සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තිබූ ලෝකඩ පූජාසනය වූ කලී මාලිගාව ඉදිරියෙන් එනම්, තමාගේ පූජාසනයටත් සමිඳාණන් වහන්සේගේ මාලිගාවටත් අතරෙන් අහක් කොට තමාගේ පූජාසනයට උතුරු පැත්තේ එය තැබිණි.
නික්මයාම 40:29 - Sinhala New Revised Version 2018 පසුව මෝසෙස් සම්මුඛ මණ්ඩපයේ දොරකඩ දවන යාග පූජාසනය තබා එය මත උන් වහන්සේ අණ කළ පරිදි දවන යාග පූජාව සහ ආහාර පූජාව පිදී ය. Sinhala New Revised Version පසුව මෝසෙස් සම්මුඛ මණ්ඩපයේ දොරකඩ දවන යාග පූජාසනය තබා එය මත උන් වහන්සේ අණ කළ පරිදි දවන යාග පූජාව සහ ආහාර පූජාව පිදී ය. Sinhala Revised Old Version දවන පූජාසනය සම්මුඛවීමේ කූඩාරමේ මණ්ඩප දොරකඩ ළඟ තබා, ඊ පිට දවන පූජාවද ආහාර පූජාවද ඔප්පුකෙළේය. |
සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තිබූ ලෝකඩ පූජාසනය වූ කලී මාලිගාව ඉදිරියෙන් එනම්, තමාගේ පූජාසනයටත් සමිඳාණන් වහන්සේගේ මාලිගාවටත් අතරෙන් අහක් කොට තමාගේ පූජාසනයට උතුරු පැත්තේ එය තැබිණි.
සම්මුඛ මණ්ඩපයත්, පූජාසනයත් අතර ඔහු වතුර භාජනය තබා, පවිත්‍ර කරගන්නා පිණිස එහි වතුර වත් කෙළේ ය.
එවිට ඔහු මළුව මැන්නේ ය. දිග මීටර් පණහක් ය, පළල මීටර් පණහක් ය. එය හරි හතරැස් ව තිබුණේ ය. පූජාසනය ගෘහයට ඉදිරිපිටින් තිබුණේ ය.
තවද, උන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, පූජාසනය පිට දවන යාග පූජා ඔප්පු කරන්නටත්, එය පිට ලේ ඉසින්නටත් පූජාසනය ඉදි කළ විට ඒ ගැන නියෝග මේවා ය.
උන් වහන්සේ එළුවන්ගේත්, වස්සන්ගේත් ලෙයින් නොව, තමන්ගේ ම ලෙයින් අප උදෙසා සදාතන විමුක්තිය ලබා සදහට ම එක වරක් ශුද්ධස්ථානයට ඇතුළු වූ සේක.