Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 8:9 - Sinhala Revised Old Version

9 මෝසෙස් ඵාරාවෝට කියනුයේ: මැඩියන් ඔබ වෙතින්ද ඔබගේ මෙහෙකරුවන් වෙතින්ද ඔබගේ ගෙවලින්ද සිඳදමනු ලැබ ගංගාවෙහි පමණක් ඉතුරුවන පිණිස ඔබ සහ ඔබගේ සේවකයන්ද ඔබගේ සෙනඟද වෙනුවට මා කන්නලව්කරන්නේ කොයි වේලේදැයි නියම කිරීමේ ගෞරවය ඔබටම ගත මැනවියි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 එවිට මෝසෙස් පාරාවෝට කතා කොට, “ඔබෙන් හා ඔබේ නිවසේවලින් මැඩියන් පහකොට උන් ගංගාවේ පමණක් රඳවාලන පිණිස ඔබ ද ඔබේ නිලධාරීන් හා සෙනඟ ද වෙනුවෙන් මා කවදා යාච්ඤා කළ යුතු ද කියා මම ගෞරවපූර්වක ව අයැදිමි”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 එවිට මෝසෙස් පාරාවෝට කතා කොට, “ඔබෙන් හා ඔබේ නිවසේවලින් මැඩියන් පහකොට උන් ගංගාවේ පමණක් රඳවාලන පිණිස ඔබ ද ඔබේ නිලධාරීන් හා සෙනඟ ද වෙනුවෙන් මා කවදා යාච්ඤා කළ යුතු ද කියා මම ගෞරවපූර්වක ව අයැදිමි”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 8:9
8 හුවමාරු යොමු  

පොරොව ඒකෙන් කපන්නාට විරුද්ධව පාරට්ටු කරගනීද? නොහොත් කියත එයින් ඉරන්නාට විරුද්ධව උඩඟුවේද? ඒ වනාහි පොල්ලක් විසින් ඒක ඔසවන්නන් සොලවන්නාක්මෙන්ද සැරයටියක් විසින් ලී නොවන තැනැත්තා ඔසවන්නාක්මෙන්ද වන්නේය.


එලියා බාල්ගේ ප්‍රොපේතවරුන්ට කථාකොට: නුඹලා බොහෝදෙනෙකු බැවින් පළමුකොට නුඹලාට ගොනෙකු තෝරාගෙන පිළියෙළකර, නුඹලාගේ දෙවියන්ගේ නාමය කියා යාච්ඤා කරන්න; නුමුත් යටින් ගිනි නොතබන්නැයි කීවේය.


එවිට ස්වාමීන්වහන්සේ ගිඩියොන්ට කථාකොට: නුඹ සමඟ සිටින සෙනඟ වැඩිය, මා විසින් ඔවුන් අතට මිදියන්වරුන් පාවාදුන්නොත් ඉශ්‍රායෙල් මට විරුද්ධව අහංකාරවී–අපේ අත අප ගැළෙවුවේයයි කියනවා ඇත.


එවිට ඵාරාවෝ මෝසෙස් සහ ආරොන් කැඳවා: මා වෙතින්ද මාගේ සෙනඟ වෙතින්ද මැඩියන් පහකරන පිණිස ස්වාමීන්වහන්සේට කන්නලව්කරන්න; එවිට ස්වාමීන්වහන්සේට පූජා ඔප්පුකරන පිණිස සෙනඟ යන්ට හරින්නෙමියි කීය.


ඔහුද: හෙටයයි කීය. එවිට ඔහු: අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ හා සමාන කිසිවෙක් නැති බව ඔබ දැනගන්නා පිණිස ඔබගේ වචනය ලෙස වේවා.


ස්වාමීන්වහන්සේ ගංගාවට පහරදුන් පසු සත් දවසක් ගතවිය.


මැඩියෝ ඔබ වෙතින්ද ඔබගේ ගෙවලින්ද ඔබගේ සේවකයන් සහ සෙනඟ වෙතින්ද පහව ගොස් ගංගාවේ පමණක් ඉතුරුවන්නෝයයි කීයේය.


ස්වාමීන්වහන්සේද: නුඹේ වචනය ප්‍රකාරයට කමාවුණෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්