ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නෙහෙමියා 3:4 - Sinhala New Revised Version 2018

ඔවුන්ට පසු ව හක්කොශ්ගේ පුත් උරියාගේ පුත්‍රයා වන මෙරේමොත් පවුර අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය. ඔහුට පසු ව මෙෂේශබෙල්ගේ පුත් බෙරෙකියාගේ පුත්‍රයා වන මෙෂුල්ලාම් එය අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය. ඔහුට පසු ව බානාගේ පුත්‍ර ශාදොක් අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔවුන්ට පසු ව හක්කොශ්ගේ පුත් උරියාගේ පුත්‍රයා වන මෙරේමොත් පවුර අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය. ඔහුට පසු ව මෙෂේශබෙල්ගේ පුත් බෙරෙකියාගේ පුත්‍රයා වන මෙෂුල්ලාම් එය අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය. ඔහුට පසු ව බානාගේ පුත්‍ර ශාදොක් අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔවුන් ගාව හක්කොශ්ගේ පුත්‍රවූ උරියාගේ පුත්‍රයා වන මෙරේමොත් අලුත්වැඩියාකෙළේය. ඔවුන් ගාව මෙෂේසබෙල්ගේ පුත්‍රවූ බෙරෙකියාගේ පුත්‍රයා වන මෙෂුල්ලාම් අලුත්වැඩියාකෙළේය. ඔවුන් ගාව බානාගේ පුත්‍රවූ ශාදොක් අලුත්වාඩියාකෙළේය.

පරිච්ඡේදය බලන්න



නෙහෙමියා 3:4
11 හුවමාරු යොමු  

පූජකයන්ගේ පුත්‍රයන්ගෙන් හබායාගේ පුත්‍රයෝත්, හක්කොශ්ගේ පුත්‍රයෝත්, ගිලියදීය බර්ශල්ලයිගේ දූවරුන්ගෙන් භාර්යාවක පාවාගෙන ඔවුන්ගේ නාමය ලැබූ බර්සිල්ලයිගේ පුත්‍රයෝත් ය.


සතර වන දා ඒ රිදී ද රන් ද භාජන ද පූජක උරියාගේ පුත් මෙරේමොත් අතට අපේ දෙවියන් වහන්සේගේ මාලිගාව තුළ දී කිරා දෙන ලද්දේ ය.


බුන්නී ද අශ්ගාද් ද බේබයි ද;


මෙෂේශබයෙල් ද ශාදොක් ද ජද්දුවා ද;


මෙෂුල්ලාම් ද අබියා ද මියාමින් ද;


ඔහුට පසු ව හක්කොශ්ගේ පුත් උරියාගේ පුත්‍රයා වන මෙරේමොත් එලියාෂිබ්ගේ ගෙයි දොරකඩ පටන් එලියාෂිබ්ගේ ගෙයි කෙළවර දක්වා තව කොටසක් අලුත්වැඩියා කෙළේ ය.


මත්ස්‍ය දොරටුව හස්සෙනායාගේ පුත්‍රයෝ ගොඩනැඟුවෝ ය. ඔව්හු එහි බාල්ක පිහිටුවා එහි දොරවල් හා තහඩු ද අගුල් ද සවි කළහ.


ඔහුට පසු ව ෂෙලෙමියාගේ පුත් හනනියා ද ශාලාප්ගේ ස වන පුත්‍රයා වූ හානුන් ද තව කොටසක් අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය. ඔවුන්ට පසු ව බෙරෙකියාගේ පුත් මෙෂුල්ලාම් තමාගේ ගෙය ඉදිරිපිට කොටස අලුත්වැඩියා කෙළේ ය.


ඔහුට පසු ව තෙකෝවරු එය අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය. එහෙත්, ඔවුන්ගේ නායකයෝ තමන්ගේ ස්වාමීන්ගේ සේවයට කරගසන්නට කැමැති නුවූ හ.


කුමක් නිසා ද ඔහු ආරාගේ පුත් ෂෙකනියාගේ බෑණා නිසාත්, ඔහුගේ පුත් ජෝහානාන් බෙරෙකියාගේ පුත් මෙෂුල්ලාම්ගේ දුව පාවාගෙන සිටි නිසාත්, ජුදාහි බොහෝ දෙනෙක් ඔහු සමඟ දිවුරුමකින් බැඳී සිටියෝ ය.


පූජකයන්ගෙන් හබායාගේ පුත්‍රයෝත්, හක්කොශ්ගේ පුත්‍රයෝත් ගිලියදිය බර්ශල්ලයිගේ දූවරුන්ගෙන් භාර්යාවක පාවාගෙන ඔවුන්ගේ නාමය ලැබූ බර්සිල්ලයිගේ පුත්‍රයෝත් ය.