Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




නික්මයාම 38:17 - Sinhala Revised Old Version

17 කුළුනුවල අඩිද පිත්තලෙන් විය; කුළුනුවල කොකුද ඒවායේ පටිද රිදීයෙන් විය; ඒවායේ පේකඩ වැස්මද රිදීයෙන් විය; මළුවේ සියලු කුළුනුද රිදීයෙන් බඳිනලද්දේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 කුළුණුවල තවු ලෝකඩයෙනුත් ඒවායේ කොකු සහ පොලු ද ඒවායේ පේකඩ වැස්ම ද රිදීයෙනුත් විය. මළුවේ කුළුණු සියල්ල රිදී පොලුවලින් යා කරන ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 කුලුණුවල තවු ලෝකඩයෙනුත් ඒවායේ කොකු සහ පොලු ද ඒවායේ පේකඩ වැස්ම ද රිදීයෙනුත් විය. මළුවේ කුලුණු සියල්ල රිදී පොලුවලින් යා කරන ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 38:17
6 හුවමාරු යොමු  

කුළුනු මුදුන් පිට තබන්ට ඔහු පිත්තල පේකඩ දෙකක් වාත්තුකර සෑදුවේය. එක පේකඩයක උස රියන් පහක්ය, අනික් පේකඩයේ උස රියන් පහක්ය.


ඒකේ කුළුනු විස්සක්ද ඒ කුළුනුවල අඩි විස්සක්ද පිත්තලෙන් විය යුතුය; කුළුනුවල කොකුද ඒවායේ පටිද රිදීයෙන් විය යුතුය.


වටකරින් මළුවේ සියලු තිර කටිනලද සිහින් හණ නූලින් විය.


මළුවේ දොරටුවේ කඩතුරාව නිල්, රත්නිල්, රතු නූල්වලින්ද කටිනලද සිහින් හණ නූල්වලින්ද විසිතුරු කළ වැඩක්ව තිබුණේය. මළුවේ තිරවල ප්‍රමාණයට සමාන වන ලෙස ඒකේ දිග විසි රියනක්ද පළලෙන් ඒකේ උස පස් රියනක්ද විය.


මෙරාරීගේ පුත්‍රයන්ට නියම භාරයනම් මණ්ඩපයේ ලෑලිද ඒකේ පොලුද කුළුනුද අඩිද ඒකේ සියලු උපකරණද ඒකේ මෙහෙයට ගන්නා සියල්ලද;


වටකරින් තිබෙන මළුවේ කුළුනුද ඒවායේ අඩිද ඒවායේ ඇණද ලනුද ඒවායේ සියලුම බඩුද ඒවාට අයිති සියල්ලද යන මේවාය. ඔවුන් විසින් ගෙන යා යුතු උපකරණ නම්වශයෙන් ගණන්කරදෙන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්