ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නික්මයාම 2:19 - Sinhala New Revised Version 2018

ඔව්හු උත්තර දෙමින්, “මිසර වැසියෙක් එඬේරුන් අතින් අප බේරාගත්තේ ය. එපමණක් නොව, අපට වතුර ඇද දී, බැටළුවන්ටත් පෙවී ය”යි කී හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔව්හු උත්තර දෙමින්, “මිසර වැසියෙක් එඬේරුන් අතින් අප බේරාගත්තේ ය. එපමණක් නොව, අපට වතුර ඇද දී, බැටළුවන්ටත් පෙවී ය”යි කී හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔව්හුද: මිසරයේ මනුෂ්‍යයෙක් එඬේරුන්ගේ අතින් අප ගැළෙවුවේය. ඒ ඇර අපට වතුරත් ඇද දී සිව්පාවුන්ට පෙවුවේයයි කීවෝය.

පරිච්ඡේදය බලන්න



නික්මයාම 2:19
4 හුවමාරු යොමු  

ජාකොබ් තම මාමා වන ලාබන්ගේ දුව වන රාකෙල් ද තම මාමාගේ බැටළුවන් ද දුටු විට, ඔහු ළං වී, ළිං කටින් ගල අහකට පෙරළා, තම මාමාගේ බැටළුවන්ට වතුර බොන්න දුන්නේ ය.


එම දේශයේ වැසියන් වූ කානානිවරු අතාද් කමතේ පැවැත්වූ අවමංගල කෘත්‍යය දැක, “මෙය මිසර වැසියන්ගේ ප්‍රසිද්ධ අවමංගල පිළිවෙතක් ය” කියා ජොර්දානෙන් එතෙර වූ එම ස්ථානයට ආබෙල්-මිශ්‍රායිම් යන නාමය තැබුවෝ ය.


තවද, ඒ දූවරුන් තම පියා වන රූවෙල් වෙත පැමිණි විට, ඔහු කතා කරමින්, “අද නුඹලා මෙතරම් ඉක්මනින් ආපසු ආවේ කෙසේ දැ”යි ඇසී ය.


එවිට ඔහු තම දූවරුන් අමතමින්, “ඒ මිනිසා කොහේ ද? නුඹලා ඔහු හැරදමා ආවේ මන් ද? කෑම කන පිණිස ඔහු කැඳවන්නැ”යි කීවේ ය.