Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 22:20 - Sinhala New Revised Version 2018

20 යම් කිසි කැළලක් ඇති සතෙකු ඔප්පු නොකළ යුතු ය. එසේ කළොත්, එය බාරගනු නොලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 යම් කිසි කැළලක් ඇති සතෙකු ඔප්පු නොකළ යුතු ය. එසේ කළොත්, එය බාරගනු නොලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 කැලලක් ඇති එකෙකු ඔප්පුනොකරන්න. මක්නිසාද එය නුඹලා උදෙසා පිළිගනු නොලබන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 22:20
14 හුවමාරු යොමු  

“කැළලක් හෝ විරූපී ලකුණක් හෝ ඇති ගොනෙකු හෝ බැටළුවෙකු හෝ දෙවි සමිඳාණන් වහන්සේට පූජා නොකළ යුතු ය. එවැන්නක් උන් වහන්සේට පිළිකුලකි.


‘මට පූජා කරන පිණිස නුඹලා අන්ධ සතෙකු ගෙන ඒම හරි ද? කොර සතෙකු හෝ ලෙඩ සතෙකු හෝ ඔප්පු කිරීම හරි ද? එවැනි සතෙකු නුඹලාගේ ආණ්ඩුකාරයාට දී බලන්න. ඔහු ඒ ගැන ප්‍රසන්න වෙයි ද? නුඹලාට උදව් උපකාර දෙයි දැ”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.


සතාගේ කැළලක් තිබේ නම්, ඌ කොර නම්, අන්ධ නම්, අන්කිසි නරක කැළලක් තිබේ නම්, ඒ සතා ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පූජා නොකළ යුතු ය.


කැළලක් වත් පලුද්දක් වත් නැති බැටළු පැටවකුගේ ලේ වැනි ක්‍රිස්තුන් වහන්සේගේ අගනා ලෙය කරණකොටගෙන බව ඔබ දන්නහු ය.


එසේ නම්, ජීවමාන දෙවියන් වහන්සේට සේවය කරන පිණිස ඔබගේ හෘදය සාක්ෂිය නිෂ්ඵල ක්‍රියාවලින් පිරිසිදු කරනු ලැබීම, සදාතන ආත්මයාණන් මඟින් තමන් ම කැළලක් නැති ව දෙවියන් වහන්සේට පූජා වූ, ක්‍රිස්තුන් වහන්සේගේ ලේ කරණකොටගෙන, ඊටත් ඉතා වැඩියෙන් පිරිසිදු නොවන්නේ ද?


“මෙවැනි සතෙකු නුඹ විදේශිකයෙකුගේ අතින් වත් ගෙන, ආහාර පූජාවක් වශයෙන් සමිඳාණන් වහන්සේට ඔප්පු නොකළ යුතු ය. එවැනි ශාරීරික දෝෂ, කැළැල් වන බැවින් නුඹ උදෙසා උන් නොපිළිගනු ලැබේ.”


ඔහුගේ පූජාව ගව පට්ටියෙන් ගත් දවන යාග පූජාවක් නම්, ඔහු නොකැළැල් පිරිමි සතෙකු ඔප්පු කළ යුතු ය. තවද, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගනු ලබන පිණිස ඔහු සම්මුඛ මණ්ඩපයේ දොරකඩ දී ඌ පිදිය යුතු ය.


“සහභාගිකමේ පූජාවක් වනු පිණිස යමෙකුගේ පූජාව ගව පට්ටියෙන් ගන්නේ නම්, එම සතා ගොනෙකු හෝ එළදෙනක වූවත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පූජා කළ යුත්තේ නොකැළැල් සතෙක් ය.


“සමිඳාණන් වහන්සේට පුදන සහභාගිකමේ පූජාව පිණිස යමෙක් තම පූජාව එළු බැටළු රැළෙන් ගන්නේ නම්, ඔහු එය සඳහා නොකැළැල් පිරිමි සතෙකු හෝ ගැහැණු සතෙකු හෝ ඔප්පු කළ යුතු ය.


“ස්වාමීන් වන මා පහත දක්වන ව්‍යවස්ථානුකූල නීතිය පණවා ඇති බැවින් ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙය කියන්න. ‘ඔවුන් ලප හෝ කැළැල් හෝ නැති, වියගහ නොදැරූ රතු වැස්සියක නුඹ වෙත ගෙනා යුතු ය.


එහෙත් එදින නුඹලා සුමිහිරි සුවඳක් සේ සමිඳාණන් වහන්සේ වෙත නඟින දවන යාග පූජාවක් උන් වහන්සේට ඔප්පු කළ යුතු ය. ඒ පූජාව නම්, කැළැල් නැති එක ගොන් වස්සෙක් ද, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවු හත්දෙනෙක් ද වෙති.


“මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: පළමු වන මාසයේ පළමු වන දා කැළලක් නැති ගොන් වස්සෙකු රැගෙන ශුද්ධස්ථානයේ දෝෂ පහකරන්න.


තුවාළ වුණු හෝ තැළුණු හෝ කැඩුණු හෝ කැපූ හෝ අණ්ඩ ඇති සතෙකු සමිඳාණන් වහන්සේට ඔප්පු නොකළ යුතු ය. මෙවැන්නක් කිරීමට නුඹේ රටේ අවසර නොදෙනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්