Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දේශනාකාරයා 6:10 - Sinhala New Revised Version 2018

10 සිදු වූ සියල්ල එසේ වූයේ මුල් නියමය අනුව ය. තමාට වඩා බලවත් උතුමෙකු සමඟ විවාද කරන්න මනුෂ්‍යයෙකුට බැරි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 කොයි කවර දෙයක් වුව ද සිදු වන්නේ පූර්ව නියමයක් අනුව ය. තමාට වඩා බලවත් උතුමෙකු සමඟ විවාද කරන්න මනුෂ්‍යයෙකුට බැරි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 යමක් තිබුණේද ඒකේ නම පුරාණයේදීම දෙනලද්දේය, ඒ වනාහි මනුෂ්‍යයා බවත් ඔහුට වඩා බලවත් තැනන්වහන්සේ සමඟ විවාදකරන්ට ඔහුට බැරි බවත් දැනගන්නාලද්දේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දේශනාකාරයා 6:10
18 හුවමාරු යොමු  

එතුමන්ට කට උත්තර දෙන්නට වත්, එතුමන් සමඟ උසාවියට යන්නට වත් මට පුළුවන්කමක් නැත. එතුමාණෝ මා වැනි මිනිසෙක් නොවන සේක.


“ජෝබ්, නුඹ සව් බලැති දෙවිඳුන්ට අභියෝග කෙළෙහි ය: දැන්වත් නුඹ එය අත්හරින්නෙහි ද? නැතහොත් එයට පිළිතුරු දෙන්නෙහි දැ”යි වදාළ සේක.


ජොර්දානයේ වන ලැහැබින් නික්ම සරු ගොදුරු බිම් කරා පැමිණෙන සිංහයෙකු මෙන් මම අවුත් ඒදොම් වැසියන්ට සිය දේශයෙන් පලා යන්නට සලස්වන්නෙමි. එවිට මා සතුටු කෙනෙකු තෝරාගෙන රට පාලනය කිරීමට පත් කරනු ඇත. මට සමාන වන්නේ කවරෙක් ද? මට අභියෝග කරන්නේ කවරෙක් ද? කවර නම් නායකයෙක් මට එදිරි වන්නේ ද?


දැන් තිබෙන දේ මින් පෙර ද තිබුණේ‍ ය. මතු සිදු වන්නට යන දෙය මින් පෙර ද සිදු විය. දෙවියන් වහන්සේ එම දේ ම නැවත නැවත සිදු කරන සේක.


එතුමන්ට එරෙහි ව වාද විවාද කරන්නේ මන් ද? එතුමන්ගේ තර්කවලට කාට මූණ දිය හැකි ද?


හැම මිනිසා ම සෙවණැල්ලක් වැනි ය; ඔහු කොයි දේ කළත් එය නිෂ්ඵල ය. ඔහු වස්තු රැස් කරතත්, ඒවා කාට හිමි වේ දැ යි නොදනියි.


මිනිසාගේ ජීවිත කාලය තණ පත් වැනි ය, ඔහු කෙතේ කුසුමක් මෙන් සරු ලෙස වැඩේ;


එහෙත්, දෙවි සමිඳාණන් වහන්සේ මිනිසාට හඬ ගසමින්, “නුඹ කොහේ දැ”යි ඇසූ සේක.


අපි සමිඳාණන් වහන්සේ කෝප කරමු ද? අපි උන් වහන්සේට වඩා බලවත් වෙමු ද?


ප්‍රඥාව, තීක්ෂණ ඥානය, අනුශාසනය, සමිඳුන්ට විරුද්ධ නම්, මේවායින් වැඩක් නැත.


ඒ විවාදය වැඩිවන්න වැඩිවන්න එය තව තවත් නිෂ්ඵල වේ. එයින් ඔහුට කිසි වාසියක් නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්