මේ නිවස කෙරෙහි ඔහුට මෙන් ම මට ද පාලන බලය ඇත. ඔබ ඔහුගේ භාර්යාව නිසා ඔබ හැරෙන්නට, අන් සියල්ල ම මට බාර දී ඇත. එසේ නම් මම මෙ වැනි මහා දුෂ්ට ක්‍රියාවක් කොට, දෙවියන් වහන්සේට විරුද්ධ ව කෙසේ පව් කරම් දැ”යි ඇසී ය.
නික්මයාම 20:14 - Sinhala New Revised Version 2018 “කාමමිථ්‍යාචාරය නොකරව. Sinhala New Revised Version “කාමමිථ්‍යාචාරය නොකරව. Sinhala Revised Old Version කාමමිථ්‍යාචාරය නොකරව. |
මේ නිවස කෙරෙහි ඔහුට මෙන් ම මට ද පාලන බලය ඇත. ඔබ ඔහුගේ භාර්යාව නිසා ඔබ හැරෙන්නට, අන් සියල්ල ම මට බාර දී ඇත. එසේ නම් මම මෙ වැනි මහා දුෂ්ට ක්‍රියාවක් කොට, දෙවියන් වහන්සේට විරුද්ධ ව කෙසේ පව් කරම් දැ”යි ඇසී ය.
වැලපීමේ කාලය නිම වූ විට දාවිත් තමාගේ නිවෙසට ඈ ගෙන්වා ගත්තේ ය. ඔහු ඈ සරණ පාවාගත්තේ ය. ඈ දාවිත්ට දාව පුත්‍රයෙකු ලැබුවා ය. එහෙත්, දාවිත් කළ ක්‍රියාව ගැන සමිඳාණන් වහන්සේ ඉතා අප්‍රසන්න වූ සේක.
එක ම දෙවියන් වහන්සේ ඔබ, ඔබේ භාර්යාව හා ඒකාබද්ධ නොකළ සේක් ද? එසේ කෙළේ, දෙවියන් වහන්සේගේ සැබෑ සෙනඟ වන දරුවන් අපට ඇති කරන පිණිස ය. ඒ නිසා ප්‍රවේසම් වන්න. කිසිවෙක් තමා තරුණ වියේ විවාහ කරගත් භාර්යාවට දුන් පොරොන්දු කඩ නොකෙරේ වා!
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම විනිශ්චය පිණිස නුඹලා ළඟට අවුත්, මන්ත්‍රකාරයන්ට ද කාමමිථ්‍යාචාරිකයන්ට ද බොරු සාක්ෂි දෙන්නන්ට ද කුලීකරුවන්ට පීඩා කරන්නන්ට ද වැන්දඹුවන්ට, අනාථයන්ට හා විදේශිකයන්ට අයුතු දේ කරන්නන්ට ද මට ගරුබිය නොදක්වන්නන්ට ද විරුද්ධ ව විගසින් සාක්ෂි දෙන්නෙමි.”
“ඉශ්රායෙල් ජනයා අමතා ඔවුන්ට මෙසේ කියන්න: ‘යම් මිනිසෙකුගේ බිරිඳක පිට වී ගොස්, තම සැමියාට විරුද්ධ ව වැරැද්දක් කරමින්
“කොයි ආඥා දැ”යි ඔහු උන් වහන්සේගෙන් ඇසී ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මිනී නොමරන්න; කාමමිථ්‍යාචාරය නොකරන්න; සොරකම් නොකරන්න; බොරු සාක්ෂි නොකියන්න;
මන්ද, “කාමමිථ්‍යාචාරය නොකරන්න, මිනී නොමරන්න, සොරකම් නොකරන්න, ලෝභ නොවන්න” යන ආඥා ද තවත් අමතර ආඥා ඇත්නම් ඒවා ද, “නුඹ නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න” යන පාඨයෙහි සම්පිණ්ඩනය වී ඇත.
විවාහය සියල්ලන් අතර ගෞරවණීය ව ද විවාහ බැම්ම නොකැළැල් ව ද පවතී වා. මන්ද, අවකල්ක්‍රියා කරන්නන් ද කාමමිථ්‍යාචාරිකයන් ද දේව විනිශ්චයට ලක් වනු ඇත.
“කාමමිථ්‍යාචාරය නොකරව”යි වදාළ තැනැන් වහන්සේ ම, “මිනී නොමරන්න” කියාත් කී සේක. ඉදින් ඔබ කාමමිථ්‍යාචාරය නොකළත්, මිනී මරන්නෙහි නම්, ව්‍යවස්ථාව කඩ කරන්නෙක් වන්නෙහි ය.
අවිශ්වාසී ජනයෙනි, ලෝකය සමඟ මිතුරුකම, දෙවිඳුන් සමඟ සතුරුකම බව ඔබ දන්නේ නැද් ද? එබැවින් කවරෙක් වුවත් ලෝකය හා මිත්‍ර වන්නට කැමැත්තේ නම්, ඔහු දෙවිඳුන්ට සතුරෙක් වන්නේ ය.
එහෙත් බියසුල්ලෝ ද අවිශ්වාසිකයෝ ද දුරාචාරීහු ද මිනී මරන්නෝ ද කාමමිථ්‍යාචාරීහු ද අනවින කරන්නෝ ද රූප වඳින්නෝ ද සියලු ආකාර මුසාවාදීහු ද ගින්නෙන් හා ගෙන්දගමින් දැවෙන විලෙහි තමන්ගේ විපාකය ලබන්නෝ ය. එය දෙ වන මරණය”යි මට වදාළ සේක.