පළමු වන ලෑල්ලේ කුඩිම්බි දෙක දැමීමට තවු දෙකක් ද, දෙ වන ලෑල්ලේ කුඩිම්බි දෙක දැමීමට තවු දෙකක් ද බැගින් ලෑලි විස්ස යට රිදී තවු හතළිහක් සෑදිය යුතු වේ.
නික්මයාම 26:25 - Sinhala New Revised Version 2018 මෙසේ එක එක ලෑල්ලට තවු දෙක බැගින් රිදී තවු දහසයක් සහිත ලෑලි අටක් ඇති වේ. Sinhala New Revised Version මෙසේ එක එක ලෑල්ලට තවු දෙක බැගින් රිදී තවු දහසයක් සහිත ලෑලි අටක් ඇති වේ. Sinhala Revised Old Version ලෑලි අටක්ද එක ලෑල්ලක් යට අඩි දෙකක් සහ තවත් ලෑල්ලක් යට අඩි දෙකක්ද බැගින් රිදීයෙන් අඩි සොළොසක් වන්නේය. |
පළමු වන ලෑල්ලේ කුඩිම්බි දෙක දැමීමට තවු දෙකක් ද, දෙ වන ලෑල්ලේ කුඩිම්බි දෙක දැමීමට තවු දෙකක් ද බැගින් ලෑලි විස්ස යට රිදී තවු හතළිහක් සෑදිය යුතු වේ.
මේ ලෑලි ඒවායේ පහත කොටස්වල සිට මුදුනේ පළමු වන වළල්ල දක්වා යා කළ යුතු ය. කොන් දෙකේ තබන ලෑලි දෙකට ද එලෙස කළ යුතු ය.
“තවද, මණ්ඩපයේ එක පැත්තක තිබෙන ලෑලිවලට ෂිටිම් ලීවලින් හරස් පොලු පහක් ද සෑදිය යුතු යි.
ශුද්ධස්ථානයේ හා තිරවල තවු සඳහා, එනම් තවු එකකට කිලෝග්‍රෑම් තිස්හතර බැගින් තවු සියයකට රිදී කිලෝග්‍රෑම් තුන්දාස් හාරසිය තිහක් පාවිච්චි කරන ලදී.