ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නික්මයාම 39:13 - Sinhala New Revised Version 2018

සතර වන පේළිය රන් කාන්තියක් ද රතු කැටයක් ද සූර්ය කාන්තියක් ද විය. ඒවා රන් කෙවෙණිවල බහා තිබිණි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සතර වන පේළිය රන් කාන්තියක් ද රතු කැටයක් ද සූර්ය කාන්තියක් ද විය. ඒවා රන් කෙවෙණිවල බහා තිබිණි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

සතරවෙනි පේළියට රන් කාන්තියක්ද නඛමාණික්‍යයක්ද සූර්යකාන්තියක්ද විය. ඒවා රන් කෙවෙනිවල බඳිනලද්දේය.

පරිච්ඡේදය බලන්න



නික්මයාම 39:13
9 හුවමාරු යොමු  

එහි ඇති රත්රන් අමිශ්‍ර ය; ගන්ධරස හා නඛමාණික්‍ය ද එහි ඇත.


එබැවින් මාගේ මුළු ශක්තියෙන් මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාව ගැන රන් වැඩට රන් ද රිදී වැඩට රිදී ද ලෝකඩ වැඩට ලෝකඩ ද යකඩ වැඩට යකඩ ද ලී වැඩට ලී ද නඛමාණික්‍ය ද බැඳීමට ගල් ද ඔබ්බනු පිණිස ගල් ද විසිතුරු ගල් ද සියලු ආකාර මැණික් ගල් ද කිරිගරුඬ ගල් ද බොහෝ සෙයින් ම සූදානම් කෙළෙමි.


මැණික්කරුවෙකුගේ දස්කම් පාමින්, මුද්‍රා කෙටීම මෙන් ඉශ්රායෙල් ජනයාගේ නාම ගල් දෙකේ කැටයම් කොට, ඒවා රන් කෙවෙණිවල බැඳිය යුතු ය.


තවද, නුඹ නඛමාණික්‍ය දෙකක් ගෙන ඉශ්රායෙල් ජනයාගේ නාම ඒවායේ කැටයම් කළ යුතු වේ.


තෙ වන පේළිය පද්මරාගයක් ද වර්ණ කාන්තියක් ද අඹතෙස් ගලක් ද


මෙසේ ඉශ්රායෙල් ජනයාගේ නාම අනුව ගල් දොළොසක් තිබිණි. මුද්‍රා කැටයම් කලාව අනුව එක් එක් ගලක ගෝත්‍ර දොළොසේ නාම එක එක බැගින් තිබිණි.


ඔහුගේ දෑත පුෂ්ටිමත් ය; ලශුණිය මැණික් ඇල්ලූ රන් මුදු පැළඳ ඇත. ඔහුගේ ගත නිල්මිණියෙන් සැරසුණු ඇත්දත් කර්මාන්තයක් වැනි ය.


ඒ චක්‍ර රන් කාන්ති මෙන් බැබළුණේ ය. ඒ සතර ම එක හා සමාන ය. හැඩයෙන් ද ක්‍රියාකාරිත්වයෙන් ද එක චක්‍රයක් තවත් චක්‍රයක් තුළ ඇතුවාක් මෙන් පෙනුණේ ය.


පස්වැන්න නඛ මාණික්‍ය ය. සවැන්න ලෝහිතංක ය. සත්වැන්න රන් කාන්ති ය. අටවැන්න වෛදූර්ය ය. නවවැන්න පුෂ්පරාග ය. දසවැන්න ගෝමේද ය. එකොළොස්වැන්න පද්ම රාග ය. දොළොස්වැන්න අඹතේස්ත ය.