මාගේ පැමිණිල්ල මනුෂ්‍යයාට විරුද්ධ ව යයි ඔබ සිතන්නහු ද? මාගේ අසහනයට වෙන හේතුවක් තිබෙන්නට බැරි ද?
නික්මයාම 6:9 - Sinhala New Revised Version 2018 මෝසෙස් මෙසේ ඉශ්රායෙල් ජනතාවට කී නමුත් ඔවුන්ගේ දැඩි සිත් වේදනාව හා දරුණු වහල්කම නිසා ඔව්හු ඔහුට සවන් නුදුන්හ. Sinhala New Revised Version මෝසෙස් මෙසේ ඉශ්රායෙල් ජනතාවට කී නමුත් ඔවුන්ගේ දැඩි සිත් වේදනාව හා දරුණු වහල්කම නිසා ඔව්හු ඔහුට සවන් නුදුන්හ. Sinhala Revised Old Version මෝසෙස් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට එලෙස කථාකෙළේය. එහෙත් ඔව්හු හෘදය වේදනාව නිසාත් තද වහල්කම නිසාත් මෝසෙස්ට ඇහුම්කන් නුදුන්නෝය. |
මාගේ පැමිණිල්ල මනුෂ්‍යයාට විරුද්ධ ව යයි ඔබ සිතන්නහු ද? මාගේ අසහනයට වෙන හේතුවක් තිබෙන්නට බැරි ද?
මෙලෙස කුඹල් කර්මාන්තය, ගඩොල් කර්මාන්තය හා කෙත්වල විවිධ කෘෂිකර්මාන්ත වැනි දරුණු වහල් මෙහෙවරින් ඔව්හු ඔවුන්ගේ ජීවිත දැරිය නොහැකි තත්ත්වයකට පත් කළහ. තවද, ඔව්හු ඔවුන්ගෙන් බලහත්කාරයෙන් සියලු ආකාර බර වැඩ ගත්හ.
‘මිසර වාසීන්ට වහල් මෙහෙවර කරන්නට අපට ඉඩ දුන මැනවැ’යි ඔබට මිසරයේ දී කීවේ මේ නිසා නො වේ ද? පාළුකරයේ මියයනවාට වඩා මිසර වාසීන්ට වහල් මෙහෙවර කළා නම් හොඳ නො වේ දැ”යි ඇසූ හ.
බොහෝ කලක් ගත වූ පසු, මිසරයේ රජතුමා මියගියේ ය. ඉශ්රායෙල් ජනයා වහල් සේවය නිසා සුසුම්ලමින්, මොරගැසූ හ. ඔවුන්ගේ වහල් සේවය නිසා ම ඔවුන්ගේ කන්නලවුව දෙවියන් වහන්සේ වෙත පැමිණියේ ය.
“සමිඳාණන් වහන්සේ ඔබ වෙත බැල්ම හෙළා, ඔබට දඬුවම් කරන සේක් වා! මන්ද ඔබ, පාරාවෝ සහ ඔහුගේ නිලධාරීන් ඉදිරියෙහි අප පිළිකුලක් කොට මරාදමනු පිණිස ඔබ ඔවුන්ගේ අත්වලට කඩුවක් දුන්නහු ය”යි ඔව්හු කීවෝ ය.
මිනිසෙක් සිය ආත්ම ශක්තියෙන් ලෙඩ දුක් උසුලයි; එය බිඳ වැටුණොත් කවරෙකුට එය ඉසිලිය හැකි ද?
ඔව්හු හෝර් නම් කඳුකරයෙන් නික්ම රතු මුහුදට යන මාර්ගය ඔස්සේ ඒදොම් නම් දේශය වටකර ගියහ. මෙසේ යන විට සෙනඟ බොහෝ සේ අධෛර්යයට පත් වූ හ.