නික්මයාම 6:26 - Sinhala New Revised Version 2018 “ඉශ්රායෙල් ජනතාව කණ්ඩායම් වශයෙන් මිසර දේශයෙන් පිටතට ගෙනෙන්න” කියා සමිඳාණන් වහන්සේ කීවේ මේ ආරොන්ට සහ මෝසෙස්ට ය. Sinhala New Revised Version “ඉශ්රායෙල් ජනතාව කණ්ඩායම් වශයෙන් මිසර දේශයෙන් පිටතට ගෙනෙන්න” කියා සමිඳාණන් වහන්සේ කීවේ මේ ආරොන්ට සහ මෝසෙස්ට ය. Sinhala Revised Old Version ඉශ්රායෙල් පුත්‍රයන් තමන්ගේ සේනාවල හැටියට මිසර දේශයෙන් පිටතට ගෙනෙන්නැයි ස්වාමීන්වහන්සේ කීවේ මේ ආරොන්ට සහ මෝසෙස්ටත්ය. |
අම්රාම්ගේ දරුවෝ නම්: ආරොන්, මෝසෙස් සහ මීරියම් ය. ආරොන්ගේ පුත්‍රයෝ නම්: නාදාබ්, අබිහු, එලෙයාසර් සහ ඊතාමාර් ය.
එතුමාණන්ගේ පූජකවරුන් අතර මෝසෙස් ද ආරොන් ද වූ හ. එතුමාණන්ගේ නාමය අයැදි අය අතර සාමුවෙල් ද විය. ඔවුන් සමිඳුන් අයැදි විට එතුමාණෝ පිළිතුරු දුන් සේක.
තවද නුඹලා මේ නුමුහුන් පූප මංගල්‍යය පැවැත්විය යුත්තේ මා නුඹලාගේ කණ්ඩායම් මිසර දේශයෙන් පිටතට ගෙනාවේ මෙවැනි දිනයක බැවිනි. එබැවින් නුඹලාගේ හැම පරම්පරාවක් තුළ ම මේ දිනය මංගල්‍යයක් මෙන් පැවැත්වීමට සදහට ම නියෝගයක් පැනවිය යුතු ය.
මෙසේ අවුරුදු හාරසිය තිහක් අවසාන වූ දිනයෙහි ම සමිඳාණන් වහන්සේගේ සියලු සේනාවෝ මිසර දේශයෙන් නික්ම ගියෝ ය.
තවද, ඒ දවසේ දී ම සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනතාව ඔවුන්ගේ සේනා අනුව මිසර දේශයෙන් පිටතට ගෙන ආ සේක.
එහෙයින් උන් වහන්සේ පාළුකරය ඔස්සේ වටවංගු මාර්ගයකින් රතු මුහුද දෙසට ඔවුන් ගෙන ගිය සේක. ඉශ්රායෙල් සෙනඟ ද සන්නාහ සන්නද්ධ ව මිසර දේශයෙන් නික්ම ගියහ.
මෝසෙස් කන්දෙන් බැස ඒමට ප්‍රමාද වන බව සෙනඟ දුටු විට, ඔව්හු ආරොන් වට කර, රැස් වී ඔහුට කතා කොට, “එන්න, අපට පෙරටුව යන පිණිස දෙවියෙකු සාදා දෙන්න. මිසර දේශයෙන් අප පිටතට ගෙනා මේ මෝසෙස් කියන මිනිසාට කුමක් වූයේ ද කියා අපි නොදනිමු”යි කී හ.
එහෙත්, මෝසෙස් තම දෙවි සමිඳාණන් වහන්සේට කන්නලව් කරමින්, “ස්වාමීනි, ඔබ මහත් බලය පාමින් ද ඔබේ බාහු බලයෙන් ද මිසර දේශයෙන් පිටතට ගෙනා ඔබේ සෙනඟට විරුද්ධ ව ඔබේ උදහස වේගවත් ලෙස අවුළන්නේ මන් ද?
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “යන්න, හනික කන්දෙන් බසින්න. නුඹ මිසර දේශයෙන් පිටතට ගෙනා නුඹේ සෙනඟ තමන් ම දූෂ්‍ය කරගෙන සිටිති.
එවිට ඉශ්රායෙල් ජනතාව මිසර දේශයෙන් පිටතට ගෙන යන ලෙස සමිඳාණන් වහන්සේ තමන්ට නියම කළ බව ඉශ්රායෙල් ජනයාට හා මිසරයේ රජු වන පාරාවෝට දන්වන ලෙස උන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට අණ කළ සේක.
තවද, අම්රාම් තම පියාගේ සොහොයුරිය වූ ජොකෙබෙද් බිරිඳ කොට සරණ පාවාගත්තේ ය. ඇය ඔහුට දාව ආරොන් සහ මෝසෙස් ලැබුවා ය. අම්රාම් අවුරුදු එකසිය තිස්හතක් ජීවත් විය.
තවද, මාගේ ම සෙනඟ මෙන් නුඹලා භාරගෙන, මම නුඹලාගේ දෙවියන් වහන්සේ වන්නෙමි. මිසර වාසීන්ගේ බර වැඩවලින් නුඹලා මුදන, නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මා බව නුඹලා එවිට දැනගන්නහු ය.
එහෙත්, පාරාවෝ නුඹට සවන් නොදෙන්නේ ය. එවිට මම මිසරයෙහි මාගේ බාහු බලය පා, එහි වාසීන්ට දරුණු දඬුවම් දී, මාගේ සේනාවන් ද මාගේ සෙනඟ ද වන ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් පිටතට ගෙනෙන්නෙමි.
මම නුඹලා, මිසරයෙන් පිටතට ගෙනාවෙමි; වහල්කමේ නිවාසයෙන් මිදුවෙමි. නුඹලාට මඟපෙන්වන පිණිස මෝසෙස් සමඟ ආරොන් ද මීරියම් ද නුඹලා වෙත එවීමි.
මෝසෙස්ගේ හා ආරොන්ගේ නායකත්වය යටතේ මිසර දේශයෙන් නික්මුණු ඉශ්රායෙල් ජනයාගේ සහ ඔවුන්ගේ හමුදාවන්ගේ ගමන් විස්තර මේවා ය.
මම මෝසෙස් සහ ආරොන් යවමින් මිසර දේශය පිට වසංගත පැමිණෙව්වෙමි. නුඹලා ඒ ගැන හොඳාකාර ව දන්නහු ය. ඉන්පසු නුඹලා මිසර දේශයෙන් පිටතට ගෙනාවෙමි.
සාමුවෙල් තවදුරටත් සෙනඟට කතා කරමින් මෙසේ කීවේ ය: “මෝසෙස් සහ ආරොන් තෝරාගත්තේත්, මිසරයෙන් ඔබේ පියවරුන් ගෙනාවේත් සමිඳාණන් වහන්සේ ය.
ජාකොබ් මිසරයට පැමිණි පසු ඔබේ පියවරුන් සමිඳාණන් වහන්සේට මොරගැසූ විට, සමිඳාණන් වහන්සේ මෝසෙස් ද ආරොන් ද යවා ඔබේ පියවරුන් මිසරයෙන් ගෙන්වා මේ දේශයෙහි වාසය කෙරෙව් සේක.