ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නික්මයාම 39:26 - Sinhala New Revised Version 2018

මෙලෙස සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි පූජක සළුවේ වාටිය දිගේ ම රන් මිණිගෙඩියක් හා දෙළුම් ගෙඩියක් බැගින් මාරුවෙන් මාරුවට තිබිණි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මෙලෙස සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි පූජක සළුවේ වාටිය දිගේ ම රන් මිණිගෙඩියක් හා දෙළුම් ගෙඩියක් බැගින් මාරුවෙන් මාරුවට තිබිණි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

සේවය කිරීම පිණිස සළුවේ පහළ වාටිය දිගේ මිණි ගෙඩියක්ද දෙළුම් ගෙඩියක්ද මිණි ගෙඩියක්ද දෙළුම් ගෙඩියක්ද වශයෙන් ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස සෑදුවෝය.

පරිච්ඡේදය බලන්න



නික්මයාම 39:26
9 හුවමාරු යොමු  

එහි පහළ මුළු වාටිය දිගේ ම, නිල්, දම් සහ තද රතු පැහැති දෙළුම් ගෙඩි ද ඒවා අතරතුර වටේට ම රනින් කළ මිණි ගෙඩි ද සෑදිය යුතු ය.


මෙසේ සළුවේ වාටිය දිගේ ම රන් මිණි ගෙඩියක් හා දෙළුම් ගෙඩියක් ද බැගින් මාරුවෙන් මාරුවට ඇති වේ.


ඉන්පසු ඔව්හු තනි රනින් මිණිගෙඩි සාදා, ඒ මිණිගෙඩි, සළුවේ පහළ වාටිය දිගේ ම දෙළුම් ගෙඩි අතර දැමූ හ.


ඔව්හු ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් සඳහා සිහින් ව කටින ලද හණවලින් කබා ද


එහි ගස් වැඩෙන්නේ ය; ඒවා දෙළුම් උයනක් වැනි ය; එහි ඉතා හොඳ ඵල හටගන්නේ ය.


ඔබේ තොල් රතු නූල් මෙන් ය. ඔබේ මුඛය ශෝභමාන ය. ඔබේ මුහුණු වැස්මට ඇතුළෙන් තිබෙන ඔබේ දෙකපොල දෙළුම් මෙන් ය.


ඔබේ මුහුණු වැස්මට ඇතුළෙන් තිබෙන ඔබේ දෙකපොල දෙළුම් පළු වැනි ය.


එවිට දොළොස් වසක් මහ ලේ රෝගයෙන් පෙළුණු ස්ත්‍රියක් උන් වහන්සේ පසුපස්සේ අවුත් උන් වහන්සේගේ සළුවේ දාවල්ලට අත තැබුවා ය.


“ඔබ ඇඟ ලා ගන්න ඇඳුම්වල කොන් සතරේ දාවලු සාදාගත යුතු ය.”