ඔබ හැම ආරොන්ගේ පුත්‍රයන් වන සමිඳාණන් වහන්සේගේ පූජකයන් ද ලෙවීවරුන් ද එළවා දමා වෙන දේශවල ජාතීන් මෙන් පූජකයන් නියම කරගත්තෝ නොවන්නහු ද? මෙසේ කැප වන පිණිස ගොනෙකුත්, බැටළුවන් සත්දෙනෙකුත් රැගෙන එන කවුරු නමුත්, නමින් දෙවිවරුන් වූ අයට පූජකයෙක් වන්නේ ය.
නික්මයාම 29:1 - Sinhala New Revised Version 2018 “ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් පූජක පදවියෙහි මට සේවා කිරීමට කැප කිරීමේ දී නුඹ පිළිපැදිය යුතු පිළිවෙත මෙය වේ. කැළලක් නැති ගව නාම්බෙකු ද බැටළුවන් දෙදෙනෙකු ද ගන්න. Sinhala New Revised Version “ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් පූජක පදවියෙහි මට සේවා කිරීමට කැප කිරීමේ දී නුඹ පිළිපැදිය යුතු පිළිවෙත මෙය වේ. කැළලක් නැති ගව නාම්බෙකු ද බැටළුවන් දෙදෙනෙකු ද ගන්න. Sinhala Revised Old Version පූජක තනතුරෙහි මට මෙහෙකරන පිණිස ඔවුන් විශුද්ධකරන්ට නුඹ විසින් ඔවුන්ට කළ යුතු දේ මේය. පළුදුවක් නැති එක නාඹ ගොනෙක්ද බැටළුවන් දෙදෙනෙක්ද, |
ඔබ හැම ආරොන්ගේ පුත්‍රයන් වන සමිඳාණන් වහන්සේගේ පූජකයන් ද ලෙවීවරුන් ද එළවා දමා වෙන දේශවල ජාතීන් මෙන් පූජකයන් නියම කරගත්තෝ නොවන්නහු ද? මෙසේ කැප වන පිණිස ගොනෙකුත්, බැටළුවන් සත්දෙනෙකුත් රැගෙන එන කවුරු නමුත්, නමින් දෙවිවරුන් වූ අයට පූජකයෙක් වන්නේ ය.
නුඹලා ගන්න බැටළු පැටවා කැළැල් රහිත, අවුරුද්දක් වයසැති පිරිමි සතෙකු විය යුතු ය. තවද, බැටළුවන් හෝ එළුවන් හෝ අතරෙන් එවැනි එකෙකු තෝරාගත හැකි ය.
මන්ද, සමිඳාණන් වහන්සේ වන මම දින හයක් තුළ අහස හා පොළොව ද, සමුද්‍රය ද, ඒවායේ ඇති සියල්ල ද සාදා, සත් වන දවස නිවාඩු ගත්තෙමි. එබැවින් උන් වහන්සේ සබත් දවසට ආශීර්වාද කොට එය විශුද්ධ කළ සේක.
“මට පූජක නිලයෙහි සේවය කරන පිණිස ඉශ්රායෙල් ජනයා අතරින් නුඹේ සහෝදරයා වන ආරොන් ද ඔහු සමඟ ඔහුගේ පුත්‍රයන් වන නාදාබ් සහ අබිහු ද එලෙයාසර් සහ ඊතාමාර් ද කැඳවන්න.
ආරොන් මට පූජක සේවය කරන පිණිස ඔහු කැප කිරීමට අවශ්‍ය වස්ත්‍ර සෑදීමට මා විසින් විශේෂ හැකියාවකින් පූර්ණ කොට තිබෙන, සියලු දක්ෂ ශිල්පීන් හට නුඹ අණ කළ යුතු ය.
මේ ඇඳුම් නුඹේ සහෝදර ආරොන්ට හා ඔහුගේ පුත්‍රයන්ට පළඳවා, ඔවුන් පූජක පදවියේ මට ආවතේව කරන පිණිස, ඔවුන් ආලේප කොට, ඔවුන්ට පූජකවරය දී ඔවුන් කැප කළ යුතු ය.
පසුව පූජාසනය මත ඇති ලෙයින් ටිකක් ද ආලේප තෛලයෙන් ටිකක් ද ගෙන ආරොන් මත ද ඔහුගේ වස්ත්‍ර මත ද ඔහුගේ පුත්‍රයන් මත ද ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍ර මත ද ඉසිය යුතු ය. මෙලෙස ඔහු ද ඔහුගේ වස්ත්‍ර ද ඔහුගේ පුත්‍රයන් හා ඔවුන්ගේ වස්ත්‍ර ද ඔහු සමඟ කැප වනු ඇත.
නුඹ එය පවිත්‍ර කර අවසාන වූ විට කැළලක් නැති වස්සෙකු ද රැළෙන් කැළලක් නැති බැටළුවෙකු ද ගෙන්වා
ඉන්පසු රෝගියාගේ පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කරන පූජකවරයා රෝගියාත්, පෙර කී පඬුරුත් සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සමිඳාණන් වහන්සේ ඉදිරියට ගෙන යා යුතු ය.
ඔහු ශුද්ධස්ථානයට ඇතුළු වන විට පාප පූජාවක් සඳහා ගොන් වස්සෙකු ද දවන යාග පූජාවක් සඳහා බැටළුවෙකු ද ගෙන ආ යුතු ය.
“ආලේප ලත් පූජකවරයා සෙනඟ පිට වරද පමුණුවමින් පව් කෙළේ නම්, තමා කළ පාපය සඳහා පාප පූජාවක් වශයෙන් නොකැළැල් ගොන් වස්සෙකු සමිඳාණන් වහන්සේ වෙත ගෙනා යුතු ය.
ඔහු, සමිඳාණන් වහන්සේට වන්දි ගෙවීමේ පූජාව වශයෙන්, රැළෙන් නොකැළැල් බැටළුවෙකු ද පූජකවරයා වෙත ගෙනා යුතු ය. ඌ තක්සේරු කළ යුත්තේ ගෙවිය යුතු වන්දිය අනුව ය.
ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් පූජක නිල තනතුරේ සමිඳාණන් වහන්සේට සේවය කරනු පිණිස ඉදිරිපත් කොට, ඔවුන් ආලේප කළ දවසේ දී ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පුදන පූජාවලින් ඔවුන්ට හිමි කොටස මෙය වේ.
ඔහු ආරොන්ට කතා කොට, “පාප පූජාවක් සඳහා නොකැළැල් ගොන් වස්සෙකු ද දවන යාග පූජාවක් සඳහා නොකැළැල් බැටළුවෙකු ද ගෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔප්පු කරන්න.
එහෙයින් මෙසේ යාච්ඤා කරන්න: ‘ස්වර්ගයෙහි වැඩ වසන අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේ වා,
අපට යෝග්‍ය වන්නෙත් එබඳු ධාර්මික, නිර්දෝෂ, නිර්මල, පව්කාරයන්ගෙන් වෙන් වූ, අහස් මඬල ඉක්මවා වැජඹෙන උත්තම පූජකයෙක් ම ය.
කැළලක් වත් පලුද්දක් වත් නැති බැටළු පැටවකුගේ ලේ වැනි ක්‍රිස්තුන් වහන්සේගේ අගනා ලෙය කරණකොටගෙන බව ඔබ දන්නහු ය.