ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නික්මයාම 21:36 - Sinhala New Revised Version 2018

එහෙත්, කලින් පවා ඒ ගොනා අනින්න පුරුදු එකෙක් නම්, ඌ අයිතිකරු ගොනා කොටු නොකර තැබුවේ නම්, ඔහු වන්දි වශයෙන් ගොනා වෙනුවට ගොනෙකු දිය යුතුයි. එහෙත්, මළ සතා ඔහුට අයිති වේ.”

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහෙත්, කලින් පවා ඒ ගොනා අනින්න පුරුදු එකෙක් නම්, ඌ අයිතිකරු ගොනා කොටු නොකර තැබුවේ නම්, ඔහු වන්දි වශයෙන් ගොනා වෙනුවට ගොනෙකු දිය යුතුයි. එහෙත්, මළ සතා ඔහුට අයිති වේ.”

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නොහොත් ඒ ගවයා ඉස්සර සිට අනින බව උගේ අයිතිකාරයා දැනගන ඌ ප්‍රවේසම්කර නොතැබුවේ නම් ඔහු විසින් ගවයා වෙනුවට ගවයෙක් දියයුතුය, මළ සතාද ඔහුට වන්නේය.

පරිච්ඡේදය බලන්න



නික්මයාම 21:36
4 හුවමාරු යොමු  

එහෙත්, ගොනා කලින් පවා අනින්ට පුරුදු එකෙක් නම්, තවද ඒ බව උගේ අයිතිකරුට දන්වා තිබුණ නමුත් ඔහු ඌ කොටු කර නොතැබීම නිසා යම් පුරුෂයෙකු හෝ ස්ත්‍රියක හෝ මැරුවේ නම් ගොනාට ගල් ගසා මැරිය යුතු ය. උගේ අයිතිකරු ද මරනු ලැබිය යුතු ය.


යමෙකුගේ ගොනෙකු වෙන අයෙකුගේ ගොනෙකුට ඇන මැරුවහොත්, පණ පිටින් සිටින ගොනා විකුණා ඒ මුදල ඔවුන් තමන් අතර බෙදාගත යුතු ය. මළ සතාගේ මස් ද බෙදාගත යුතු ය.


“යමෙක් ගොනෙකු හෝ බැටළුවෙකු හෝ සොරකම් කොට ඌ මරන්නේ ද නැත්නම් ඌ විකුණන්නේ ද එවිට ඔහු ගොනෙකු වෙනුවට ගොනුන් පස්දෙනෙකු බැගින් ද, බැටළුවෙකු වෙනුවට බැටළුවන් හතරදෙනෙකු බැගින් ද වන්දි ගෙවිය යුතු ය.


යමෙකු මෘගයෙකු මැරුවොත්, මෘගයා වෙනුවට, වන්දි වශයෙන් මෘගයෙකු ගෙවිය යුතු ය.