Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 6:9 - Sinhala Revised Old Version

9 මෝසෙස් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට එලෙස කථාකෙළේය. එහෙත් ඔව්හු හෘදය වේදනාව නිසාත් තද වහල්කම නිසාත් මෝසෙස්ට ඇහුම්කන් නුදුන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 මෝසෙස් මෙසේ ඉශ්රායෙල් ජනතාවට කී නමුත් ඔවුන්ගේ දැඩි සිත් වේදනාව හා දරුණු වහල්කම නිසා ඔව්හු ඔහුට සවන් නුදුන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 මෝසෙස් මෙසේ ඉශ්රායෙල් ජනතාවට කී නමුත් ඔවුන්ගේ දැඩි සිත් වේදනාව හා දරුණු වහල්කම නිසා ඔව්හු ඔහුට සවන් නුදුන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 6:9
9 හුවමාරු යොමු  

මාගේ පැමිණිල්ල කරන්නේ මනුෂ්‍යයාටද? මා ඉවසිලි නැතුව නොසිටින්ට කාරණය මොකද?


ඔව්හු ඔවුන්ට කථාකොට: ස්වාමීන්වහන්සේ නුඹලා දෙස බලා විනිශ්චයකරනසේක්වා; මක්නිසාද නුඹලා ඵාරාවෝ ඉදිරියෙහිද ඔහුගේ සේවකයන් ඉදිරියෙහිද අප දුර්ගන්ධයක් වෙන්ට සලස්වා අප මරන පිණිස ඔවුන්ගේ අතට කඩුවක් දුන්නහුයයි කීවෝය.


නපුරෝ යහපතුන් ඉදිරියෙහිද දුෂ්ටයෝ ධර්මිෂ්ඨයාගේ දොරටු ළඟද වැඳ වැටෙති.


ඔව්හු ඒදොම් දේශය වටකර යන පිණිස රතු මුහුදට යන පාරෙන් හෝර් කන්දේ සිට ගමන් කළෝය. එවිට ගමන් මාර්ගයේදී සෙනඟගේ සිත බොහෝසේ අධෛර්යය විය.


මිසරවරුන්ට මෙහෙකරන්ට අප අත්හරින්ටය කියා මිසරයෙහිදී අප කීවේ මේක නොවේද? වනාන්තරයෙහි මැරෙනවාට වඩා මිසරවරුන්ට මෙහෙකිරීම අපට යහපතැයි මෝසෙස්ට කීවෝය.


ඔවුන් යෙදූ තද වැඩ වූ බදාම සහ ගඩොල් වැඩද කෙතෙහි සියලු ආකාර වැඩද ඔවුන් ලවා කෙරෙවු සියලු තදබල වැඩද කරණකොටගෙන ඔව්හු ඔවුන්ගේ ජීවිතය ඔවුන්ට තික්ත කළෝය.


ඉක්බිති කල් යාමේදී මිසරයේ රජ මළේය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ වහල්වැඩ නිසා සුසුම්ලමින් මොරගැසුවෝය. වහල් වැඩ නිසා ඔවුන්ගේ මොරගැසීම දෙවියන්වහන්සේ වෙතට පැමුණුණේය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹ ඇතුල්වී,


මනුෂ්‍යයෙකුගේ ආත්මය තමාගේම දුක උසුලන්නේය; එහෙත් බිඳුණු ආත්මය දරන්ට පුළුවන් කාටද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්