නික්මයාම 3:16 - Sinhala New Revised Version 2018 “නුඹ ගොස් ඉශ්රායෙල් ජනයාගේ ප්‍රජා මූලිකයන් රැස් කොට, ඔවුන් අමතා, ‘ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ජාකොබ්ගේ ද දෙවියන් වහන්සේ වන, ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මට දර්ශනය වී කතා කොට, මම සැබැවින් ම ඔබ වෙත පැමිණ, මිසර වාසීන් ඔබට කරන දේ දිටිමි. Sinhala New Revised Version “නුඹ ගොස් ඉශ්රායෙල් ජනයාගේ ප්‍රජා මූලිකයන් රැස් කොට, ඔවුන් අමතා, ‘ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ජාකොබ්ගේ ද දෙවියන් වහන්සේ වන, ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මට දර්ශනය වී කතා කොට, මම සැබැවින් ම ඔබ වෙත පැමිණ, මිසර වාසීන් ඔබට කරන දේ දිටිමි. Sinhala Revised Old Version නුඹ ගොස් ඉශ්‍රායෙල් වැඩිමහල්ලන් රැස්කොට: නුඹලාගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද දෙවිවූ ස්වාමීන්වහන්සේ මට පෙනී: සැබවින් මම නුඹලා බලා වදාරා මිසරයෙහිදී නුඹලාට කෙරෙන දේ දුටිමි. |
තවද, සමිඳාණන් වහන්සේ වදාළ පරිදි උන් වහන්සේ සාරාට කරුණාව දැක්වූ සේක. උන් වහන්සේ ඈට දුන් පොරොන්දුව ඉටු කළ සේක.
සමිඳාණන් වහන්සේ එයට ඉහළින් සිට, “මම වනාහි නුඹේ පියා වූ ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක්ගේ දෙවියන් වහන්සේ ද වන සමිඳාණන් වහන්සේ වෙමි. නුඹ සැතපී සිටින දේශය මම නුඹටත්, නුඹේ පෙළපතටත් දෙන්නෙමි.
මෙලෙස අත් තබා ඔහු ජෝසෙප්ට මෙසේ ආශීර්වාද කෙළේ ය: “මාගේ පියවරුන් වන ආබ්‍රහම් සහ ඊසාක්, යම් දෙවි කෙනෙකුන් අබිමුව විසුවෝ ද, ඒ දෙවියන් වහන්සේ, අද දක්වා මා මුළු ජීවිතය තුළ මා එඬේරාණන් වන ඒ දෙවියන් වහන්සේ,
ඔහු තම සොහොයුරන් අමතා, “මාගේ අවසානය ළඟ ය. දෙවියන් වහන්සේ ද සැබැවින් ම ඔබ ආරක්ෂා කොට උන් වහන්සේ ආබ්‍රහම්ට, ඊසාක්ට හා ජාකොබ්ට දිවුරා පොරොන්දු වූ රටට, මේ රටින් ඔබ ගෙන යන සේකැ”යි කී ය.
ඔබ මිනිසා ගැන සිතන්නට තරම් ඔහු කවරෙක් ද? ඔබ මිනිසා ගැන සලකන්නට තරම් ඔහුගේ අගය කුමක් දැ යි මට සිතෙන්නේ ය.
තවද, ජෝසෙප් ඉශ්රායෙල් ජනයා ප්‍රසිද්ධියේ දිවුරවා තිබුණ ප්‍රකාර මෝසෙස් තමා සමඟ ජෝසෙප්ගේ ඇටකටු ගෙන ගියේ ය. මන්ද, “දෙවියන් වහන්සේ ඔබට සැබැවින් ම ආධාර කරන සේක. එවිට ඔබ මෙතැනින් මාගේ ඇටකටු රැගෙන යා යුතු ය”යි ජෝසෙප් කියා තිබුණු බැවිනි.
එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, “ඔබ ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් සමහරෙකු ද කැටුව සෙනඟට ඉදිරියෙන් යන්න. තවද, ඔබ ගංගාවේ දියට පහර දුන් සැරයටිය ද ඔබ අත රැගෙන යා යුතු ය.
ඉන්පසු මෝසෙස්ගේ මාමණ්ඩි වන ජෙත්රෝ සමිඳාණන් වහන්සේට ඔප්පු කරන පිණිස දවන යාග පූජාවක් හා පුද පඬුරු ගෙනාවේ ය. ආරොන් ද ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් සියල්ලෝ ද මෝසෙස්ගේ මාමණ්ඩි සමඟ දෙවියන් වහන්සේ ඉදිරියෙහි භෝජනයට සහභාගි වූ හ.
එහෙත්, උන් වහන්සේ ඉශ්රායෙල් ජනයා අතර මේ නායකයන්ට අනතුරක් නොකළ සේක. ඔව්හු උන් වහන්සේ දුටු පසු ආහාර පාන අනුභව කළහ.
සමිඳාණන් වහන්සේගේ දූතයා පඳුරක් මැදින් නැඟුණු ගිනි ජාලාවක ආකාරයෙන් ඔහුට දෘශ්‍යමාන විය. ඔහු බැලූ විට පඳුර ගින්නෙන් ඇවිළී ගිය නමුත් එය නොදැවෙන බව දිටී ය.
තවදුරටත් උන් වහන්සේ කතා කරමින්, “නුඹේ පියාගේ දෙවියන් වහන්සේ මම ය, ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක්ගේ දෙවියන් වහන්සේ ද ජාකොබ්ගේ දෙවියන් වහන්සේ ද මම ය”යි වදාළ සේක. මෝසෙස් ද දෙවියන් වහන්සේගේ මුහුණ දෙස බැලීමට බිය වූ බැවින් තම මුහුණ වසාගත්තේ ය.
එවිට මෝසෙස් පිළිතුරු දෙමින්, “හොඳයි, ඔව්හු මා විශ්වාස නොකොට, මාගේ හඬට සවන් නො දී, සමිඳාණන් වහන්සේ ඔබට දර්ශනය නො වූ සේකැ’යි කීවොත් කුමක් කරන්න දැ”යි ඇසී ය.
සෙනඟ ද ඔවුන් විශ්වාස කළහ. සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනතාව බලන්නට පැමිණ, ඔවුන් විඳින දුක බලා එය තේරුම්ගත් නිසා, ඔව්හු හිස නමා නමස්කාර කළහ.
උන් වහන්සේ ද, “ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක්ගේ දෙවියන් වහන්සේ ද ජාකොබ්ගේ දෙවියන් වහන්සේ ද වන ඔවුන්ගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ නුඹට දර්ශනය වූ බව ඔවුන් විශ්වාස කරන පිණිස මෙය කරන්නැ”යි වදාළ සේක.
එකල නායක පූජකවරු ද ප්‍රජා මූලිකයෝ ද කායාපස් නම් මහා නායක පූජකවරයාගේ මන්දිරයට රැස් වී,
“ඉශ්රායෙල්හි දෙවි සමිඳාණන්, සිය සෙනඟ වෙත බලා කරුණාවෙන්, විමුක්තිය සලසා දුන් බැවින්, එතුමන් හට තුති පැසසුම් වේ වා!
ඔව්හු ඔබ ද ඔබ තුළ සිටින දරු කැල ද පොළොවේ ගසා, ගලක් පිට ගලක් තිබෙන්ට ඉඩ නාරින්නෝ ය. මන්ද, දෙවියන් වහන්සේ ඔබ ගළවන්නට පැමිණි දවස ඔබ නොදත් හෙයිනි.”
“සහෝදරයෙනි, මට සවන් දුන මැනව. දෙවියන් වහන්සේ තමන්ගේ නාමය දැරීමට විජාතීන් අතුරෙන් සෙනඟක් තෝරාගන්නා පිණිස මුල පටන් ම ක්‍රියා කළ සැටි සීමොන් කියා දුන්නේ ය.
ඔබ නපුර කරන්නෝ යයි විජාතිකයන් ඔබට විරුද්ධ ව කතා කරන නමුත්, ඔවුන් ඔබගේ යහපත් ක්‍රියා දැක විනිශ්චය දවසේ දී දෙවියන් වහන්සේට ගෞරව කරන පිණිස ඔවුන් අතර යහපත් හැසිරීමකින් කල් යවන්න.
ක්‍රිස්තුන් වහන්සේගේ දුක් විඳීමට සාක්ෂිකාරයෙකු ද එළිදරව් වන්නට තිබෙන උන් වහන්සේගේ තේජසට පංගුකාරයෙකු ද වන්නට බලාපොරොත්තුවෙන් සිටින සභා මූලිකයෙකු වන මම, ඔබ අතර සිටින සභා මූලිකයන්ගෙන් ඉල්ලීමක් කරමි:
ඉශ්රායෙල් දේශයේ අස්වැන්න සරු කිරීමෙන් තම සෙනඟට සමිඳාණන් වහන්සේ පිහිට වූ බව නයෝමිට ආරංචි විය. එහෙයින්, ඈ මෝවබ් දේශය අත්හැර තම ලේලීන් දෙදෙනා සමඟ එහි යෑමට සූදානම් වූවා ය.