නික්මයාම 27:9 - Sinhala New Revised Version 2018 “නුඹ මණ්ඩපය සඳහා මළුව ද තැනිය යුතු යි. දකුණු දෙසට මූණ ලා, මළුවේ දකුණු පැත්තට, එක පැත්තක් මීටර් හතළිස්හතරක් දිග, සිහින් ව කටින ලද හණ පිළියෙන් තිර සෑදිය යුතු යි. Sinhala New Revised Version “නුඹ මණ්ඩපය සඳහා මළුව ද තැනිය යුතු යි. දකුණු දෙසට මූණ ලා, මළුවේ දකුණු පැත්තට, එක පැත්තක් මීටර් හතළිස්හතරක් දිග, සිහින් ව කටින ලද හණ පිළියෙන් තිර සෑදිය යුතු යි. Sinhala Revised Old Version මණ්ඩපයේ මළුවද සාදන්න. දකුණු පැත්තේ දකුණු දෙසට කටිනලද සිහින් හණ නූලින් කළ එක පැත්තට රියන් සියයක් දික්වූ තිර මළුවට විය යුතුය. |
එම දවසේ රජ තෙම සමිඳාණන් වහන්සේගේ මාලිගාව ඉදිරිපිට තිබෙන මළුවේ ඇතුළු කොටස විශුද්ධ කෙළේ ය. මන්ද, ඔහු දවන යාග පූජාව ද ආහාර පූජාව ද සහභාගිකමේ පූජාවල තෙල් ද එහි ඔප්පු කළ බැවිනි. එසේ කෙළේ, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තිබෙන ලෝකඩ පූජාසනය දවන යාග පූජාව ද ආහාර පූජාව ද සහභාගිකමේ පූජාවල තෙල් ද දැරීමට ඉඩ මදි වූ නිසා ය.
මෙසේ ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මණ්ඩප දෙකේ ග්‍රහතාරකාවන් සියල්ලට පූජාසන ගොඩනැඟුවේ ය.
තුති පුදා, එතුමාණන්ගේ වාසල් දොරටුවලට ද තුති ගී ගය ගයා, එතුමාණන්ගේ මන්දිරවලට ද ඇතුළු වන්න.
සමිඳුන්ගේ මාලිගාවේ මළුවල දීත්, එම්බා ජෙරුසලම! තී මධ්‍යයෙහි දීත් එසේ කරන්නෙමි. සමිඳුන්ට ප්‍රශංසා කරන්න.
ඔබේ මණ්ඩපයෙහි එක් දිනක් සිටීම අන් තැනක දින දහසකට වඩා කොපමණ වාසනාවන්ත ද? දුදනන්ගේ නිවෙස්වල ජීවත් වීමට වඩා මාගේ දෙවිඳුන්ගේ නිවෙසෙහි දොරටුව ළඟ සිටීමට මම කැමැත්තෙමි.
පළමුවෙන් යා කළ තිර පහේ අන්තිම තිරයේ වාටියේ මුදු පණහක් ද අනිත් තිරවල අන්තිම තිරයේ වාටියේ මුදු පණහක් ද සවි කෙළේ ය.
මළුවේ තිර හා කුලුණු ද ඒවායේ තවු ද මළුවේ දොරටුවට සැදූ කඩතුරාව ද එහි ලණු හා කූඤ්ඤ ද මණ්ඩපයේ හා සම්මුඛ මණ්ඩපයේ සේවාවන් සඳහා වූ උපකරණ සියල්ල ද
ඉන්පසු ඔහු සම්මුඛ මණ්ඩපය හා පූජාසනය වට කර මළුව තනා, මළුවේ දොරකඩ කඩතුරාව එල්ලී ය. මෙලෙස මෝසෙස් කර්මාන්ත සියල්ල නිම කෙළේ ය.
එවිට ඔහු පිට මළුවට මා ගෙනාවේ ය. ඒ මළුවේ කාමර සහ ඒවා වටකර ගල් ඇල්ලූ වේදිකාවක් තිබුණේ ය. ඒ ගල් බිම පිට කාමර තිහක් තිබුණේ ය.
ඔහු මා ඉදිරියෙන් උතුරට ගමන් ගත්තේ ය. එහි උතුරු දෙසට හැරුණු දොරටුවක් තිබිණි. උතුරට තිබුණු පිට මළුවේ දොරටුවේ දිගත් පළලත් ඔහු මැන්නේ ය.
නැගෙනහිරට මෙන් ම උතුරු දොරටුවට ඉදිරිපිටින් ඇතුළු මළුවට දොරටුවක් තිබුණේ ය. ඔහු දොරටුවෙන් දොරටුවට මැන්නේ ය. එය මීටර් පණහක් විය.
ඔහු දකුණු දොරටුවෙන් ඇතුළු මළුවට මා පැමිණවී ය. ඔහු දකුණු දොරටුව මැන්නේ ය. දකුණු දොරටුව පෙර දොරටුව ප්‍රමාණයට තිබිණි.
එවිට නැගෙනහිර මාර්ගයෙන් ඔහු ඇතුළු මළුවට මා පමුණුවා දොරටුව මැන්නේ ය. එය ද පෙර දොරටුවල ප්‍රමාණයට තිබිණි.
ඉක්බිති ඔහු මා පිටතින් ඇතුළු මළුවට කැඳෙව්වේ ය; ඇතුළු දොරටුවට පිටතින් උතුරු දිග දොර ළඟ ඇතුළු මළුවේ ගී ගයන්නන්ගේ කාමර දෙකක් තිබුණේ ය. ඒවා එකක් දකුණු දෙසට විය. අනික පෙරදිග දොර ළඟ උතුරු දිගට විය.
ඇතුළු මළුවේ මීටර් දහයකට ඉදිරිපිටත්, පිට මළුවේ ගල් බිම ඉදිරිපිටත් නවාතැන් ශාලාවක් බැගින් මහල් තුනක් තිබිණි.
මළුවේ තිර ද මණ්ඩපයට සම්බන්ධ පූජාසනය වටේට වූ මළුවේ දොරට දැමූ තිරය ද මේවා සම්බන්ධ සියලු සේවාවන්ට අවශ්‍ය ලණු ද වේ.
මළුවේ තිර ද, මණ්ඩපය සහ පූජාසනය වටේට ඇති මළුවේ දොරටුවට යොදා තිබෙන කඩතුරාව ද, ඒවායේ ලණු ද, ඒවායේ මෙහෙයට භාවිත කරන සියලු බඩු භාණ්ඩ සහ අනිකුත් සියල්ල ද උසුලාගෙන යා යුතු ය.
වටේට ඇති මළුවේ කණු ද ඒවායේ තවු ද ඇබ ද ලණු ද සියලු මෙහෙයයන්ට භාවිත කරන බඩු භාණ්ඩ සියල්ල ද උසුලාගෙන යා යුතු ය. තවද, එක් එක්කෙනා උසුලාගෙන යා යුතු බඩු භාණ්ඩ, නම් වශයෙන් වෙන් කොට ඔවුන්ට භාර දිය යුතු වේ.