ඉන්පසු ඔහු බෙතෙල් නගරයට නැගෙනහිරින් පිහිටි කඳුකර පෙදෙසට ගමන් කෙළේ ය. මෙසේ ගමන් කොට, බටහිරින් බෙතෙල් නගරය ද, නැගෙනහිරින් ආයි නගරය ද අතර තම කඳවුර පිහිටුවාගත්තේ ය. එහි දී ඔහු පූජාසනයක් ඉදි කර සමිඳාණන් වහන්සේගේ නාමය කියා යාච්ඤා කෙළේ ය.
නෙහෙමියා 11:31 - Sinhala New Revised Version 2018 බෙන්ජමින්වරුන් ගෙබාහි සිට මික්මාෂ්හි ද අයියාහි ද බෙතෙල්හි ද ඒවායේ ගම්වල ද; Sinhala New Revised Version බෙන්ජමින්වරුන් ගෙබාහි සිට මික්මාෂ්හි ද අයියාහි ද බෙතෙල්හි ද ඒවායේ ගම්වල ද; Sinhala Revised Old Version බෙන්යමින්ගේ පුත්‍රයෝත් ගෙබා සිට මික්මාෂ්හිද අයියාහිද බෙතෙල්හිද ඒවායේ ගම්වලද; |
ඉන්පසු ඔහු බෙතෙල් නගරයට නැගෙනහිරින් පිහිටි කඳුකර පෙදෙසට ගමන් කෙළේ ය. මෙසේ ගමන් කොට, බටහිරින් බෙතෙල් නගරය ද, නැගෙනහිරින් ආයි නගරය ද අතර තම කඳවුර පිහිටුවාගත්තේ ය. එහි දී ඔහු පූජාසනයක් ඉදි කර සමිඳාණන් වහන්සේගේ නාමය කියා යාච්ඤා කෙළේ ය.
තවද, ඔහු ඒ ස්ථානයට දෙවියන් වහන්සේගේ ගෘහය යන අර්ථය ඇති බෙතෙල් යයි නම් කෙළේ ය. එහෙත් ඒ නගරයට ඊට කලින් තිබූ නම ලූස් ය.
ශානොවාහි ද අදුල්ලාම්හි සහ ඒවායේ ගම්වල ද ලාකීෂ්හි සහ එහි කෙත්වල ද අශේකාහි සහ එහි ගම්වල ද විසූ හ. මෙසේ ඔව්හු බෙයර්-ෂෙබා සිට හින්නොම්ගේ මිටියාවත දක්වා කූඩාරම් ගසාගත්තෝ ය.
බෙත්-ගිල්ගාලෙනුත්, ගෙබාහි ද අශ්මාවෙත්හි ද ගම්වලිනුත් රැස් වූ හ. ගායකයෝ ජෙරුසලම අවට ගම් සාදාගෙන සිටියෝ ය.
“සතුරෝ අයාත් නගරයට පැමිණ මිග්‍රෝන් මැදින් ගියෝ ය. ඔවුහු තමන්ගේ බඩුමුට්ටු මික්මාෂ්හි තැබුවෝ ය.
එතැනින් සීමාව බෙතෙල් නම් වූ ලූස්ට ගොස්, දකුණු පැත්තෙන් ලූස් පසු කර, පහළ බෙත්-හෝරොන්ට දකුණෙන් තිබෙන කන්දෙන් අටාරොත්-අද්දාර් දක්වා වැටී තිබුණේ ය.
මෙසේ ජෝෂුවා ඔවුන් යැව්වේ ය; ඔව්හු ගොස් ආයි නගරයට බස්නාහිරෙන් බෙතෙල්ටත් ආයිටත් අතර සැඟවී සිටියෝ ය. ජෝෂුවා සෙනඟ සමඟ ඒ රාත්‍රිය ගත කෙළේ ය.
සාමුවෙල් ඔහු අමතා, “ඔබ කුමක් කෙළෙහි දැ”යි ඇසී ය. සාවුල් පිළිතුරු දෙමින්, “සෙනඟ මා අත්හැර යන බව මම දිටිමි; ඔබ එනවා යයි කී දවසේ දී නොපැමිණියෙහි ය; පිලිස්තිවරුන් මික්මාෂ්හි රැස් ව සිටින බවත් මම දිටිමි.
සාවුල් ඉශ්රායෙල්වරුන්ගෙන් මිනිසුන් තුන්දාහක් තෝරාගත්තේ ය; ඔවුන්ගෙන් දෙදාහක් සාවුල් සමඟ මික්මාෂ්හි ද බෙතෙල් කඳුකරයේ ද සිටියෝ ය; දාහක් බෙන්ජමින්ගේ ගෝත්‍රයට අයත් පෙදෙස වන ගිබියාහි සිටි ජොනතන් සමඟ සිටියෝ ය. ඔහු සෙනඟගෙන් ඉතිරි අය එකිනෙකා තම තමාගේ කූඩාරමට යන්නට හැරියේ ය.