ඒ නිසා නිලධාරීන්ට කතා කර, “දෙවියන් වහන්සේගේ මාලිගාව පාළු වී ඇත්තේ මන් ද?” කියා තරවටු කෙළෙමි. මම ඔවුන් රැස් කරවා, ඔවුන්ගේ තනතුරුවලට ඔවුන් පත් කෙළෙමි.
නෙහෙමියා 13:17 - Sinhala New Revised Version 2018 එබැවින් මම ජුදාහි උත්තමයන්ට තරවටු කරමින්, “සබත් දවස කෙලෙසා, ඔබ කරන මේ නපුරු ක්‍රියාවේ තේරුම කුමක් ද? Sinhala New Revised Version එබැවින් මම ජුදාහි උත්තමයන්ට තරවටු කරමින්, “සබත් දවස කෙලෙසා, ඔබ කරන මේ නපුරු ක්‍රියාවේ තේරුම කුමක් ද? Sinhala Revised Old Version එබැවින් මම යූදාහි උත්තමයන්ට තරවටුකරමින්: සබත් දවස දූෂ්‍යකොට නුඹලා කරන මේ නපුරු ක්‍රියාව මොකද? |
ඒ නිසා නිලධාරීන්ට කතා කර, “දෙවියන් වහන්සේගේ මාලිගාව පාළු වී ඇත්තේ මන් ද?” කියා තරවටු කෙළෙමි. මම ඔවුන් රැස් කරවා, ඔවුන්ගේ තනතුරුවලට ඔවුන් පත් කෙළෙමි.
ජෙරුසලමේ විසූ තීර්වරු මාළු සහ සියලු ආකාර බඩු ගෙනවුත් ජුදාහි සෙනඟට පමණක් නොව, ජෙරුසලමෙහිත් සබත් දවසේ දී වික්කෝ ය.
මම ඔවුන්ට තරවටු කර, සාප කර, ඔවුන්ගෙන් සමහරෙකුට ගසා, ඔවුන්ගේ හිසකේ උගුලා, “ඔබේ දූවරු ඔවුන්ගේ පුත්‍රයන්ට පාවාදෙන්න වත් ඔබේ පුත්‍රයන් හෝ ඔබ ඔවුන්ගේ දූවරුන් පාවාගන්න වත් එපාය” කියා දෙවියන් වහන්සේ නමින් දිවුරන්නට සැලැසුවෙමි.
මම මේ ගැන හොඳට කල්පනා කළ පසු, නායකයන්ට ද නිලධාරීන්ට ද තරවටු කර, “ඔබ එක එකා තම තමාගේ සහෝදරයාගෙන් පොළී ගන්නවා නොවේ දැ”යි ඔවුන්ගෙන් ඇසුවෙමි. මම ඔවුන්ට විරුද්ධ ව මහා සමූහයක් රැස් කරවා ඔවුන්ට කතා කොට,
එම්බා ජෙරුසලම! ඔබේ ප්‍රධානීහු ද සෙනඟ ද සොදොමේ හා ගොමොරාවේ සිටි අය වැනි ය. සමිඳුන් වදාරන දේට සවන් දෙන්න. දෙවිඳුන් උගන්වන දේ සිතට ගන්න.
රජුට හා මවු බිසවට කතා කරමින්, “කිරුළු හිසින් ගිලිහී වැටී ඇති නිසා සිහසුනින් බැස පහතට එන්නැ”යි සමිඳාණෝ වදාළ සේක.
මම උත්තමයන් වෙත ගොස් ඔවුන්ට කතා කරන්නෙමි. මන්ද, ඔව්හු සමිඳාණන් වහන්සේගේ මාර්ගය ද තමන්ගේ දෙවියන් වහන්සේගේ ආඥා ද දනිති.” එහෙත්, ඔව්හු සියල්ලෝ ම සමිඳාණන් වහන්සේගේ ආධිපත්‍යය ප්‍රතික්ෂේප කර උන් වහන්සේට කීකරු වීමට අකමැති වූ හ.
එහෙත්, ඉශ්රායෙල් වංශය කාන්තාරයේ දී මට විරුද්ධ ව කැරලිගසා, මාගේ ආඥා අනුව නොහැසිර, මාගේ පනත් ප්‍රතික්ෂේප කළෝ ය. ඒවා ප්‍රතික්ෂේප නොකර, ඒවා පිළිපැදීමෙන් මිනිසුන්ට ජීවනය ලැබෙනු ඇත. ඔව්හු මාගේ සබත් දවස් ද බොහෝ සෙයින් කෙලෙසුවෝ ය. එවිට ඔවුන් නැති කර දැමීමට කාන්තාරයේ දී මාගේ කෝපය ඔවුන් පිට වගුරුවන්නට සිතුවෙමි.
“නුඹේ සහෝදරයාට විරුද්ධ ව හිතේ ක්‍රෝධය තබා නොගත යුතු ය. අසල්වැසියාගේ වරදක් ඇත්නම්, නොසඟවා ඔහුට කිව යුතු ය. එවිට ඔහු නිසා නුඹ පාපයට නොවැටෙනු ඇත.
එවිට මම මෙසේ කීවෙමි: “ජාකොබ්ගේ නායකයෙනි, ඉශ්රායෙල්හි අධිපතියෙනි, සවන් දෙන්න. යුක්තියට ගරු කිරීම නුඹලා දැනගත යුතු නොවේ ද?
යුක්තිය පිළිකුල් කරන, ඇත්ත නැත්ත කරන ජාකොබ්ගේ වංශයේ නායකයෙනි, ඉශ්රායෙල් වංශයේ අධිපතියෙනි, මට සවන් දෙන්න.