නෙහෙමියා 12:31 - Sinhala New Revised Version 2018 එවිට මම ජුදාහි අධිපතීන් පවුර පිටට නඟින්නට සලස්වා, ස්තුති කිරීමටත්, පෙරහරින් යාමටත් මහා කණ්ඩායම් දෙකක් නියම කෙළෙමි. එයින් එකක් දකුණට පවුර පිට කසළ දොරටුව දෙසට ගියේ ය. Sinhala New Revised Version එවිට මම ජුදාහි අධිපතීන් පවුර පිටට නඟින්නට සලස්වා, ස්තුති කිරීමටත්, පෙරහරින් යාමටත් මහා කණ්ඩායම් දෙකක් නියම කෙළෙමි. එයින් එකක් දකුණට පවුර පිට කසළ දොරටුව දෙසට ගියේ ය. Sinhala Revised Old Version එවිට මම යූදාහි අධිපතීන් පවුර පිටට නගින්ට සලස්වා, ස්තුතිකිරීමටත් පෙරහරින් යාමටත් මහත් කණ්ඩායම් දෙකක් නියමකෙළෙමි; එයින් එකක් දකුණට පවුර පිට කසළ දොරටුව දෙසට ගියේය. |
දාවිත් ඉශ්රායෙල්හි සියලු අධිපතීන් වන ගෝත්‍රවල අධිපතීන් ද රජුට සේවය කළ කාණ්ඩවල අධිපතීන් ද සහශ්‍රාධිපතීන් ද ශතාධිපතීන් ද රජුටත් ඔහුගේ පුත්‍රයන්ටත් අයිති සියලු වස්තු සම්පත්වල අධිපතීන් ද ඇමතියන් සහ බලවන්තයනුත්, සියලු බලවන්ත යුද්ධ භටයිනුත් සමඟ ජෙරුසලමට කැඳවාගත්තේ ය.
එකල සලමොන් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව දාවිත්ගේ නුවර වූ සියොන්හි සිට ගෙනෙන්නට ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් ද ඉශ්රායෙල්වරුන්ගේ පිය වංශ ගෝත්‍රවල සියලු ප්‍රධානීන් ද ජෙරුසලමට රැස් කරවී ය.
අනික් පැත්තට දෙ වන ගායක කණ්ඩායම ද ඔවුන් පස්සේ සෙනඟගෙන් භාගයක් ද මම ද පවුර පිට මුදුන් කොත උඩින් පළල් පවුර දක්වාත්,
මෙසේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ ගායක කණ්ඩායම් දෙක ද මා සමඟ මුලාදෑනීන්ගෙන් කොටසක් ද නළා ඇති ව
නාග උල්පත ළඟටත්, කසළ දොරටුව ළඟටත් ගොස්, ජෙරුසලමේ කඩා දමන ලද පවුරත්, ගින්නෙන් දා ගොස් තිබුණු එහි දොරටුත් බලා,