Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 12:39 - Sinhala New Revised Version 2018

39 එප්‍රායිම් දොරටුව උඩිනුත්, පුරාණ දොරටුව ළඟිනුත්, මත්ස්‍ය දොරටුව ද හනනේල්ගේ කොත සහ හම්මෙයාගේ කොත ළඟිනුත් බැටළු දොරටුව දක්වා ගොස් මුර දොරටුව ළඟ නැවතුණෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

39 එප්‍රායිම් දොරටුව උඩිනුත්, පුරාණ දොරටුව ළඟිනුත්, මත්ස්‍ය දොරටුව ද හනනේල්ගේ කොත සහ හම්මෙයාගේ කොත ළඟිනුත් බැටළු දොරටුව දක්වා ගොස් මුර දොරටුව ළඟ නැවතුණෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

39 එප්‍රායිම් දොරටුවට උඩිනුත් පුරාණ දොරටුව ළඟිනුත් මත්ස්‍ය-දොරටුවද හනනේල්ගේ කොත සහ හම්මෙයාගේ කොත ළඟිනුත් බැටළු-දොරටුව දක්වා ගොස්, හිරගෙයි දොරටුව ළඟ නැවතුණෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 12:39
12 හුවමාරු යොමු  

එකල උත්තම පූජකයා වූ එලියාෂිබ් තෙම පූජකයන් වූ ඔහුගේ සහෝදරයන් සමඟ වැඩ අරඹා බැටළු දොරටුව යළි ගොඩනඟා, උළුවහු යොදා, එහි දොරවල් සවි කොට, හම්මේයාගේ කොත ද හනනේල්ගේ කොත ද දක්වා පවුර ගොඩනැඟුවේ ය.


එබැවින් සෙනඟ ගොස් ඒවා ගෙනවුත් එක් එක්කෙනා තම තමාගේ පියස්ස උඩත්, තමන්ගේ මිදුල්වලත්, දෙවියන් වහන්සේගේ මාලිගාවේ මිදුල්වලත්, වතුර දොරටුව චතුරශ්‍රයේත්, එප්‍රායිම් දොරටුවේ එළිමහනේත් පැල්පත් සාදාගත්තෝ ය.


පාසේයාගේ පුත් ජෝයාදා ද බෙසෝදෙයාගේ පුත් මෙෂුල්ලාම් ද පරණ දොරටුව අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය. ඔව්හු එහි බාල්ක පිහිටුවා, එහි දොරවල් හා තහඩු ද අගුල් ද සවි කළෝ ය.


මත්ස්‍ය දොරටුව හස්සෙනායාගේ පුත්‍රයෝ ගොඩනැඟුවෝ ය. ඔව්හු එහි බාල්ක පිහිටුවා එහි දොරවල් හා තහඩු ද අගුල් ද සවි කළහ.


ඌසයිගේ පුත් පාලාල් පවුරු කොතත්, හිරගෙයි මිදුල ළඟ ඉහළ රජ ගෙදරට ඉදිරිපිටින් තිබෙන කොතත් අලුත්වැඩියා කෙළේ ය. ඔහුට පසු ව පරොෂ්ගේ පුත් පෙදායා අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය.


ඉශ්රායෙල් රජ වන ජෙහෝවාෂ් අහසියාගේ පුත් ජෙහෝවාෂ්ගේ පුත්‍රයා වන ජුදාහි රජ වන අමශියා බෙත්-ෂෙමෙෂ්හි දී අල්ලාගෙන ජෙරුසලමට අවුත්, එප්‍රායිම් දොරටුවේ සිට කොනේ දොරටුව දක්වා ජෙරුසලමේ පවුරෙන් මීටර් දෙසියයක් බිඳදමා,


ජෙරුසලමෙහි බැටළු දොරටුව ළඟ, හෙබ්‍රෙව් බසින් ‘බෙතෙස්දා’ යයි නම් ලත් පොකුණක් විය. එය අවට ද්වාර මණ්ඩප පහක් විය.


“ඒ දවසේ දී ‘මත්ස්‍ය ද්වාරයේ’ ඝෝෂාවක් ද නගරයේ දෙ වන කොටසින් කෑමොරගැසීමක් ද කඳුවලින් මහා ශබ්දයක් ද නුඹලාට ඇසෙනු ඇත.


ඒ කාලයේ දී බබිලෝනියේ රජුගේ සේනාව ජෙරුසලම වටලාගෙන සිටියේ ය. දිවැසිවර ජෙරමියා ජුදා රජුගේ ගෙදර පිහිටි හිරගෙයි මළුවේ හිරඅඬස්සි වී සිටියේ ය.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “හනනෙල්ගේ කොත පටන් කොනේ දොරටුව දක්වා සමිඳාණන් වහන්සේ උදෙසා නගරයක් ගොඩනඟනු ලබන දවස් පැමිණෙන්නේ ය.


මෙසේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ ගායක කණ්ඩායම් දෙක ද මා සමඟ මුලාදෑනීන්ගෙන් කොටසක් ද නළා ඇති ව


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්