ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නික්මයාම 38:17 - Sinhala New Revised Version 2018

කුලුණුවල තවු ලෝකඩයෙනුත් ඒවායේ කොකු සහ පොලු ද ඒවායේ පේකඩ වැස්ම ද රිදීයෙනුත් විය. මළුවේ කුලුණු සියල්ල රිදී පොලුවලින් යා කරන ලදී.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

කුළුණුවල තවු ලෝකඩයෙනුත් ඒවායේ කොකු සහ පොලු ද ඒවායේ පේකඩ වැස්ම ද රිදීයෙනුත් විය. මළුවේ කුළුණු සියල්ල රිදී පොලුවලින් යා කරන ලදී.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

කුළුනුවල අඩිද පිත්තලෙන් විය; කුළුනුවල කොකුද ඒවායේ පටිද රිදීයෙන් විය; ඒවායේ පේකඩ වැස්මද රිදීයෙන් විය; මළුවේ සියලු කුළුනුද රිදීයෙන් බඳිනලද්දේය.

පරිච්ඡේදය බලන්න



නික්මයාම 38:17
6 හුවමාරු යොමු  

කුලුණු මුදුන් පිට තබන්නට ඔහු ලෝකඩ පේකඩ දෙකක් වාත්තු කර සෑදී ය. එක එක පේකඩයේ උස මීටර් දෙකයි දශම දෙකකි.


ඒවායේ කුලුණු සහ තවු විස්සක් ලෝකඩයෙන් ද කණුවල වළලු සහ පොලු රිදියෙන් ද විය යුතු ය.


තවද, මළුව වටේට ම සෑදූ තිර සිහින් ව කටින ලද හණවලින් විය.


මළුවට ඇතුළු වන දොරටුවේ තිර ගෙත්තම් කොට මල් වැඩ දැමූ, නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් ද සිහින් ව කටින ලද හණවලින් ද විය. ඒවායේ දිග මීටර් නවයකි, උස මීටර් දෙකකි. ඒවා මළුවේ තිර හා සමාන විය.


මොවුන් හට පැවරෙන වගකීම පහත දක්වන ඒවා පිළිබඳ ව ය. එනම්, මණ්ඩපයේ ලෑලි ද හරස් පොලු ද කණු ද තවු ද එහි සියලු භාණ්ඩ සහ මේවා සම්බන්ධ සේවාවන්ට ගන්න සියල්ල ද


වටේට ඇති මළුවේ කණු ද ඒවායේ තවු ද ඇබ ද ලණු ද සියලු මෙහෙයයන්ට භාවිත කරන බඩු භාණ්ඩ සියල්ල ද උසුලාගෙන යා යුතු ය. තවද, එක් එක්කෙනා උසුලාගෙන යා යුතු බඩු භාණ්ඩ, නම් වශයෙන් වෙන් කොට ඔවුන්ට භාර දිය යුතු වේ.