රජ තෙම දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාට කතා කොට, “මාගේ අත සුව වන පිණිස ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට කන්නලව් කර මා උදෙසා යාච්ඤා කරන්නැ”යි කී ය. ඒ මනුෂ්‍යයා ද සමිඳාණන් වහන්සේට කන්නලව් කළ විට රජුගේ අත සුව වී පෙර තිබුණාක් මෙන් විය.
නික්මයාම 8:28 - Sinhala New Revised Version 2018 එවිට පාරාවෝ කතා කොට, “පාළුකරයේ දී නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේට පුද පූජා ඔප්පු කරන පිණිස නුඹලා බොහෝ දුර නොයන්නහු නම් මම නුඹලාට යන්න අවසර දෙමි. මා වෙනුවෙන් ද යාච්ඤා කරන්නැ”යි කීවේ ය. Sinhala New Revised Version එවිට පාරාවෝ කතා කොට, “පාළුකරයේ දී නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේට පුද පූජා ඔප්පු කරන පිණිස නුඹලා බොහෝ දුර නොයන්නහු නම් මම නුඹලාට යන්න අවසර දෙමි. මා වෙනුවෙන් ද යාච්ඤා කරන්නැ”යි කීවේ ය. Sinhala Revised Old Version එවිට ඵාරාවෝ: නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට වනාන්තරයේදී පූජා ඔප්පුකරන පිණිස නුඹලා යන්ට හරින්නෙමි; එහෙත් බොහෝ දුර නොයන්න. මා උදෙසා කන්නලව්කරන්නැයි කීවේය. |
රජ තෙම දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාට කතා කොට, “මාගේ අත සුව වන පිණිස ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට කන්නලව් කර මා උදෙසා යාච්ඤා කරන්නැ”යි කී ය. ඒ මනුෂ්‍යයා ද සමිඳාණන් වහන්සේට කන්නලව් කළ විට රජුගේ අත සුව වී පෙර තිබුණාක් මෙන් විය.
එසේ කළ යුත්තේ, ඔවුන් ස්වර්ගයේ දෙවියන් වහන්සේට මිහිරි සුවඳ ඔප්පු කර රජුගේ ද ඔහුගේ පුත්‍රයන්ගේ ද ශුභසිද්ධිය උදෙසා යාච්ඤා කරන පිණිස ය.
දැන් ඉතින් කරුණාකර, මේ අන්තිම වතාවට මාගේ පාපයට කමා වී, මේ මාරක වසංගතය මගෙන් ඉවත් කරන ලෙස නුඹලාගේ දෙවියන් වහන්සේට යාච්ඤා කරන්නැ”යි කී ය.
සමිඳාණන් වහන්සේ වදාළ ලෙස පාරාවෝගේ හිත දැඩි වූයෙන්, ඔහු මෝසෙස් සහ ආරොන් කී දේ සැලකුවේ නැත.
එහෙත් සහනයක් ලැබුණු බව පාරාවෝ දුටු විට, සමිඳාණන් වහන්සේ කලින් කී ලෙස ම ඔහු තම සිත දැඩි කොට, මෝසෙස් හා ආරොන් කී දේ සැලකුවේ නැත.
මෝසෙස් ඊට උත්තර දෙමින්, “මෙන්න, මා ඔබ වෙතින් ගිය කෙණෙහි ම, හෙට පාරාවෝගෙන් ද නිලධාරීන්ගෙන් ද සෙනඟගෙන් ද මැසි රංචු පලා යන ලෙස, මම සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන්නෙමි. එහෙත්, සමිඳාණන් වහන්සේට පුද පූජා ඔප්පු කරනු පිණිස සෙනඟට යන්න අවසර නොදෙන ලෙස පාරාවෝ කපටිකමින් තවදුරටත් ක්‍රියා නොකළ යුතු ය”යි කීවේ ය.
එවිට පාරාවෝ මෝසෙස් හා ආරොන් කැඳවා, “මාගෙන් ද මාගේ සෙනඟගෙන් ද මැඩියන් පහ කරන ලෙස සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන්න. සමිඳාණන් වහන්සේට පුද පූජා ඔප්පු කරන පිණිස මම සෙනඟට යන්න අවසර දෙමි”යි කී ය.
අහස් ගිගුරුම සහ ගල් වර්ෂාව නවත්වන ලෙස සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන්න. මම ද නුඹලාට යන්න අවසර දෙමි. නුඹලා තවත් මෙහි නැවතීම උවමනා නැතැ”යි කී ය.
සිදු වූ සියල්ල එසේ වූයේ මුල් නියමය අනුව ය. තමාට වඩා බලවත් උතුමෙකු සමඟ විවාද කරන්න මනුෂ්‍යයෙකුට බැරි ය.
දිවැසිවර ජෙරමියා වෙත පැමිණ, “අනේ! අපේ කන්නලව්ව ඇසුව මැනව. අප උදෙසා ඔබේ දෙවි ස්වාමීන් වහන්සේට යාච්ඤා කරන්න. ඉතිරි ව සිටින අප සියල්ලන් උදෙසා යාච්ඤා කරන්න. වරක් අපි බොහෝ දෙනෙක් සිටියෙමු; එහෙත්, ඔබට පෙනෙන පරිදි ඉතිරි ව සිටින්නේ අපි ස්වල්ප දෙනෙක් පමණි.
ඔවුන්ගේ සිත් භේද භින්න වී ඇත. ඔවුන් තමන්ගේ පාපයට දඬුවම් විඳිය යුතු ය. දෙවියන් වහන්සේ ඔවුන්ගේ පූජාසන කඩාදමා ඔවුන්ගේ පූජනීය රූපස්ථම්භ විනාශ කරනු ඇත.
සීමොන් පිළිතුරු දෙමින්, “ඔබ කී දෙයින් කිසිවක් මට සිදුනොවන පිණිස, මා උදෙසා සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන්නැ”යි කී ය.