Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 40:29 - Sinhala Revised Old Version

29 දවන පූජාසනය සම්මුඛවීමේ කූඩාරමේ මණ්ඩප දොරකඩ ළඟ තබා, ඊ පිට දවන පූජාවද ආහාර පූජාවද ඔප්පුකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 පසුව මෝසෙස් සම්මුඛ මණ්ඩපයේ දොරකඩ දවන යාග පූජාසනය තබා එය මත උන් වහන්සේ අණ කළ පරිදි දවන යාග පූජාව සහ ආහාර පූජාව පිදී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 පසුව මෝසෙස් සම්මුඛ මණ්ඩපයේ දොරකඩ දවන යාග පූජාසනය තබා එය මත උන් වහන්සේ අණ කළ පරිදි දවන යාග පූජාව සහ ආහාර පූජාව පිදී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 40:29
15 හුවමාරු යොමු  

දවන පූජාසනය සම්මුඛවීමේ කූඩාරම වන මණ්ඩපයේ දොරකඩ ඉදිරියෙහි තබන්න.


අපට පූජාසනයක් ඇත්තේය, මණ්ඩපයට සේවයකරන්නන්ට එයින් කන්ට අවසර නැත.


එළුවන්ගෙත් වස්සන්ගෙත් ලේ කරණකොටගෙන නොව තමන්ගේම ලේ කරණකොටගෙන, අප උදෙසා සදාකාල මිදීම ලබාගෙන එකම වරක් ශුද්ධස්ථානයට ඇතුල්වූසේක.


අන්ධයෙනි, වඩා උතුම් කොයි එකද? පඬුරද? පඬුර විශුද්ධකරන පූජාසනයද?


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස මණ්ඩප දොරකඩ කඩතුරාව එල්ලා,


ඔහු සෝදන භාජනය සම්මුඛවීමේ කූඩාරමද පූජාසනයද අතරෙහි තබා සේදීමට වතුර එහි වත්කෙළේය.


ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබුණු පිත්තල පූජාසනය වූකලී ගෘහය ඉදිරියෙන් එනම් තමාගේ පූජාසනයටත් ස්වාමීන්වහන්සේගේ ගෘහයටත් අතරෙන් අහක් කොට තමාගේ පූජාසනයට උතුරු පැත්තේ තැබුවේය.


තවද උන්වහන්සේ මට කථාකොට: මනුෂ්‍ය පුත්‍රය, ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක–පූජාසනය පිට දවන පූජා ඔප්පුකරන්ටත් ඒක පිට ලේ ඉසින්ටත් එය සාදන කල ඒකේ නියෝග මේවාය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට හඬගසා සම්මුඛවීමේ කූඩාරමේ සිට ඔහුට කථාකොට:


එවිට ඔහු මළුව මැන්නේය, දිග රියන් සියයක්ය, පළල රියන් සියයක්ය, ඒක සතරැස්ව තිබුණේය; පූජාසනය ගෘහයට ඉදිරිපිටින් තිබුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්