දෙවියන් වහන්සේ තමන් මවා වදාළ සියලු දේ නරඹා, එය ඉතා යහපත් බව දුටු සේක. සවස ගත විය, උදය උදා විය, ඒ සය වන දවස ය.
නික්මයාම 31:17 - Sinhala New Revised Version 2018 එය මාත්, ඉශ්රායෙල් ජනයාත් අතර සදා පවතින ලකුණකි. මන්ද, සමිඳාණන් වහන්සේ වන මම දින හයක් තුළ අහස හා පොළොව ද සාදා, හත් වන දින වැඩ නවතා, නිවාඩු ගත්තෙමි’ කියා කියන්න.” Sinhala New Revised Version එය මාත්, ඉශ්රායෙල් ජනයාත් අතර සදා පවතින ලකුණකි. මන්ද, සමිඳාණන් වහන්සේ වන මම දින හයක් තුළ අහස හා පොළොව ද සාදා, හත් වන දින වැඩ නවතා, නිවාඩු ගත්තෙමි’ කියා කියන්න.” Sinhala Revised Old Version එය සදාකාලයටම මා සහ ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරේ ලකුණක්ය. මක්නිසාද ස්වාමීන්වහන්සේ අහසත් පොළොවත් සදවසකින් සාදා සත්වෙනි දින නැවතී නිවාඩුගත්සේකැයි කියන්නැයි කීසේක. |
දෙවියන් වහන්සේ තමන් මවා වදාළ සියලු දේ නරඹා, එය ඉතා යහපත් බව දුටු සේක. සවස ගත විය, උදය උදා විය, ඒ සය වන දවස ය.
මන්ද, සමිඳාණන් වහන්සේ වන මම දින හයක් තුළ අහස හා පොළොව ද, සමුද්‍රය ද, ඒවායේ ඇති සියල්ල ද සාදා, සත් වන දවස නිවාඩු ගත්තෙමි. එබැවින් උන් වහන්සේ සබත් දවසට ආශීර්වාද කොට එය විශුද්ධ කළ සේක.
“නුඹ ඉශ්රායෙල් ජනයාට මෙසේ කියන්නැ”යි වදාළ සේක: “මාගේ සබත් දවස් නුඹලා හොඳින් පිළිපැදිය යුතු යි. මන්ද, ඒවා වනාහි නුඹලා ශුද්ධවන්ත කරවන, සමිඳාණන් වහන්සේ මා බව නුඹලා දැනගනු පිණිස නුඹලාත්, මාත් අතර, නුඹලාගේ පෙළපත් තුළ පිහිටුවන ලද ලකුණකි.
එබැවින් ඉශ්රායෙල් ජනයා තමන්ගේ පෙළපත් තුළ සදාතන ගිවිසුමක් හැටියට, සබත පවත්වමින් එය පිළිපැදිය යුතු ය.
සමිඳාණෝ මෙසේ වදාරන සේක: “නුඹලා සබත් දවස ශුද්ධ ලෙස පවත්වා, ඒ දවසේ දී නුඹගේ කැමැත්ත නොකර, සමිඳුන්ගේ සබත ප්‍රිය වන ගෞරවණීය දවසක් යයි කියන්නහු නම්, ඒ දවසේ දී ගමන් බිමන් නොගොස්, ගනුදෙනු නොකර, අල්ලාප සල්ලාප නොදොඩා ඒ දවසට ගෞරව කරන්නහු නම්,
එසේ ය, ඔවුන්ට යහපත කිරීම මට ඉමහත් ප්‍රීතියක් වනු ඇත. සැබැවින් මාගේ මුළු හෘදයෙන් ද මුළු සිතින් ද මේ දේශයෙහි ඔවුන් ස්ථීර ලෙස පදිංචි කරවන්නෙමි.
තවද, මම ඔවුන් විශුද්ධ කරන සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගන්න පිණිස, මා සහ ඔවුන් අතරේ සලකුණක් ව තිබෙන්න මාගේ සබත් දවස පැවැත්වීමට සැලැස්වීමි.
මාගේ සබත් දින ශුද්ධ ලෙස පවත්වන්න; එවිට මා නුඹලාගේ දෙවි ස්වාමීන් වහන්සේ බව නුඹලා දැනගන්න පිණිස ඒවා මා සහ නුඹලා අතරේ සලකුණක් වන්නේ ය’යි වදාළෙමි.
දෙවියන් වහන්සේ සිය කටයුතුවලින් නිවාඩු ගත්තාක් මෙන්, උන් වහන්සේගේ විශ්‍රාමයට ඇතුළු වූ තැනැත්තා ද, සිය කටයුතුවලින් නිවාඩු ගන්නේ ය.