ලිංගාග්‍ර චර්මය ඡේදනය නොකළ අචර්මඡේදිත පිරිමි දරුවා ඔහුගේ පෙළපතින් නෙරපාදමනු ලැබේ. මන්ද, ඔහු මාගේ ගිවිසුම කඩ කර ඇති බැවිනි.”
නික්මයාම 4:24 - Sinhala New Revised Version 2018 මෝසෙස් මෙසේ යන විට, එක්තරා නවාතැනක දී සමිඳාණන් වහන්සේ ඔහුට හමු වී, ඔහු මරාදැමීමට සෙවූ සේක. Sinhala New Revised Version මෝසෙස් මෙසේ යන විට, එක්තරා නවාතැනක දී සමිඳාණන් වහන්සේ ඔහුට හමු වී, ඔහු මරාදැමීමට සෙවූ සේක. Sinhala Revised Old Version මාර්ගයෙහි නවාතැනේදී ස්වාමීන්වහන්සේ ඔහුට සම්බව ඔහු මරන්ට සෑදූසේක. |
ලිංගාග්‍ර චර්මය ඡේදනය නොකළ අචර්මඡේදිත පිරිමි දරුවා ඔහුගේ පෙළපතින් නෙරපාදමනු ලැබේ. මන්ද, ඔහු මාගේ ගිවිසුම කඩ කර ඇති බැවිනි.”
රාත්‍රියේ නැවතුම් පොළේ දී ඔවුන්ගෙන් කෙනෙක් තම කොටළුවාට කෑම දෙන පිණිස තම ගෝණිය හැරිය විට, තමාගේ මුදල් ගෝණි කටේ තිබෙනු දිටී ය.
ඔහු පිටත් ව ගිය පසු මාර්ගයේ දී සිංහයෙක් ඔහුට සම්බ වී ඔහු මැරුවේ ය. ඔහුගේ මළකඳ මාර්ගයෙහි දමනු ලැබූ විට කොටළුවා සහ සිංහයා ඒ ළඟ සිටියෝ ය.
දාවිත් තමාගේ හිස ඔසවා සමිඳාණන් වහන්සේගේ දූතයා තමාගේ කඩුව ඇද ජෙරුසලම් කෙරෙහි දිගු කරගෙන පොළොවටත් අහසටත් අතරේ සිටිනු දුටුවේ ය. එවිට ගෝණි රෙදි ඇඳගෙන සිටි දාවිත් ද ප්‍රජා මූලිකයෝ ද මුණින්තළා වැටුණෝ ය.
ඔව්හු ද නුඹේ හඬට සවන් දෙනු ඇත. නුඹ ද ඉශ්රායෙල්ගේ ප්‍රජා මූලිකයන් ද මිසරයේ රජු වෙත ගොස් ඔහුට කතා කොට, ‘හෙබ්‍රෙව්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අපට හමු වූ සේක. එබැවින් අපගේ දෙවි සමිඳාණන් වහන්සේට පුද පූජා ඔප්පු කරන ලෙස, තුන් දවසක ගමනක්, පාළුකරයට යන්නට අපට අවසර දෙන ලෙස අපි ඔබෙන් බැගෑපත් ව ඉල්ලමු’යි කියන්න.
පැටවුන් නැති වූ වැලහින්නියක මෙන් මම ඔවුන් පිට කඩා පැන ඔවුන් දෙපළු කරදමන්නෙමි. සිංහයෙකු මෙන් මම ඔවුන් එතැනදී ම කාදමන්නෙමි. වන මෘගයෙකු මෙන් ඉරාදමන්නෙමි.
එවිට මෝසෙස් ආරොන්ට කතා කොට, “සමිඳාණන් වහන්සේ වදාළ දේ මේ ය: ‘මට ළඟා වන්නන් මඟින් මාගේ ශුද්ධ බව පාන්නෙමි. සියලු ජනතාව අබිමුව මම මාගේ මහිමාලංකාරය දක්වන්නෙමි’ ”කීවේ ය. ආරොන් ද නිහඬ විය.