ඔවුන්ට කතා කොට මෙසේ කීවේ ය: “ලෙවීවරුනි, මට සවන් දෙන්න; ඔබ දැන් පවිත්‍ර වී, ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාවත් පවිත්‍ර කොට, ශුද්ධස්ථානයෙන් අපවිත්‍රකම පහකරන්න.
නෙහෙමියා 13:9 - Sinhala New Revised Version 2018 ඉන්පසු ඒ කාමරය පිරිසිදු කරන ලෙස ද දෙවියන් වහන්සේගේ මාලිගාවේ භාණ්ඩ ද ආහාර පූජා ද තුවරලා ද නැවත එහි තබන ලෙස ද අණ කෙළෙමි. Sinhala New Revised Version ඉන්පසු ඒ කාමරය පිරිසිදු කරන ලෙස ද දෙවියන් වහන්සේගේ මාලිගාවේ භාණ්ඩ ද ආහාර පූජා ද තුවරලා ද නැවත එහි තබන ලෙස ද අණ කෙළෙමි. Sinhala Revised Old Version එවිට මාගේ ආඥාව පිට ඔව්හු ඇතුල් ගෙවල් පිරිසිදුකළෝය. තවද දෙවියන්වහන්සේගේ ගෘහයේ භාණ්ඩද ආහාර පූජාද තුවරලාද මම නැවත එතැනට ගෙනායෙමි. |
ඔවුන්ට කතා කොට මෙසේ කීවේ ය: “ලෙවීවරුනි, මට සවන් දෙන්න; ඔබ දැන් පවිත්‍ර වී, ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාවත් පවිත්‍ර කොට, ශුද්ධස්ථානයෙන් අපවිත්‍රකම පහකරන්න.
අපේ අනාපු පිටිවලින් ප්‍රථම ඒවා ද අපේ පිළිගැන්වීමේ පූජා ද සියලු ආකාර ගස්වල පල ද මුද්‍රික යුස හා තෙල් ද අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ ඇතුළු ගෙවල පූජකයන් වෙත ද අපේ සියලු ගොවිතැන් නුවරවල දසයෙන් කොටසක් ලෙවීවරුන්ට නියම බැවින් අපේ බිම්වල අස්වැන්නෙන් දසයෙන් කොටසක් ලෙවීවරුන් වෙත ද ගෙනෙන හැටියටත්,
ඔව්හු ද ගායකයෝ ද දොරටු පාලකයෝ ද දාවිත්ගේ සහ ඔහුගේ පුත් සලමොන්ගේ ආඥාව ලෙස තමන්ගේ දෙවියන් වහන්සේට නියම පූජා විධි ද පවිත්‍ර වීම පිළිබඳ නියම වත්පිළිවෙත් ද පැවැත්වූ හ.
ප්‍රවේශ ශාලාවේ කණු ළඟ කාමරයක් ද එහි දොරකඩක් ද තිබුණේ ය. එය තිබුණේ එහි දවන පූජාව සෝදන පිණිස ය.