අවුත්, මාගේ ගන්ධරස හා සුවඳ ද්‍රව්‍ය රැස් කරගතිමි. මී වදේ සමඟ මී පැණි කෑවෙමි. කිරි සමඟ මුද්‍රික පානය බීවෙමි. මිත්‍රයෙනි, කන්න; ප්‍රිය තැනැත්තෙනි, බොන්න. එසේ ය, ප්‍රේමයෙන් මත් වන තෙක් බොන්න.
ඔහුගේ දෙකොපුල් සුවඳ ගස් පාත්තියක් ද සුවඳ පැළ ඇති පස් කඳු ද මෙන් ය. ඔහුගේ දෙතොල් මානෙල් මෙනි; දියර ගන්ධරස එයින් වෑස්සෙන්නේ ය.
මා පෙම්වතාට දොර අරින්න මම නැඟිට්ටෙමි. දොරේ අගුල ඇල්ලූ විට ගන්ධරසය මාගේ අත්වල ද දියර ගන්ධරස මාගේ ඇඟිලිවල ද තැවරිණි.
මීට කලින් දිනෙක උන් වහන්සේ වෙත රාත්‍රියෙහි පැමිණි නිකොදේමුස් ද, කිලෝග්‍රෑම් තිහක් පමණ බර ගන්ධරස හා අගිල් මිශ්‍රණයක් ගෙන ආයේ ය.
ඇදහිල්ල කරණකොටගෙන ක්‍රිස්තුන් වහන්සේ ඔබේ සිත් තුළ වාසය කරන පිණිස ද, යාච්ඤා කරමි. තවද, ප්‍රේමයේ මුල් බැස, ස්ථිර ව පිහිටා සිටින පිණිස ද, යාච්ඤා කරමි.