ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නික්මයාම 32:26 - Sinhala New Revised Version 2018

එවිට මෝසෙස් කඳවුරේ දොරටුව ළඟ සිටගෙන, “සමිඳාණන් වහන්සේගේ පැත්ත ගන්නෝ මා වෙතට පැමිණෙත් වා!”යි හඬගෑවේ ය. ලෙවීගේ සියලු පුත්‍රයෝ ඔහු වෙතට රැස් වූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට මෝසෙස් කඳවුරේ දොරටුව ළඟ සිටගෙන, “සමිඳාණන් වහන්සේගේ පැත්ත ගන්නෝ මා වෙතට පැමිණෙත් වා!”යි හඬගෑවේ ය. ලෙවීගේ සියලු පුත්‍රයෝ ඔහු වෙතට රැස් වූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එවිට මෝසෙස් කඳවුරේ දොරකඩ සිට: ස්වාමීන්වහන්සේගේ පක්ෂයට සිටින්නේ කවරෙක්ද, ඔහු මා වෙතට ඒවයි කීය. එවිට ලෙවීගේ සියලු පුත්‍රයෝ ඔහු ළඟට රැස්වූවෝය.

පරිච්ඡේදය බලන්න



නික්මයාම 32:26
8 හුවමාරු යොමු  

ජෝවාබ්ගේ සේවකයන්ගෙන් එක් කෙනෙක් අමාසා ළඟ සිට, “ජෝවාබ්ට හිතවත්, දාවිත්ට පක්ෂපාත කවුරු නමුත් ජෝවාබ් අනුව යත්වා”යි කී ය.


ඔහු කවුළුව දෙස බලා, “මාගේ පක්ෂයට සිටින්නේ කවරෙක් දැ”යි ඇසී ය. එවිට නපුංසකයන් දෙදෙනෙක් ඔහු දෙස බැලුවෝ ය.


දුදනන්ට විරුද්ධ ව මාගේ පක්ෂයට කවරෙක් සිටින්නේ ද? නපුර කරන්නන්ට විරුද්ධ ව මාගේ පක්ෂයට කවරෙක් සිටින්නේ ද?


තවද, සෙනඟ වියරු වැටී දඟලන බව මෝසෙස් දිටී ය. මන්ද, සෙනඟ සතුරන් හමුවේ අවඥාවට පත් වන පිණිස ආරොන් ඔවුන්ට රූප වන්දනා කිරීමට ඉඩ හැර තිබිණි.


මෝසෙස් ඔවුන් අමතමින්, “ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ කතා කොට, ‘සෑම කෙනෙකු ම තම කඩුව ගෙන දොරටුවෙන් දොරටුවට කඳවුර හරහා යමින්, තම සොහොයුරන් ද මිතුරන් ද අසල්වැසියන් ද මරාදමන්න’ කියා වදාරන සේකැ”යි පැවසී ය.


මට පක්ෂ නොවන්නා, මට විපක්ෂ ය; මා සමඟ රැස් කිරීමට මට උදව් නොකරන්නා, එය විසුරුවා හරියි.


ඔව්හු සිය දෙමාපියන් අමතා, ‘අපි ඔබ නුදුටිමු’යි කී හ; සිය සෝයුරන් නොපිළිගත්හ; සිය දරුදැරියන් නොදත්හ; ඔව්හු ඔබ වදන් රැක ඔබ ගිවිසුම ඉටු කළහ.


ජෝෂුවා ජෙරිකෝ නුවර ළඟ සිටිය දී, තම හිස ඔසවා බැලූ විට, තමා ඉදිරිපිට කොපුවෙන් ඇදගත් කඩුවක් ඇති මිනිසෙකු සිටිනු දුටුවේ ය. ජෝෂුවා ඔහු සමීපයට ගොස්, “ඔබ අපේ පැත්තට ද නැතහොත් අපේ විරුද්ධ කාරයන්ගේ පැත්තට දැ”යි විචාළේ ය.