ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නික්මයාම 40:23 - Sinhala New Revised Version 2018

පසුව සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔහු මේසය මත සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිදුම් පූප තැබී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

පසුව සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔහු මේසය මත සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිදුම් රොටි තැබී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඒක උඩ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පිළිවෙළින් රොටී තැබීය.

පරිච්ඡේදය බලන්න



නික්මයාම 40:23
8 හුවමාරු යොමු  

එතුමාණන්ගේ පූජකවරුන් අතර මෝසෙස් ද ආරොන් ද වූ හ. එතුමාණන්ගේ නාමය අයැදි අය අතර සාමුවෙල් ද විය. ඔවුන් සමිඳුන් අයැදි විට එතුමාණෝ පිළිතුරු දුන් සේක.


තවද, නුඹ නිතර ම පිදුම් පූප මා ඉදිරියෙහි මේසය උඩ තැබිය යුතු වේ.”


සම්මුඛ මණ්ඩපය තුළ මේසය කෙළින් ම මණ්ඩපයේ දකුණු පසට ඔහු පහන් රුක සිටුවා,


මේසය ගෙනැවිත්, එය මත පිළිවෙළට තැබිය යුතු දේවල් එය මත තබා, පහන් රුක ද ගෙනැවිත්, එහි පහන් දැල්විය යුතු ය.


“නුඹ සිහින් පිටි රැගෙන පූප දොළොසක් සාදන්න. එක පූපයක පිටි කිලෝග්‍රෑම් එකක් විය යුතු ය.


පසුව සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තනි රන් ගාන ලද මේසය උඩ, එක පේළියකට හය බැගින් පේළි දෙකකට පූප තැබිය යුතු ය.


එතැන මණ්ඩපයක් ඉදි කරන ලදී. එහි පළමු වන කොටසෙහි පහන් රුක ද මේසය ද පිදුම් පූපද තිබුණේ ය. එය ශුද්ධස්ථානය නම් විය.