Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 28:34 - Sinhala New Revised Version 2018

34 මෙසේ සළුවේ වාටිය දිගේ ම රන් මිණි ගෙඩියක් හා දෙළුම් ගෙඩියක් ද බැගින් මාරුවෙන් මාරුවට ඇති වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

34 මෙසේ සළුවේ වාටිය දිගේ ම රන් මිණි ගෙඩියක් හා දෙළුම් ගෙඩියක් ද බැගින් මාරුවෙන් මාරුවට ඇති වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

34 රන් මිණි ගෙඩියක්ද දෙළුම් ගෙඩියක්ද රන් මිණි ගෙඩියක්ද දෙළුම් ගෙඩියක්ද බැගින් වටකර සළුවේ පහළ වාටිය විය යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 28:34
15 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේට ඔබින ලෙසත්, ප්‍රිය මනාප වන ලෙසත් හැසිරෙන මෙන් යාච්ඤා කරමු. සියලු ආකාර යහපත් ක්‍රියාවලින් පලදායි වන මෙන් ද දෙවියන් වහන්සේ දැනගැන්මෙහි වැඩි වර්ධනය වන මෙන් ද යාච්ඤා කරමු.


ඔබ මා තෝරාගත්තේ නැත. මම ඔබ තෝරාගෙන පත් කෙළෙමි. එසේ කෙළේ ඔබ ගොස් බොහෝ පල දරන පිණිසත්, ඔබේ පල පවතින පිණිසත්, මාගේ නාමයෙන් ඔබ පියාණන් වහන්සේගෙන් ඉල්ලන කවර දෙයක් වුව ද උන් වහන්සේ ඔබට දෙන පිණිසත් ය.


මම ඔබ ගෙනගොස් මාගේ මවුගේ ගෙට පමුණුවන්නෙමි. ඔබ මට උගන්වන්නෙහි ය. මිශ්‍ර කළ මුද්‍රික පානය ද දෙළුම් යුස ද මම ඔබට බොන්න දෙන්නෙමි.


මම මිටියාවතේ ගස් කොළන් බලන පිණිසත්, මිදි වැල් දලු ලෑවේ ද කියාත්, දෙළුම් ගස්වල මල් පිපුණේ ද කියාත් බලන පිණිසත් කොට්ටම්බා උයනට බැස ගියෙමි.


ඔබේ මුහුණු වැස්මට ඇතුළෙන් තිබෙන ඔබේ දෙකපොල දෙළුම් පළු වැනි ය.


එහි ගස් වැඩෙන්නේ ය; ඒවා දෙළුම් උයනක් වැනි ය; එහි ඉතා හොඳ ඵල හටගන්නේ ය.


ඔබේ තොල් රතු නූල් මෙන් ය. ඔබේ මුඛය ශෝභමාන ය. ඔබේ මුහුණු වැස්මට ඇතුළෙන් තිබෙන ඔබේ දෙකපොල දෙළුම් මෙන් ය.


වනයේ ගස් අතරේ ජම්බු ගස් යම් සේ ද තරුණයන් අතරේ මාගේ පෙම්වතාත් එසේ ම ය. ඒ රුක් සෙවණෙහි හිඳීමට මම ප්‍රිය කරමි; එහි ඵල මා මුවට ඉමිහිරි ය.


සමිඳුනි, ගී ගයමින් ඔබ නමදින්නෝ ද ඔබේ කරුණා ආලෝකය තුළ හැසිරෙන්නෝ ද භාග්‍යවන්තයෝ ය.


එහි පහළ මුළු වාටිය දිගේ ම, නිල්, දම් සහ තද රතු පැහැති දෙළුම් ගෙඩි ද ඒවා අතරතුර වටේට ම රනින් කළ මිණි ගෙඩි ද සෑදිය යුතු ය.


ආරොන් පූජක සේවය ඉටු කරන කල එය පැළඳිය යුතු ය. මෙලෙස ඔහු ශුද්ධස්ථානයෙහි සමිඳුන් වන මා ඉදිරියට පැමිණෙන විට ද එයින් පිටත එන විට ද කිංකිණි නාදය ඇසෙනු ඇත; ඔහු ද නොමැරෙන්නේ ය.”


ඉන්පසු ඔව්හු ඒපොද් සැට්ටයේ සළුව මුළුමණින් ම නිල් පැහැති ලෝමවලින් සෑදූ හ.


මෙලෙස සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි පූජක සළුවේ වාටිය දිගේ ම රන් මිණිගෙඩියක් හා දෙළුම් ගෙඩියක් බැගින් මාරුවෙන් මාරුවට තිබිණි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්