මීට විරුද්ධ වූයේ, අසාහෙල්ගේ පුත් ජොනතන් ද තික්වාගේ පුත් ජාසෙයා ද පමණක් ය. මෙෂුල්ලාම් ද ලෙවීය වූ ෂබ්බෙතයි ද ඔවුන්ට සහාය දුන්හ.
නෙහෙමියා 3:6 - Sinhala New Revised Version 2018 පාසේයාගේ පුත් ජෝයාදා ද බෙසෝදෙයාගේ පුත් මෙෂුල්ලාම් ද පරණ දොරටුව අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය. ඔව්හු එහි බාල්ක පිහිටුවා, එහි දොරවල් හා තහඩු ද අගුල් ද සවි කළෝ ය. Sinhala New Revised Version පාසේයාගේ පුත් ජෝයාදා ද බෙසෝදෙයාගේ පුත් මෙෂුල්ලාම් ද පරණ දොරටුව අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය. ඔව්හු එහි බාල්ක පිහිටුවා, එහි දොරවල් හා තහඩු ද අගුල් ද සවි කළෝ ය. Sinhala Revised Old Version පරණ දොරටුව පාසේයාගේ පුත්‍රවූ යෝයාදාද බෙසෝදෙයාගේ පුත්‍රවූ මෙෂුල්ලාම්ද අලුත්වැඩියාකළෝය, ඔව්හු ඒකේ බාල්ක පිහිටුවා, ඒකේ දොරවල් හා තහඩුද අගුළ්ද තැබුවෝය. |
මීට විරුද්ධ වූයේ, අසාහෙල්ගේ පුත් ජොනතන් ද තික්වාගේ පුත් ජාසෙයා ද පමණක් ය. මෙෂුල්ලාම් ද ලෙවීය වූ ෂබ්බෙතයි ද ඔවුන්ට සහාය දුන්හ.
එප්‍රායිම් දොරටුව උඩිනුත්, පුරාණ දොරටුව ළඟිනුත්, මත්ස්‍ය දොරටුව ද හනනේල්ගේ කොත සහ හම්මෙයාගේ කොත ළඟිනුත් බැටළු දොරටුව දක්වා ගොස් මුර දොරටුව ළඟ නැවතුණෙමු.
ඔහුට පසු ව තෙකෝවරු එය අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය. එහෙත්, ඔවුන්ගේ නායකයෝ තමන්ගේ ස්වාමීන්ගේ සේවයට කරගසන්නට කැමැති නුවූ හ.