ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නික්මයාම 22:5 - Sinhala New Revised Version 2018

“යමෙක් කුඹුරක හෝ මිදි වත්තක හෝ තමාගේ මෘගයාට කන්න ඉඩ හරින්නේ නම්, එසේ නැත්නම් ඌ ලිහා දමා තිබිය දී ඌ වෙන අයෙකුගේ කෙතක කන්නේ නම්, ඔහු තමාගේ කුඹුරින් හා මිදි වත්තෙන් ඉස්තරම් කොටසින් අලාභය ගෙවිය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“යමෙක් කුඹුරක හෝ මිදි වත්තක හෝ තමාගේ මෘගයාට කන්න ඉඩ හරින්නේ නම්, එසේ නැත්නම් ඌ ලිහා දමා තිබිය දී ඌ වෙන අයෙකුගේ කෙතක කන්නේ නම්, ඔහු තමාගේ කුඹුරින් හා මිදි වත්තෙන් ඉස්තරම් කොටසින් අලාභය ගෙවිය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මනුෂ්‍යයෙක් තමාගේ මෘගයා වෙන කෙනෙකුගේ කෙතෙහි කැවුවොත්, ඌ ලිහා අරිනු ලැබ කෙතක හෝ මිදිවත්තක හෝ කෑවොත්, තමාගේම කෙතේද මිදිවත්තේද හොඳ කොටසෙන් ඔහු විසින් අලාභය ගෙවිය යුතුය.

පරිච්ඡේදය බලන්න



නික්මයාම 22:5
7 හුවමාරු යොමු  

ඔහු වැර වීරියෙන් ලබාගත් දේ භුක්ති නොවිඳ ඒවා ආපසු දෙන්නේ ය. ඔහු තම වැඩ කටයුතුවලින් ලබා ගත් ප්‍රතිඵලවල රස නොවිඳින්නේ ය.


වළ අයිතිකරු අලාභය ගෙවමින් උන්ගේ අයිතිකරුට මුදල් දිය යුතු ය. එහෙත් මළ සතා ඔහුට අයිති වෙත්.


එහෙත්, ඔහුගේ මෘගයා සොරකම් කරනු ලැබුවේ නම් ඔහු අසල්වැසියාට අලාභය ගෙවිය යුතුයි.


“ගින්නක් හටගෙන, කටු පඳුරුවලට ඇවිළී ගොයම් කොළ හෝ නොකැපු ගොයම හෝ කුඹුර හෝ එයින් දැවී ගියහොත් ගින්න ගැන වගකිවයුතු තැනැත්තා සම්පූර්ණ අලාභය ගෙවිය යුතු ය.


ඇත්තට ම ඔබ නම් අපට කිරි සහ මී පැණි ඉතිරෙන රටකට අප නොගෙනාවෙහි ය. කෙත් සහ මිදි වතු අපට උරුම කොට නුදුන්නෙහි ය. මේ මිනිසුන්ට යථා තත්ත්වය නොපෙනේ ය කියා ඔබ හිතන්නෙහි ද? අපි නම් නොඑන්නෙමු”යි කීවෝ ය.