ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නික්මයාම 4:7 - Sinhala New Revised Version 2018

යළිත් උන් වහන්සේ කතා කොට, “නැවත නුඹේ අත ළයෙහි තබන්නැ”යි වදාළ විට ඔහු තම අත ළයෙහි තැබී ය. එය ළයෙන් ඉවතට ගත් විට, පුදුමයකි, එය තම මාංසය මෙන් ප්‍රකෘති ස්වභාවයට හැරී තිබිණි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

යළිත් උන් වහන්සේ කතා කොට, “නැවත නුඹේ අත ළයෙහි තබන්නැ”යි වදාළ විට ඔහු තම අත ළයෙහි තැබී ය. එය ළයෙන් ඉවතට ගත් විට, පුදුමයකි, එය තම මාංසය මෙන් ප්‍රකෘති ස්වභාවයට හැරී තිබිණි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

උන්වහන්සේ: නුඹේ අත නැවත ළයෙහි තබන්නැයි කීසේක. (ඔහු තමාගේ අත නැවත ළයෙහි තැබීය; ඔහු ඒක තමාගේ ළයෙන් පිටතට ගත් විට, බලව, එය ඔහුගේ අනික් මාංසය මෙන් හරිගැහී තිබුණේය.)

පරිච්ඡේදය බලන්න



නික්මයාම 4:7
6 හුවමාරු යොමු  

එවිට ඔහු බැස ගොස් දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාගේ කීම ලෙස ජොර්දාන් ගඟෙහි සත් වරක් ගිලී ස්නානය කෙළේ ය. ඔහුගේ ශරීරය ද කුඩා ළමයෙකුගේ ශරීරය මෙන් පවිත්‍ර විය.


එවිට උන් වහන්සේ ඔහු අමතමින්, “පළමු වන හාස්කමින් ඔව්හු නුඹ විශ්වාස නොකරත් නම්, නුඹේ හඬට සවන් නොදෙත් නම්, දෙ වන හාස්කමින් ඔවුන් නුඹේ කීම විශ්වාස කරනු ඇත.


උන් වහන්සේ අත දිගු කොට, ඔහු පිට තබා, “මම කැමැත්තෙමි, පවිත්‍රවන්නැ”යි වදාළ සේක. එකෙණෙහි ම ඔහුගේ ලාදුරු රෝගය සුව විය.


උන් වහන්සේ එක් ගමකට ඇතුළු වූ කල, ලාදුරු රෝගීහු දස දෙනෙක් උන් වහන්සේට හමු වූ හ.


බලන්න, මම, මම පමණක්, දෙවියන් වහන්සේ වෙමි. මා හැර අන් දෙවි කෙනෙක් නැත. දිවි දෙන්නෙත්, දිවි නසන්නෙත් මම ය. තුවාළ කරන්නෙත්, සුව කරන්නෙත් මම ය, මා අතින් යමෙකු ගළවන්නට හැකි කිසිවෙක් නැත.