තවද, අම්රාම් තම පියාගේ සොහොයුරිය වූ ජොකෙබෙද් බිරිඳ කොට සරණ පාවාගත්තේ ය. ඇය ඔහුට දාව ආරොන් සහ මෝසෙස් ලැබුවා ය. අම්රාම් අවුරුදු එකසිය තිස්හතක් ජීවත් විය.
අම්රාම් තමාගේ පියාගේ සහෝදරීවූ යොඛෙබෙද් භාර්යාව කොට පාවාගත්තේය; ඈ ඔහු නිසා ආරොන් සහ මෝසෙස් බිහිකළාය. අම්රාම්ගේ ජීවිතයේ අවුරුදු එකසිය තිස්හතක් විය.
අම්රාම්ගේ පුත්‍රයෝ නම්: ආරොන් සහ මෝසෙස් ය. ආරොන් ද ඔහුගේ පුත්‍රයෝ ද ඉතා ශුද්ධ දේ කැප කරන පිණිසත්, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පු කරන පිණිසත්, උන් වහන්සේට සේවය කරන පිණිසත්, සෑම කල්හි ම උන් වහන්සේගේ නාමයෙන් ආශීර්වාද කරන පිණිසත්, හැම කලට ම වෙන් කරනු ලැබුවෝ ය.
තමන්ගේ පරම්පරා අනුව ලෙවීගේ පුත්‍රයන්ගේ නාම මෙසේ ය: ගෙර්ෂොන්, කොහාත් සහ මෙරාරී ය. ලෙවී අවුරුදු එකසිය තිස්හතක් ජීවත් විය.
කොහාත්ගේ පුත්‍රයෝ නම් අම්රාම්, ඉශ්හාර්, හෙබ්රොන් සහ උශ්ශියෙල් ය. කොහාත් අවුරුදු එකසිය තිස්තුනක් ජීවත් විය.
ලෙවීවරුන්ගේ සංඛ්‍යාවට ඇතුළත් වූ තවත් පවුල් නම්, ලිබ්නිවරුන්ගේ පවුල ය; හෙබ්‍රොන්වරුන්ගේ පවුල ය; මාලීවරුන්ගේ පවුල ය, මුෂිවරුන්ගේ පවුල සහ කෝරාවරුන්ගේ පවුල ය. කොහාත්ට දාව අම්රාම් උපන්නේ ය.
අම්රාම්ගේ බිරිඳ ජොකෙබෙද් ය. ඈ මිසරයේ දී ලෙවීට දාව උපන් ඔහුගේ දුවකි. ඈ අම්රාම්ගෙන් ආරොන් හා මෝසෙස් ද, ඔවුන්ගේ සොහොයුරිය මීරියම් ද ලැබුවා ය.
සමිඳාණන් වහන්සේ සීනයි කන්ද මත මෝසෙස් සමඟ කතා කළ කාලයේ දී, ඔහුගේ සහ ආරොන්ගේ පවුල්වලට අයත් අය මොවුහු වූ හ.
පස ඇට දැමීමෙන් කොහාත්වරුන්ගේ ගෝත්‍රවලට නගර නියම කරන ලදී. පූජක ආරොන්ගෙන් පැවත ආ ලෙවීවරුන්ට ජුදා ගෝත්‍රයෙන් ද සිමියොන් ගෝත්‍රයෙන් ද බෙන්ජමින් ගෝත්‍රයෙන් ද නගර දහතුනක් පස ඇට දැමීමෙන් ලැබුණේ ය.