Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 6:16 - Sinhala New Revised Version 2018

16 තමන්ගේ පරම්පරා අනුව ලෙවීගේ පුත්‍රයන්ගේ නාම මෙසේ ය: ගෙර්ෂොන්, කොහාත් සහ මෙරාරී ය. ලෙවී අවුරුදු එකසිය තිස්හතක් ජීවත් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 තමන්ගේ පරම්පරා අනුව ලෙවීගේ පුත්‍රයන්ගේ නාම මෙසේ ය: ගෙර්ෂොන්, කොහාත් සහ මෙරාරී ය. ලෙවී අවුරුදු එකසිය තිස්හතක් ජීවත් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 තමන්ගේ පරම්පරා වශයෙන් ලෙවී පුත්‍රයන්ගේ නාම මෙසේය: ගේර්ෂොන්, කොහාත් සහ මෙරාරීය. ලෙවීගේ ජීවිතයේ අවුරුදු එකසිය තිස්හතක් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 6:16
22 හුවමාරු යොමු  

ලෙවීගේ පුත්‍රයෝ නම් ගේර්ෂොන්, කොහාත් සහ මෙරාරී ය.


ලෙවීගේ පුත්‍රයන් වන ගේර්ෂොන්, කොහාත් සහ මෙරාරී;


ලෙවීගේ පුත්‍රයෝ නම්: ගේර්ෂොම්, කොහාත් සහ මෙරාරී ය.


ලෙවීගේ පුත්‍රයෝ නම්: ගේර්ෂොම්, කොහාත් සහ මෙරාරී ය.


ලියාපදිංචි කළ ලෙවීවරුන්ගේ ගණනට ඇතුළත් වූ අය නම්, ගේර්ෂොන්ගෙන් පැවතෙන ගේර්ෂොන් පවුල ය; කොහාත්ගෙන් පැවතෙන කොහාත් පවුල ය; මෙරාරීගෙන් පැවතෙන මෙරාරී පවුල ය.


දාවිත් ගේර්ෂොන් ද කොහාත් ද මෙරාරී ද යන ලෙවීගේ පුත්‍රයන්ගේ වංශවල හැටියට ඔවුන් කාණ්ඩවලට බෙදුවේ ය.


තවද, අම්රාම් තම පියාගේ සොහොයුරිය වූ ජොකෙබෙද් බිරිඳ කොට සරණ පාවාගත්තේ ය. ඇය ඔහුට දාව ආරොන් සහ මෝසෙස් ලැබුවා ය. අම්රාම් අවුරුදු එකසිය තිස්හතක් ජීවත් විය.


කොහාත්ගේ පුත්‍රයෝ නම් අම්රාම්, ඉශ්හාර්, හෙබ්රොන් සහ උශ්ශියෙල් ය. කොහාත් අවුරුදු එකසිය තිස්තුනක් ජීවත් විය.


ජෝසෙප් අවුරුදු එකසිය දහයක් ආයු වළඳා මළේ ය. පසුව ඔව්හු ඔහුගේ මෘත ශරීරයට බෙහෙත් කවා එය මිසරයෙහි මිනී පෙට්ටියක තැන්පත් කළහ.


තවද, ජාකොබ් මිසර දේශයෙහි අවුරුදු දහහතක් ජීවත් විය. මෙලෙස ඔහුගේ මුළු වයස අවුරුදු එකසිය හතළිස්හතක් විය.


ඊසාක්ගේ වයස අවුරුදු එකසිය අසූවක් වූයෙන්


එකල ලෙවී ගෝත්‍රයේ මිනිසෙක්, එම ගෝත්‍රයේ කාන්තාවක සරණ පාවාගත්තේ ය.


රූබන්ගේ පුත්‍රයන් වන හනොක්, පල්ලු, හෙශ්රොන් සහ කර්මී;


පවුල් වශයෙන් ගේර්ෂොන්ගේ පුත්‍රයෝ නම් ලිබ්නි සහ ෂිමෙයි ය.


පවුල් වශයෙන් කොහාත්ගේ පුත්‍රයෝ නම් අම්රාම්, ඉශ්හාර්, හෙබ්‍රොන් සහ උශ්ශියෙල් ය.


පවුල් වශයෙන් මෙරාරීගේ පුත්‍රයෝ නම් මාලී සහ මුෂී ය. තම පිය පෙළපත් අනුව ලෙවීවරුන්ගේ පවුල් මේවා ය.


ගේර්ෂොන්ගේ පවුල්වලට අයිති වූවෝ ලිබ්නිගේ සහ ෂිමෙයිගේ පවුල්වල අය වෙත්.


ලෙවීගේ පුත්‍රයා කොහාත් ය; ඔහුගේ පුත්‍රයා ඉශ්හාර් ය. ඔහුගේ පුත්‍රයා වන කෝරා ද රූබන්වරුන්ගේ පුත්‍රයන් වන එලියාබ්ගේ පුත්‍රයන් වන දාතාන් සහ අබිරාම් ද පෙලෙත්ගේ පුත් ඕන් ද


පස ඇට දැමීමෙන් කොහාත්වරුන්ගේ ගෝත්‍රවලට නගර නියම කරන ලදී. පූජක ආරොන්ගෙන් පැවත ආ ලෙවීවරුන්ට ජුදා ගෝත්‍රයෙන් ද සිමියොන් ගෝත්‍රයෙන් ද බෙන්ජමින් ගෝත්‍රයෙන් ද නගර දහතුනක් පස ඇට දැමීමෙන් ලැබුණේ ය.


ගේර්ෂොන්වරුන්ගේ ගෝත්‍රවලට ඉස්සාකර් ගෝත්‍රයෙන් ද ආෂෙර් ගෝත්‍රයෙන් ද නප්තලී ගෝත්‍රයෙන් ද බාෂාන්හි මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් ද නගර දහතුනක් පස ඇට දැමීමෙන් ලැබුණේ ය.


මෙසේ කී පසු, කොහාත්වරුන්ගේ පුත්‍රයන්ගෙන් අමාසයිගේ පුත් මහත් ද අශරියාගේ පුත් ජෝවෙල් ද; මෙරාරීගේ පුත්‍රයන්ගෙන් අබ්දීගේ පුත් කිෂ් සහ ජෙහල්ලෙලෙල්ගේ පුත් අශිරියා ද; ගේර්ෂොන්වරුන්ගෙන් සිම්මාගේ පුත් ජෝවා ද ජෝවාගේ පුත් ඒදෙන් ද;


සිමියොන්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද ලෙවීගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද ඉස්සාකර්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්