ජෙහෝවාෂ් පූජකයන්ට කතා කොට, “සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගෙනෙන ලද කැප කළ දේවල මිල සියල්ල ද එනම්, එක් එක්කෙනා ගෙවිය යුතු මුදල් ද එක් එක්කෙනා තම තමාගේ කැමැත්තෙන් සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගෙනෙන යාග පූජා මුදල් ද,
නික්මයාම 25:1 - Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, මෙසේ වදාළ සේක: Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, මෙසේ වදාළ සේක: Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: |
ජෙහෝවාෂ් පූජකයන්ට කතා කොට, “සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගෙනෙන ලද කැප කළ දේවල මිල සියල්ල ද එනම්, එක් එක්කෙනා ගෙවිය යුතු මුදල් ද එක් එක්කෙනා තම තමාගේ කැමැත්තෙන් සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගෙනෙන යාග පූජා මුදල් ද,
මෝසෙස් ද වලාකුළ මැදට ගොස් කන්දට නැංගේ ය. ඔහු දවල් හතළිහක් හා රාත්‍රි හතළිහක් කන්දෙහි සිටියේ ය.
“මට පඬුරක් ගෙනෙන ලෙස ඉශ්රායෙල් ජනයාට කියන්න. සිය කැමැත්තෙන් ම දෙන සෑම දෙනාගෙන් ම නුඹ ඒ පඬුරු ගත යුතු ය.
මෝසෙස් මුළු ඉශ්රායෙල් ජනතාව කැඳවා, ඔවුන්ට කතා කොට මෙසේ කීවේ ය: “ඔබ විසින් කළ යුතු සමිඳාණන් වහන්සේ අණ කළ කරුණු මේවා ය:
නැවතත් මෝසෙස් මුළු ඉශ්රායෙල් ජනතාව අමතමින් මෙසේ කීවේ ය: “සමිඳාණන් වහන්සේ අණ කළ දේ මේ ය:
ඔබ සතු දෙයින් සමිඳාණන් වහන්සේට පඬුරක් වෙන් කළ යුතු ය. එසේ කිරීමට කැමැති සෑම කෙනෙකු ම තම පඬුර සමිඳාණන් වහන්සේ වෙත ගෙනා යුතු ය. එය රන්, රිදී, ලෝකඩ ද
මෙලෙස ජනතාවගේ සම්මුඛ මණ්ඩපයේ වැඩ සියල්ල නිම කරන ලදී. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ම ඉශ්රායෙල් ජනයා සියල්ල කළහ.
ඉන්පසු ඔව්හු මෝසෙස් වෙත මණ්ඩපය ද කූඩාරම හා එහි බඩු බාහිරාදිය සියල්ල ද කොකු හා ලෑලි ද හරස් ලී හා කුලුණු ද ඒවායේ තවු ද
“සම්මුඛ මණ්ඩපයේ සේවාව සඳහා ඔවුන්ගෙන් මේවා භාරගන්න. තවද, ලෙවීවරුන් අතර එක් එක්කෙනාට තමන් කළ යුතු සේවාව අනුව ඔවුන්ට මේවා දිය යුතු ය”යි වදාළ සේක.