එලියා බාල් දේවතාවාගේ දිවැසිවරුන්ට කතා කොට, “ඔබ හැම බොහෝ දෙනෙකු හෙයින්, පළමුකොට ගොනෙකු තෝරාගෙන පිළියෙළ කර, ඔබේ දෙවියන්ගේ නාමය කියා යාච්ඤා කරන්න. එහෙත්, යටින් ගිනි නොතබන්නැ”යි කීවේ ය.
නික්මයාම 8:9 - Sinhala New Revised Version 2018 එවිට මෝසෙස් පාරාවෝට කතා කොට, “ඔබෙන් හා ඔබේ නිවසේවලින් මැඩියන් පහකොට උන් ගංගාවේ පමණක් රඳවාලන පිණිස ඔබ ද ඔබේ නිලධාරීන් හා සෙනඟ ද වෙනුවෙන් මා කවදා යාච්ඤා කළ යුතු ද කියා මම ගෞරවපූර්වක ව අයැදිමි”යි කීවේ ය. Sinhala New Revised Version එවිට මෝසෙස් පාරාවෝට කතා කොට, “ඔබෙන් හා ඔබේ නිවසේවලින් මැඩියන් පහකොට උන් ගංගාවේ පමණක් රඳවාලන පිණිස ඔබ ද ඔබේ නිලධාරීන් හා සෙනඟ ද වෙනුවෙන් මා කවදා යාච්ඤා කළ යුතු ද කියා මම ගෞරවපූර්වක ව අයැදිමි”යි කීවේ ය. Sinhala Revised Old Version මෝසෙස් ඵාරාවෝට කියනුයේ: මැඩියන් ඔබ වෙතින්ද ඔබගේ මෙහෙකරුවන් වෙතින්ද ඔබගේ ගෙවලින්ද සිඳදමනු ලැබ ගංගාවෙහි පමණක් ඉතුරුවන පිණිස ඔබ සහ ඔබගේ සේවකයන්ද ඔබගේ සෙනඟද වෙනුවට මා කන්නලව්කරන්නේ කොයි වේලේදැයි නියම කිරීමේ ගෞරවය ඔබටම ගත මැනවියි කීවේය. |
එලියා බාල් දේවතාවාගේ දිවැසිවරුන්ට කතා කොට, “ඔබ හැම බොහෝ දෙනෙකු හෙයින්, පළමුකොට ගොනෙකු තෝරාගෙන පිළියෙළ කර, ඔබේ දෙවියන්ගේ නාමය කියා යාච්ඤා කරන්න. එහෙත්, යටින් ගිනි නොතබන්නැ”යි කීවේ ය.
ඔහු පිළිතුරු දෙමින්, “හෙට ය”යි කී විට, “ඔබ කී ලෙස එසේ වනු ඇත. එවිට අපේ දෙවියන් වහන්සේ හා සමාන වෙන කිසි සමිඳාණන් වහන්සේ කෙනෙකු නැති බව ඔබ දැනගන්නෙහි ය.
මැඩියෝ ඔබෙන් හා ඔබේ නිවාසවලින් ද, ඔබේ නිලධාරීන්ගෙන් හා සෙනඟගෙන් ද ඉවත ගොස් ගංගාවෙහි පමණක් සිටිනු ඇතැ”යි කී ය.
එවිට පාරාවෝ මෝසෙස් හා ආරොන් කැඳවා, “මාගෙන් ද මාගේ සෙනඟගෙන් ද මැඩියන් පහ කරන ලෙස සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන්න. සමිඳාණන් වහන්සේට පුද පූජා ඔප්පු කරන පිණිස මම සෙනඟට යන්න අවසර දෙමි”යි කී ය.
එහෙත්, සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “පොරොව පාවිච්චි කරන්නාට වඩා පොරොව උතුම් ය යි එයට කිය හැකි ද? කියත පාවිච්චි කරන්නාට වඩා කියත උතුම් ය යි එයට කිය හැකි ද? මුගුරකට හෙවත් සැරයටියකට මිනිසෙකු එසවිය නොහැකි ය. මුගුර හෙවත් සැරයටිය ඔසවන්නේ මිනිසා ය.
එවිට සමිඳාණන් වහන්සේ ගිඩියොන්ට කතා කොට, “මිදියන්වරුන් නුඹ අතට පාවා දීමට නුඹ සමඟ සිටින සෙනඟගේ ගණන වැඩි ය, මා එසේ කළොත්, ‘අපේ ශක්තියෙන් ම අපි ගැළවුණෙමු’යි ඉශ්රායෙල් සෙනඟ මට ගෞරවය නොදී අහංකාර වනු ඇත.